අපි රට බංකොලොත් වෙන එක නැවැත්තුවා.. දැන් ආර්ථිකය ස්ථාවරයි..- අගමැති

August 20, 2018 at 11:20 am | lanka C news
අපි රට බංකොලොත් වෙන එක නැවැත්තුවා.. දැන් ආර්ථිකය ස්ථාවරයි..- අගමැති

ආණ්ඩුව බදු වැඩි කිරීම හේතුවෙන් ජනතාවගේ දෝශාරෝපනයට ලක්වුවද මේ වන විට රටේ ආර්ථිකය ස්ථාවර කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කලේ යහපාලන ආණ්ඩුවට වසර තුනක් සැපිරීම සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වසර විසිපහක් (25) සැපිරීම නිමිත්තෙන් “රජත උදාන” ප්‍රතිලාභී පවුල් දහසක් (1000) සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහනට උරුබොක්ක නගරයේ පැවති උත්සවයකදීය.

වැඩි දුරටත් ජනතාව ඇමතු ඒ මහතා,

‘මේක වැඩ කරන ආණ්ඩුවක්.අපි  වැඩ කරනවා.අපි බිම වැඩ කරන්නේ..අපි රුපවාහිනියේ වැඩ කරන්නේ නැහැ.රුපවාහිනිය අපට එහෙම අවස්ථා දෙන්නෙත් නැහනේ.මහා රජානෝ හිටියනම් එන්න බලන්න මේ දවස්වල මෙහ්චර වැඩ කරනවා කියලා.එත් අපි එක කරන්නේ නැහැ.මං අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ළඟ තිබුණු අමාත්‍යාංශයක් ගැන කියන්නම්.මහා මාර්ග අමාත්‍යංශය.

අපි බලයට පත් වුනාට පස්සේ එයා අත්පත් කරගත් ඉඩම්වල වන්දි දැනට ගෙවලා තියෙනවා මිලියන හතලිස දහසක් (40000).නගර පනස් පහක (55) මාර්ග දියුණු කරන්න විසි අටක් (28) බලෙන් කළා.

මේ පව් අපිට ගෙවන්න වෙලා තියෙනවා.ඔබ සියලු දෙනාටම.කුලියාපිටියේ ඉඩම් ගත්තා වෙන එකක් තියා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉඩම් අරගෙන තාම ගෙවලා නෑ.

දෙදෙහස් පහලවේ (2015) අපි බලය ගත්තම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආණ්ඩුවක් හැදුවම කොහොමහරි ආර්ථිකය කඩා වැටෙන එක නැවැත්තුවා.රට බංකොලොත් වෙන එක නැවැත්තුවා.

අපේ ණය ගෙවන්න අපිට වියදම් සීමා කරන්න සිද්ද වුනා.අපි වැටී වැඩි කළා.වැටී වැඩිකරලා ඔයගොල්ලන්ගෙන් බැනුම් ඇහුවා.

මේකටද චන්දෙ දුන්නේ කියලා ඇහුවා.ප්‍රාදේශීය සභාවෙන් අපි පරාජය කළා.ඒ ඔක්කොටම මුහුණ දීලා මම එකක් කියන්න කැමතියි අද අපේ ආර්ථිකය ස්ථාවරයි.අද අපේ ණය ගෙවන්න පුළුවන් අපිට.අපි අද ඉදිරියට යනවා කියලා භය නැතිව මට මෙතන ප්‍රකාශ කරන්න පුළුවන්.

 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග අපි අැති කරපු ආණ්ඩුවේ තුන්වැනි වසර පිරීම නිමිත්තෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කර ගෙන යනවාමේ පස්ගොඩ ඉඩම් ඔප්පු ප්‍රදානය කරන්න අපිට ලැබිලා තියෙන්නෙ ගයන්ත කරුණාතිලක මැතිතුමා මේ රටේ ඉඩම් ඔප්පු ලබා දෙන්න ගන්න විශාල උත්සාහය නිසා 1931 ඉඳලා අපි ඉඩම් දීලා තියෙනවා ඒත් ඒ ඉඩම් ගණනාවකට අද ඔප්පුවක් නැහැ එක එක රජය බලයට පත් වෙනවා ඉඩම් දෙනවා නිවාස හදන්න ගොවිතැන් කරන්න ඒත් ඔප්පු නැති ඉඩම් තියෙනවා අවුරුදු තිහක හතළිහක පනහක හැටක දහඩිය ඒ බිමේ තියනව නමුත් ඒ බිම ට අයිති කොළ කෑල්ලක් නෑ ඉතින් අපේ ගයන්ත කරුණාතිලක ඇමතිතුමා විශාල උත්සාහයක් අරගෙන දැන් මේ ඉඩම් ඔප්පු රට වටේ බෙදාගෙන යනවා ඒක සීඝ්‍රයෙන් කරන්නේ හරියට අවුරුදු විස්සක තිබුණද අවුරුදු එකකින් දෙකකින් ඉවර කරන්න ඕන කියලා ඒ එක්කම අපි පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙනවා නීති ගෙනෙන්න මේ ඔප්පුවට සින්නක්කර බව දෙන්න සින්නකර බව දුන්නම එතුමා ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා ම තමන්ට තියන අයිතිය සින්නක්කර අයිතියක් බවට පත් වෙනවා ඉතින් මේක පලවෙනි පියවර සින්නක්කර දෙන්න නීති ගෙනල්ලා වැඩක් නැහැ ඔප්පුවක් නැත්නම් ලියවිල්ලක් නැත්නම් ලියවිල්ලක් තියෙන ඔප්පුවක් තියෙනවා නම් විතරයි අපිට අවස්ථාව තියෙන්නේ විශේෂයෙන්ම මේ ඔප්පු ලබලා දෙන්න ඉතින් මම මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ වැඩ කටයුත්ත කළේ ඒක බාර අරගෙන ක්‍රියාත්මක කරන ගයන්ත කරුණාතිලක ඇමතිතුමාටත් එතුමාගේ අමාත්‍යංශයේ ලේකම් ටත් ඉඩම් කොමසාරිස් ජනරාල් තුමියටත් අනිත් නිලධාරීන්ටත් මේ ගැන විශාල උනන්දුවක් අරගත්තේ අපේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමිය ටත් මගේ ස්තුතිය මෙතන ප්‍රකාශ කරනවා .

 

මටත් මතක නැතිවෙලා තියෙන්නේ මම සහභාගි වෙච්ච උත්සව ගනන. ගයන්ත ඇමතිතුමයි මමයි දිගම්බරම් ඇමතිතුමයි රාවුෆ් හකීම් ඇමතිතුමයි ගිය ඉරිදා  වතුකරයේ පලවෙනි ගම්මානය විවෘත විවෘත කළා ඉන්දියන් මහ කොමසාරිස් එක්ක .මහත්මා ගාන්ධි පුරම්.මේ අපිට තේ වතු වල රබර් වතුවල  සියලුදෙනාටම වැඩ කරන සියලු දෙනාටම ඉඩම් අඟලක් තිබුනෙ නෑ

අපි ඉස්සෙල්ලම පටන් ගත්තා වතුකරය ලඟම තියෙන ඉඩම් දෙන්න ගෙවල් හදන්න.ඒත් ඒ අයට උවමනා ගම්මාන උවමනා නිසා වෙනම ගම්මාන ආරම්භ කලා ඉතින් ඉරිදා ඒකෙන්ම ආරම්භ කලා සදුදා රාවුෆ් හකීම් ඇමති තුමා සමග ගිහින් කුරුණෑගල අලුත් ජල නල යෝජනා ක්‍රමය සහ සනීපාරක්ශක යෝජනා ක්‍රමය ආරක්ෂා කළා අඟහරුවාදා  විජේදාස රාජපක්ෂ ඇමතිතුමා එක්ක අනුරාධපුර මහා විහාරයේ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය පටන් ගත්තා මම 2002 කියලා සංරක්ෂණය කරන්න පටන් ගත්තේ සංරක්ෂණය කරන්න කිව්වේ පොකුණු අංක 17.ආපහු පටන් ගත්තේ මේ ආණ්ඩුව ආවට පස්සේ .දැන් ඒ වැඩ කටයුතු අපි ආරම්භ කරගෙන තියෙනවා මොකද ඊට පස්සේ මහා විහාරය වෙනුවට මහා මහා වාසලක්ඇති කරන්න බලාපොරොත්තු වුනේ.ඒ නිසා මේ කටයුතු ඔක්කොම පස්සට ගියා.ආපහු අපි බදාදා ජෝන් අමරතුංග ඇමතිතුමා එක්ක මඩු පල්ලියෙ මඩු මාතවගේ සෙවයට අපි සම්බන්ද වුනා.මීට අවුරුදු තුනක් ගියාම ඒ අගමික කටයුතු සඳහා දෙමු කියලා බෞද්ධ කටයුතු වගේම ක්‍රිස්තියානි කටයුතු වලටත්.

බ්‍රහස්පතින්දා ගයන්ත කරුනාතිලක ඇමතිතුමයි ඒ වගේම තලතා අතුකෝරල ඇමතිතුමියයි දුනේශ් ගංකන්ද ඇමතිතුමයි රත්නපුරේ ඔප්පු බෙදුවා.ඉඩම් ඔප්පු.ඊයෙ අපි සජිත් ප්‍රෙමදාස ඇමතිතුමයි ගයන්ත කරුනාතිලක ඇමතිතුමයි දයා ගමගේ ඇමතිතුමයි රංජිත් මද්ශුම බන්ඩාර ඇමතිතුමයි සාගල රත්නයක ඇමතිතුමා ත් නියෝජ්‍ය කතානායක තුමත් අපි ඔක්කොම එකතුවෙලා කොටියාගල අපනයන ගම්මානය විවෘත කරලා නිවාස ලාභීන්ට ඒ නිවාස ලබලා දීලා ඔප්පු ප්‍රදානය කළා .අද පස්ගොඩට ඇවිත් තියෙන්නෙ ඉඩම් ඔප්පු ලබලා දෙන්න.හෙට  ගයන්ත කරුණාතිලක ඇමතිතුමා එක්ක ගිහින් කෑගල්ලේ ඉඩම් ඔප්පු බෙදලා දෙනවා සදුදා සාගල රත්නායක ඇමතිතුමා එක්ක උපාධිධාරීන්ට පල වෙනි පත්වීම් ටික අපි දෙනවා.මේ වටය ඉවර කරලා තව පත්වීම් විශාල ප්‍රාමයක් දෙන්නතියෙනවා.ඒ අයටත් පුහුනු වීම් සහ අනෙක් පත්වීම් දෙනවා.හමොටම පත්වීම් ලබෙනවා.ඒ ගන භයක් තියාගන්න එපා.ඊටපස්සෙ බද්දේගම ගිහින් බද්දේගමත් අපි ගයන්ත කරුණතිලක ඇමතිතුමා සමග ඉඩම් බෙදා දෙනවා.

අඩි සීයෙ පාරට මිනිස්සු බලෙන් ඇඳලා දැම්මා.ගෙව්වේ නෑ සතයක්.අපි දැනට රුපියල් මිලියන දෙසීය හැත්තෑවක් ගෙවලා තියෙනවා.ස්වදේශ බැංකු වලින් මිලියන පනස් හතර දාහක් ගත්තා ණය.පාරවල් හදන්න.ඒත් පාරවල් හදපු කන්ට්‍රැක්ටර්ස්ලට ගෙවලා නෑ.ඒ ආන්ඩුව යටතෙ විතරයි මුදල් රහත් වුනේ.අපිටනම් ඒවා කරන්න බැහැ.අපිදැන් ගෙවනවා ඒ කොන්ට්‍රැටර්ස්ලට.අපේදුටු ගැමුණු රජ්ජුරුවන් යටතේ 2005 සිට 2016 ට මහා මාර්ග කිලෝ මීටර් එකසිය අසූතුනක් (183km) කලා.මේ මාද්‍යයෙන් අහුවොත් කියයි ලෝක වාර්ථාවක් කියලා.කවුද මෙහෙම හදලා තියෙන්නෙ?..මේ යහපාලන ආන්ඩුව මොනවද හදලා තියෙන්නෙ?..කියලා.අපි නම් ඔජොම නෙමෙයිනේ..අපි වැඩකාරයෝ විතරයි.2015 ඉදලා 2017 ට අපි කිලෝ මීටර් එකසිය අසූහතක්(187km) කරලා තියෙනවා.

ඒගොල්ලන්ට අවුරුදු නමයක් ගිය එක අපි අවුරුදු තුනෙන් කරලා තියෙනවා.

මොකක්ද.මේ මුදල් වලට වුනේ?..අන්න එච්චරයි මම අහන්න කැමති.

ස්වදෙශ කටයුතු අමාත්‍යංශයේ සංවර්ධන වැඩ කටයුතු වලට 2014 වෙනකම්තිබුනු ඒවයින්මිලියන විසිතුන් දහස් එකසිය හැට හතරක් අපි ගෙව්වා.

හම්බන්තොට ම්ත්තලවරායවල් වලට ම්ම කියන්නේ මේ …පොලිය නැතුවගත්ත  මුළු මුදල රුපියල් මිලියන ලක්ශ තුනයි(03).

දැන් හම්බන්තොට ශ්‍රීලංකාවේ වරාය අධිකාරිය,ඒ වගේම චයිනා මර්චන්ට් ආයතනය කරන වැඩසටහනින් පී.පී.පී ආයතන වලින් මත්තල අපේ ගුවන් සේවා අධිකාරිය ඉන්දියානු ගුවන් සේවා අදිකාරිය කරන වැඩසටහනෙන් මේ රුපියල් මිළියන ලක්ශ තුන අපි ආපහු වහාම ලබා ගන්නවා.නැත්නම් පඩි වැඩි කරන්නත් බෑ.

මට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කිව්වා එතුමගේ අමාත්‍යංශයේරජයේ ගොඩනැගිළි සංස්ථාව භර ගන්න කොට ර්‍ රුපියල් මිලියන පන්සියතිහක් (530) මහජන බැංකුවට ණයයි කියලා.රුපියල් මිළියන දෙදාහක්(2000) කන්ට්‍රැටර්ස්ලට ණයයි කියලා.තව මිළියන දාහක් අරගෙන(1000) අරගෙන චන්දෙට වියදම් කලා කියලා.

මම අකිල කාරියවසම් ඇමතිතුමාට කථා කලා.එතුමා කිව්වා එතුමා අධ්‍යාපන අමාත්‍යංශය භාර ගන්නකොට පාසල් දහදාහක් (10000)තිබුනා. මහා ආන්ඩුවේ සහ පලාත් සභා යටතේ ඒකෙන් විධිමත් විදුහල්පතිවරුහාරදහසක (4000) ඇබෑර්තු තිබුනා කියලා.ඊට පස්සෙ අහනවා කොහොමද අධ්‍යාපණය කරන්නෙ?.ඒක නිදහස් අධ්‍යාපනයට හානිය්ක්නේ.

ශ්‍රී ලංකා පරිපාලන අධ්‍යාපන සේවයේ ඇබෑර්තු අටසිය පනස් හතරක් (854)තිබුනා.මේ ඔක්කොම දැන් පුරවලා තියෙන්නේ.ගුරුවරුන්පුහුණු කරන්න ගුරු අධ්‍යාපන සේවයක් තියෙනවා.ඒකේ ඇබෑර්තු එක්ඩහස් හත්සීයක් තිබුනා.දැන් හාරසියයක් අරගෙන පුහුණු අරගෙන යනවා.

දැනට් පාසල්වල වැසිකිළි විශාල හිඟයක් තියෙනවා.මේ ආන්ඩුවෙන් විසිහයදහසක් හදලත්සම්පූර්ණයෙන්ම ඉශ්ට වුනේ නෑ.

දැන් ඕකෙන් තමයි සංවර්ධනය ගැන කියන්නෙ.

අපෙන් අහන්නේ මොකක්ද කලේ කියලා.මේක ගෙව්වම අපිටබ්වැඩ කරන්න පුළුවන් කියන එකත් ලොකු දෙයක්.තවත් තියෙනවා කථා කරන්න.

ශ්‍රීලංකන් ගුවන් සේවය.ශ්‍රීලංකන් ගුවන් සේවේ එයා බස් ඒ තර්ටි පයිව් A350 එයා බස් අටක් ගත්තා.ඒ එයා බස් සාමාන්‍යයයෙන් පාවිච්චි කරන්නේ කොළබ,නැත්නම් සින්ගපුරුවේ ඉදං වොශින්ටන් යන්න.අපි වැඩියම යන්නෙ භගයක් දුර විතරයි.අප්ට ලාභ ලබන්න බැහැ.දැන් ඒවා නැවැත්තුවා.ඒවා නවත්තන්න අපිට සල්ලි දෙන්න තිබුණා.ඒ වගේම අපි ගන්න ගුවන් යානා අට අපිට එක එයා බස් එකකින් ගන්න තිබුනා.අන්න එහෙම තත්වයක් තමයි එදා අපිට තිබුණේ.මේ විශාල මුදල අපට අරගන්න කියලා අපිට භර දෙන්න ගියේ.ඒ සඳහා ඩොලර් මිලියන 115ගෙවන්න වුනා.අපි හැමදාම අලාභ ලබනවා.මේ අවුරුද්දේ ඩොලර් මිලියනසීයයි.ගිය අවුරුද්දේ ඒවා ගත්තම තව ඩොලර් මිලියන සීයයි.ඒ කියන්නෙ ඩොලර් මිලියනතුන්සිය විසිපහක්  අරං තියෙනවා.ඕක එකසිය හැටෙන් වැඩි කරන්න අපි කොහොමද ගෙවන්නේ කියලා.

මේ පව් ඔක්කොම අරගෙන තමයි මේ පව් ගෙවලා තමයි අපිට සිදුවුනේ අපේ වැඩ කටයුතු කරන්නේ.

අපි මේක ආරම්භ වුනු දවසේ ඉඳං අපිට අවස්තාව තිබුනේ නෑඅපි කැමති විඳියටාපිට උවමනා විදියට මේ වැඩ කටයුතු කරන්න.කොහොමහරි අපි අමාරිවෙන් මේ වැඩ කටයුතු සියල්ල කරලා මේ ණය ගෙවලා තමයි අපේ වැඩ කටයුතු ආරම්භ කලේ.ඊට පස්සෙ පුදුම වෙන්න ඕන අපට අවස්ථාව ලැබුනා කියලා හර්ධ රෝගීන් සඳහා නොමිලේ ස්ටෙන්ට් ලබලා දෙන්න.මේ ඔක්කොම ගෙවලා.ශීලංකා ගුවන් සේවයෙන් ඩොලර් වලින් මිලියන තුන්සිය තිස් පහක් අරගෙන.ඔඉළිකා රෝගීන් සඳහා රිපියල් ලක්ශ පහලවක් දක්වා සීම කර තිබූ ප්‍රතිකාර ලබා දීමේ සීමාව ජීවිතාන්තය දක්වා ලබා දීමට පියවර ගත්තා.1990 සුව සැරිය ගිලන් රථ සේවය ආරම්භ කලා.මේ ණය මුදල් ට්ජියාගෙන ලඟම පාසල හොඳම පාසල කරගෙන යනවා.දැමට ප්‍රතමික පාසල් තුන්දහස් පන්සිය  හැත්තෑහතක ත් තිනුනු පාසල් දහසකටත් අපි මුදල් දීලා තියෙනවා.

සුරක්ශා රක්ශන ක්‍රමය අපි ක්‍රියාත්මක කරලා තියෙනවා.මහ්පොල අධාර දෙදහස් පන්සීයෙ සිට පන්දහස දක්වා වැඩිකරලා තියෙනවා.උදාගම්මාන ඒකක එක්දහස් එකසීයක්  ඇතිකරලා තියෙනවා.උතුරේ ගෙවල් හතලිස් දහසක් අතිකරනවා.වතුකරයේ ගෙවල් දසදහසක් ඇති කරනවා.නගර බද අඩු ආදායම් ලාභීන්ට මහල් නිවාස ලබලා  දෙනවා.මම අහන්නේ මේ ණයත් ගෙවලා මේ වැඩ කටයුත්තත් කරලා රජයේ සේවකයින්ගේ වැටුපත් අපි වැඩි කලා.මෙන්න මේ බර තිබුනේ.ඩ්ජැන් අපෙන් අහනවා මොකක්ද කලේ කියලා.මේ ගොල්ලගේ පව් ගෙවලා ජනතාව වෙනුවෙන් පිං කරන්නත් අපිට අවස්ථාව ලැබුනා.මේ මුදල් ටික අපි විශේශයෙන්ම මේ මුදල් ටික අපි වියදම් කලේ නැත්නම්,ණය ගෙවන්න තිබුනේ නැත්නම් මොකක්ඩ්ජ අද තියෙම තත්වේ?..එච්චරයි මට අහන්න තියෙන්නේ.මොකක්ද අද අපි මීට වඩා වැඩ කරන්න පුළුවන්?…මීට වඩා දියුනුවක් ඇති කරන්න පුලුවන්.අපිට ඒ එකක්වත් කරන්න අවස්ථාව නැති වුනාට අපේ තියෙන මුදල් වලින් අපි වැඩ කටයුතු කරනවා.

මේ ඔක්කොම කලේ ණය විතරක් නෙමෙයි.මේ රටේ මේ අමාත්‍යංශ ගත්ත ණය.මුළු රජයම ගත්ත ණය දිහා බලන්න…මුළු රජයෙම ණය අරගෙන මේ ඔක්කොම ණය එක්ක තමයිදෙදහස් දාහතරේ රජයේ ණය පොලියයි,වාරිකයයි ගෙවන්න බැරිව හදිසියේ චන්දයක් තිබුනේ.මේ ඔක්කොම බලාපොරොත්තු වුනේ දෙදහස් පහලවේ අපේ ආර්ථිකය කඩා වැටිලාබංකොලොත් වෙනවා කියලා.

මේ මම කිව්ව ණය ඔක්කොම ඇත්තවශයෙන්ම අමාත්‍යංශවල ණය.මම දැන් එනවා රටේ ණය වලට.මේ රටේ ණය ගෙවන්න බැරි වුනා.2015 අපි බලය ගත්තම මයිත්‍රීපාල සිරිසේන ජනධිපතිතුමා සමග ආන්ඩුව හැදුවට පස්සෙ කොහොමහරි රටේ ආර්ථිකය කඩාවැටෙන එක නැවැත්තුවා.රට බංකොලොත් වෙන එක නැවැත්තුවා.අපිට ජාත්‍යන්තර මුල්‍ය සංවිධනයකින් මුදල් ඉල්ලන්න තිබුනා.අපේ ණය ගෙවන්න අපේ වියදම් සීමා කරන්න සිද්ද වුනා.අපිට ණය ගෙවන්න වැඩි ආදායම් හොයන්න සිද්ද වුනා.අපි වැට් වැඩි කලා.වැට් වැඩිකරලා ඔය ගොල්ලගෙන් බැනුම් ඇහුවා.මේකටද චන්දේ දුන්නේ කියලා ඇහුවා.ප්‍රදෙශීය සභවෙන් අපි පරාජය කලා.ඒඔක්කොටම මුහින දීලා මම එකක් කියන්න කැමතියි.අද අපේ ආර්ථිකය ස්ථාවරයි.අද අපිට ණය ගෙවන්න පුළුවන්..අපි අද ඉදිරියට යනවා කියලා භය නැතුව මට අද ප්‍රකාශ කරන්න පුළුවන්.

මොකද ආන්ඩුවක් හැටියට අපි අපේ යුතුකම ඉශ්ට කලා.මේක භරගත්තේ අනාගත පරපුරට ණය ගෙවන්න උවමනා නෑ කියලා.ඒ ණය බරින් ඒ අය නිදහස් කරනවා කියලා.අන්න ඒ වැඩ කටයුත්ත තමයි කරන්න තිබුනේ.ඒ කරන ගමන් වර්ථමානයෙදි අපිට බරක් ගන්න සිද්ද වුනා.මේ දෙපැත්තේ ඉන්න දරුවන් දෙන්නටණය ගෙවන්න ඕන නැති නිසා මැද ඉන්න කාන්තාවන් දෙදෙනටත් මටත් වැට් ගෙවන්න සිද්ද වුනා.අන්න එච්චරයි අපි කරලා තියෙන්නේ.දැන් මේ රටේ විශාල දියුනුවක් කරගෙන යනවා.ඒ දියුනුව කරන්නෙ රට වෙනුවෙන්.

දැන් බලන්න මේ රටට එන සංචාරකයින් එන විශාල ප්‍රමානය අපි මිලියන දෙකක් භවට පත්කලා.වැඩිම සංචාරක ප්‍රමානය.තිස්පන්දහසක් රැකියා ඇති කලා.අපි කොළඹ නගරය අශ්‍රිතව මහ නගර ව්‍යාපාරය පටං ගන්නවා.අපි විශෙශයෙන්ම මොරඝ කන්ද ව්‍යාපෘතියට මුදල් දීලා ඒක අවසන් කලා.දැන් ගම්පෙරළිය වැඩසටහන අපි ආරම්භ කරනවා.ගම්වලට ගෙනියන්න.මහනුවර,කොළඹ හම්බන්තොට කියලා අපි ඒ මාර්ග පද්ධතියේ විශාල ආර්තික යටිතල පහසුකම් ඇති  කරනවා. විශේශයෙන් සංචාරක කර්මාන්තය දියුනු කරන්න.මහනුවර නගරය ජපන් ආධර එක්ක දියුනු වෙනවා.මමධ්‍යමාදිවේගී මාර්ගය ඇති වෙනවා.එතන වයඹ වෙලඳ කලාප දෙකක් සංචාරක කලාපයක් ඇති කරනවා.දකුමු සංවර්ධන අමාත්‍යංශයෙන් දැන් හම්බන්තොට මොනරාගල විශාල දියුනුවක් ඇති කරනවා.ඒ ඉඩම් අපි භර ගත්තා.හම්බන්තොට අක්කර පන්දාහයි.මොනරාගල අක්කර දහදාහයි.මේකෙන් තමයි අපි වෙලඳ කලාප ඇති කරන්නේ.අද අපි ආයොජන මන්ඩලයට අයිති වෙලන්ඳ කලාප ඔක්කොම අක්කර තුන්දාහයි.අන්න ඒ වගේ තුන් ගුණයක් මේකෙන් දිතරක් අපි ආරම්භ කරලා තියෙනවා.එතන ඉදන් රැකියා එනකොට වැලිගම තව වෙලඳ කලාපයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.දැන් බෙන්තොට දේ දූවේ තව විශාල සංචාරක කලාපය්ක් ඇති කරනවා.තවත්  එකක් තියෙනවා ඔය කලාපේ.මම ඒක පස්සෙ කියන්නම්.දැන් ඉතින් මේ දියුනුව තමයි පටන් ගන්නෙ.මෙච්චර දුක් වින්ඳේ.ඇත්ත වශයෙන්ම මේ ණය් ගෙවන්න තිබුනේ නැත්නම් මේ ඔක්කොම වේලාසනින් කරන්න තිබුනා.කොහොමහරි දැන් පටන්ගෙන තියෙනවා.මොකද ඩකුන කියන්නෙ ගුවන් තොටුපලවල් දෙකක් සහ වරායවල් දෙකක් තියෙන ප්‍රදෙශයක්.දැන් වරාය ප්‍රතිඵල එන අවුරුද්දේ දැකගන්න පුළුවන්.

එම අවුරිද්ද අවසන් වන විට ගුවන් තොටුපලේ සංවර්ධනයත් දැකගන්න පුලුවන්.ඒක කරනකොට තව වැඩසටහන් තියෙනවා කියන්න.එකක් තමයි හතරවෙනි කලාපය එන්නෙ මෝනින් සයිඩ් එනසල් වත්ත ප්‍රදෙශය.හොදට සංචාරකයින්ට එන්න පුලුවන් විදියට හොඳට් ගෙවන්න පුලුවන් විදියට අපි සංචාරක අකලාපයක් අතිකරගෙන යනවා.ඒ සංචාරකයින්ට පහසුකම් සපයලා ද්ව්න්න සාගල රත්නායක ඇමතිතුමා ඒ පුහුනු කිරීමෙ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

දැන් අපිසාකච්ංහා කරගෙන යනවා දෙනියය මහ රොහල ආරම්භ කරන්න.මෙතන පස්ගොඩ තරුන මද්‍යස්තානයක් ඇති කරන්න කටයුතු යොදලා තිය්ව්නවා.දෙනියායෙ වතුකරයේ ගම්මාන හතර ක් තියෙනවා

හක්මන ප්‍රදෙශයෙ සජිත් ඇමතිතුමා ආරම්භ කල වැඩසටහන් රැසක් තියෙනවා.

– ප්‍රියංකර ගමගේ

126 views

12 Comments to “අපි රට බංකොලොත් වෙන එක නැවැත්තුවා.. දැන් ආර්ථිකය ස්ථාවරයි..- අගමැති”

  1. බන අනිල් says:

    අපි කාර් නැති අයට වැස්සට නෝතේමි යන්න කාර් ගේන්න ඉඩ දුන්නා

Main News