අපි රට බේරා දුන්නා.. ජනතාවගේ ඉල්ලීම අප ඉටු කර අවසන්..

July 28, 2021 at 3:50 pm | lanka C news
අපි රට බේරා දුන්නා.. ජනතාවගේ ඉල්ලීම අප ඉටු කර අවසන්..

2009 – 2014 මෙරට නාගරික සංවර්ධනයේ විශාල පුනරුදයක් ඇතිකළ, ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරය ලෙස කොළඹ නගරය පත් කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද ජනාධිපති. එදා ජනාධිපතිවරයා ලෙස එතුමන්ට මගපෙන්වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා අද අග්‍රාමාත්‍යවරයා. එතුමන්ලා සමග එදා සිටි සියළුම කණ්ඩායම් අදත් එතුමන්ලා සමග ඉන්නවා. එහෙමනම් අපට මේ වර්තමාන අර්බුධයන්ට මුහුණ දෙන එක මහා ගැටළුවක් නොවේ යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ජාතික ආර්ථිකයට ශක්තියක් එක් කිරීම සඳහා රටපුරා කුඩා නගර සියයක් සංවර්ධනය කිරීමේ ‘දැයක් නගන සියක් නගර’ ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භය රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ආරාධනයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 27 දින කුරුණෑගල, හිරිපිටිය නගර මධ්‍යයේදී සුභ මොහොතින් ආරම්භ කෙරුණු අවස්ථාවේදීය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යය දැක්ම යථාර්ථයක් කරමින් ක්‍රියාත්මක වන දීප ව්‍යාප්ත නගර සංවර්ධන වැඩසටහන යටතේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

තිරසර නාගරික සංකල්පය කේන්ද්‍රිය කාර්ය භාරය තහවුරු කරමින් ප්‍රධාන නගර විධිමත් ලෙස සංවර්ධනය වනවා සේම, අඩු අවධානයක් සහිත කුඩා නගර සීයයක් සංවර්ධනය සඳහා පුළුල් අධ්‍යයනයකින් තෝරා ගැනිණි. මෙම තෝරාගත් නගර රටේ ජාතික ආර්ථිකයට ශක්තියක් විය හැකි ආකාරයෙන් පරිවර්තනය කළ හැකි ලෙස සැලසුම් කර ඇත. මෙම ජාතික සංවර්ධන වැඩසටහන සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් එක් නගරයකට රු.මි. 20 බැගින් රු.මි. 2000 ක් වෙන් කර ඇත.

එම තෝරාගත් නගරයන්හි මූලික යටිතල පහසුකම් නැංවීම සැලසුම් කොට ඇති අතර අනතුරුව එම නාගරික බල ප්‍රදේශයේ සමාජ, ආර්ථික, පාරිසරික තත්ත්වයන් අධ්‍යනය කරමින් රථවාහන තදබදය, පරිසර දූෂණය, ස්වභාවික විපත් අවම කිරීම, නාගරික නිවාස ගැටලුව, නගර අලංකරණය වැනි දීර්ඝ කාලීන ගැටලු විසඳීම සඳහා සැලසුම් සකස් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. මේ අනුව සියක් නගර ජාතික සංවර්ධන වැඩසටහන ආරම්භ කරමින් රුපියල් මිලියන 20 ක වියදමින් හිරිපිටිය නගරයේ භූ දර්ශන හා නගර අලංකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම ආරම්භ කෙරුණි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා,

යුද්ධය අවසන් කරලා 2009 න් පස්සේ ආරම්භ උනා මේ රටේ ස්වරර්ණමය සංවර්ධන යුගයක්. මුළු රට පුරාම සංවර්ධනය දකින්න ලැබුණා. අධිවේගී මාර්ග, ගොඩනැගිලි කර්මාන්ත ඉදිවුණා. කර්මාන්ත දියුණු උනා. රටේ ආර්ථිකය සක්‍රීය උනා. වසර හතරහාමාරක් වැනි කෙටි කාලයක් තුළ මේ රටේ ආර්ථිකය හතරගුණයකින් ප්‍රසාරණය උනා. 2005 ඇමරිකානු ඩොලර් බිලියන 20 ක තිබූ ආර්ථිකය 2014 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 80 දක්වා සංවර්ධනය වී තිබුණා. අපගේ ආර්ථික සංවර්ධන වේගය එම අවස්ථාවේදදී දකුණු ආසියාවේ දෙවෙනි උනේ චීනයට පමණයි. අපේ ණය බර අඩුවෙලා තිබුණා. මහින්ද රජපක්ෂ මහත්මයා බලයට එනවිට 109% ප්‍රතිශතයක්ව තිබූ දලජාතික නිෂ්පාදිතයේ ණය බර 73% දක්වා අඩුවෙලා තිබුණා. එම වසර 9 ක කාලය තුළ විදේශ සංචිත 2.2 සිට 8.3 දක්වා වැඩිවෙලා තිබුණා. සංචාරක කර්මාන්තය දියුණුවෙලා තිබුණා. විදේශ ශ්‍රමිකයින්ගෙන් එන ආදායම වැඩිවෙලා තිබුණා. හැම ක්‍ෂෙත්‍රයකින්ම බැලූ බැලූ අත මහා සංවර්ධනයක් ඇතිවෙලා තිබුණා. මේ ගැන මම ඔබට මතක් කළේ අද අපට යම්කිසි අර්බුධයක් තිබෙනවා නම් ඒ අර්බුධය එදා තිබූ අර්බුධයක් සමග සංසන්දනය කරනා විට ගනන්ගත යුතු නැති දෙයක් බව ඔබට මතක් කිරීමටයි. අද අපේ රටේ ජනතාව යම්කිසි පරාජිත මානසිකත්වයකට ඇවිත් තිබෙනවා නම් අතීතයට ගොස් බලන්න එදා ඒ අතීතය පාලනය කළ නායකයෝ අදත් ඉන්නවා නේද කියලා. එදා මෙරට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා අද අගමැති. එදා එතුමාට යුද්ධය අවසන් කරන්නට මූලිකත්වය ගත්, 2009 – 2014 කාලය තුළ මෙරට නාගරික සංවර්ධනයේ විශාල පුනරුදයක් ඇතිකළ, ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරය ලෙස කොළඹ නගරය පත් කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද මේ රටේ ජනාධිපති වරයා වශයෙන් ඉන්නවා. එතුමන්ලා සමග එදා සිටි සියළුම කණ්ඩායම් අදත් එතුමන්ලා සමග ඉන්නවා. එහෙමනම් අපට මේ අර්බුධයන්ට මුහුණ දෙක මහා ගැටළුවක් නෙමෙයි.

නමුත් අවසානාවකට වගේ 2015-2019 කාලයේ රට ඉදිරියට යමින් තිබූ ගමන අඩාල උනා. 2014 අවසන් වෙලා යහපාලන ආණ්ඩුවට අප බාරදුන්නේ ශක්තිමත් ආර්ථිකයක්. ස්ථාවර රටක්. එම රට ඉතිරි අවුරුදු හතරහමාරක කාලය තුළ යළි සම්පූර්ණයෙන්ම ආපස්සට ගෙනයනු ලැබුවා. මේ රටේ 2012-2014 කාලයේ 6.8% ක්ව තිබූ ආර්ථික සංවර්ධන වේගය 2.1%කට අඩුකරලා තමයි අපට නැවත 2019 බාර දුන්නේ. 70.3% ට අඩුකර තිබූ ණය බර 80.6% ට වැඩිකරලා අපට නැවත භාරදුන්නේ. මේ රටේ අවසන්කර තිබූ ත්‍රස්තවාදය නැවතත් දොරකඩට ගෙනවිත් තමයි අපට භාර දුන්නේ. අපි නැතිකරපු ජාතිබේද, ජාතිවාද නැවතත් අවුලවලා මේ රට බේද භින්න කරලා තමයි නැවතත් අපට භාර දුන්නේ. ඒ විදිහට වියවුල් වූ රටක් දූෂණය ඉහ වහා ගිය රටක්, මහාබැඳුම්කර මංකොල්ලයෙන් පටන් ගෙන මේ රටේ හැම තැනම දූෂණයෙන් වංචාව පතුරවපු රටක් අපට ආපහු භාරදුන්නේ. ඒ වගේ සෑම ක්‍ෂෙත්‍රයකම අවුල් වියවුල් වූ රටක් තමයි අපට භාරදුන්නේ.

ඒ නිසා තමයි 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට සහභාගීවන කොට එතුමාගෙන් මෙරට ජනතාව ඉල්ලා සිටියේ අපේ රට බේරාදෙන්න කියන ඒ එකම එක දෙයයි. මොකද ජනතාවට ඒ තරම් භීතිකාවක් ඇතිවී තිබුණා මේ රට විනාශයට යනවා කියලා. මේ රට සම්පූර්ණයෙන් ආර්ථික, දේශපාලන වශයෙන් විනාශ කරලා ජාත්‍යන්තරය හමුවේ දණගස්වලා නීච, නිවට නියාලු රටක් බවට පත් කරලා, රටේ සම්පත් විනාශ කරලා අපේ රටේ දරුවන්ට අනාගතය අහිමි කරන බවට ජනතාවට මහා බියක් ඇතිවී තිබූ නිසා තමයි එදා ගෝඨාභාය රාජපක්ෂ මැතිතුමනි රට බේරා දෙන්න කියලා ජනතාව ඉල්ලා සිටියේ. එම ඉල්ලීමට සවන් දීලා තමයි එදා ජනාධිපතිවරණයෙනුත්, මහමැතිවරණයෙනුත් අප විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවේ. එම ඉල්ලීම මේ වන විට ඉටු කරලා ඉවරයි. අද කවුරුත් රට බේරලා දෙන්න කියලා කියන්නේ නැහැ. රටේ ආරක්‍ෂාව, ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය තහවුරු කර ඉවරයි. අද අපි කාටවත් ඔලුව නවන නිවට නියාලු ජාතියක් නෙමෙයි තවදුරටත්.

අපට භාරදුන් දෙවන වගකීම තමයි මෙරට ආර්ථිකය නංවන එක. එහිදී එක් කටයුත්තක් තමයි එදිනෙදා සමස්ථ ආර්ථික කළමනාකරණය. දෙවන එක තමයි අනාගතය සඳහා ආයෝජනය කරන එක. එහිදී 2019 දෙසැම්බර් මාසයේදී ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතය අපේ රටටත් මුහුණ පෑමට සිදුවුණා. අපේ පුංචි රට ලෝකයටම ආදර්ශයක් දෙන විදිහට මේ කොරෝනා වසංගතය කළමනාකරණය කළා. අපට නෙපෙනන සතුරා සමග අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු තීරණ අරගෙන කොරොනා රැලි තුනක් අප කළමණාකරණය කර අපේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට හැකිවුණා. අද අපි ආසියාවේ සාර්ථකව එන්නත්කරණය සිදු කරන රට බවට පත්වෙලා තිබෙනවා. ඉදිරියේදී අපට මේ රට සංචාරක ව්‍යාපාරයට විවෘත කරන්න, විදේශ වෙළඳාමට විවෘත කරන්න පුළුවන්. අපේ රට නැවත සාමාන්‍ය තත්වයට පැමිණිය හැකියි. ඒ නිසා අපි මෙරට ජනතාවට කියනවා අනාගතය ගැන බියක් ඇතිකරගන්න එපා හැබැයි වර්තමානය යතාර්ථය තේරුම්ගන්න. වර්තමානයේ තිබෙන ගැටළු පිළිබඳව කතා කරන විට අමතක කරන්න එපා අප පසුකළ යුගය.

මේ රටේ මොන ගැටළු තිබුණත් අපේ ජනාධිපතිතුමා ඇතුලු කැබිනට් මණඩලය තීරණය කර තිබෙනවා අනාගතය ගැන කරන ආයෝජන කිසිසේත් පස්සට දාන්නේ නැහැ කියලා. ඒ නිසා මේ වසර එකහමාර තුළ ආපසු හැරී බලන විට අප සැලසුම් කළ කිසිම දෙයක් අපි කල්දමා නැහැ. සෞභාග්‍යයේ දැක්ම හරහා අපි සිදුකළ පොරොන්දු සියල්ල අද ඉටු කෙරෙමින් පවතිනවා. රටපුරා මහාමාර්ග, අධිවේගී මාර්ග, ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙමින් පවතිනවා. පාලම් දසදහසක්, වැව් අමුණා දහහතර දහසක් ඉදිවෙමින් පවතිනවා. ජාතික පාසල් දහසක සංවර්ධන කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. රෝහල්, නිවාස ඉදිවෙනවා. ඒ අතර වැදගත් දෙයක් තමයි නගර සංවර්ධනය. සුන්දර, අලංකාර නගරයක් ඕනෑම කෙනෙකුගේ සිහිනයක්. මේ නගර සංවර්ධනය සැලසුම් සහගත ආකාරයකට, පිළිවෙලකට අනාගතය ගැන දැක්මක් ඇතිව සිදුකළ යුතුබවට අප විශ්වාස කරනවා. ඒ නිසා අපි නාගරික සංවර්ධන අධිකාරිය හරහා සෑම ප්‍රධාන නගරයකටම, උපනගරයකටම සැලැසුම් සකස් කර තිබෙනවා. සෞභාග්‍යයේ දැක්මෙන් ප්‍රකාශ කළ සිව් මහා නගර, ජාතික නගර නමය ඇතුළු අනෙකුත් නගර සියල්ලටම මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව අප තීරණය කලා මේ වසර තුළ පමණක් නගර 100 ක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට. අද මේ කුරුණෑගලින් ආරම්භ වන්නේ දැය නගන සියක් නගර වැඩපිළිවෙලයි යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ‘හැමෝම කැමතියි තමන්ට ළඟ නගරය දියුණු වෙනවා දකින්න. කාලයක් තිස්සේ අසංවිධිතව සංවර්ධනය වූ නගරවලින් ජනතාව අපේක්ෂා කළ ඒ බලාපොරොත්තු ඉටු වුනේ නැහැ. අපේ රටේ බොහොමයක් නගර අදටත් අපිලිවලට පවතින බව කාටවත් සැඟවිය යුතු රහසක් නෙමෙයි. මේ නගර පිළිවලක් කරලා පහසුකම් වැඩිදියුණු කර ඇහැට ප්‍රිය නගරයක් කරන්න කෙතරම් උත්සාහ කළත් ඒවා ඇතැම්විට ගඟට කපන ඉණි වගේ අවසන් උනා. සමහර වෙලාවට නගරයක වැඩ පටන්ගත්තහම මැතිවරණයකින් පවතින රජය පැරදුණොහොත් එම සංවර්ධන කටයුතු එතැනම නවත්වනවා. සමහර ව්‍යාපෘති එකම නගරයකට සීමාඋනා. ඒ නිසා තමන්ගේ නගරය දියුණු වෙයි කියලා හිතන එකත් ඇතැම් ජනතාව නවත්වලා තිබුණේ. මේ නගරයෙත් එහෙමයි. කවදාවත් මෙම නගරවල දියුණුවක් ඇතිවෙයි කියලා ජනතාව හිතුවේ නැහැ. අනවසර ඉදිකිරීම්වලින් පිරි, ක්‍රමවත් කාණු පද්ධති පවා නොමැති අපිළිවෙල නගරයක් තමයි තිබෙන්නේ.

2019 අපි බලයට ආපු වෙලාවේ රටේ තරුණ පරම්පරාව ස්වේච්ඡාවෙන් තාප්පවල චිත්‍ර ඇන්දා. ඒ ඇඳපු තරුණ පරපුරට අවශ්‍ය උනේ ගමෙන් පටන්ගෙන මුළු රටටම ඒ සඳහා ආදර්ශයක් වෙන්න. අපි එය එදා අගය කලා වගේම අදත් අගය කරනවා. කොරොනා ඇවිත් හැමදේම සීමාවන විට සමහරු අර තරුණ තරුණියන්ටත් හිනා උනා. සමහරු හිතුවා අපට ඔවුන් අමතක උනා කියලා. අප ඔවුන්ගේ අවශ්‍යතාවය දැක්කා. අපේ රට කියලා අභිමානයෙන් කියන පරපුරක බලාපොරොත්තු ඉටු කරන එක අපේ වගකීමක්.

අද මුලපුරන මේ සියක් නගර වැඩසටහන අපේ විශ්වාසය ඔබ වෙනුවෙන් තහවුරු කරන බව සිහිපත් කළ යුතුයි. මෙය ආරම්භයක් පමණයි. අපි මේ වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය පමණක් නෙමෙයි, ඔබේ නගර සභාව, ප්‍රාදේශීය සභාව, විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රජයේ සියලුම ආයතනවල සහයෝගය අපට ලැබෙනවා. මේ සඳහා ඔබගේත් සහය ලැබුණොත් අපට තවත් ශක්තියක් වන බව අමුතුවෙන් කිවයුතු කාරණයක් නෙමෙයි. මෙම ව්‍යාපෘතිය මෙම වසර අවසන් වන විට නිමා කරන්න අපි සැලසුම්කර තිබෙනවා. ක්‍ෂෙත්‍රයේ සියළුම විද්වතුන්ගේ සහයෝගයෙන් විධිමත් නගර සැලැස්මකට මෙම නගර 100ම ගොඩනගන්න අපට හැකිවන බව විශ්වාසයි. නගර සංවර්ධනය කරලා ඒවා පසු විපරම් කරන්න කියලා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. නගර අලංකරණය කර ජනතා අයිතියට පත් කලාහම ඒවා රැක බලා ගැනීම ඔබ සැමගේත් අපගෙත් වගකීමක්. ඒ සඳහා රාජ්‍ය අංශයේ සහයත්, පෞද්ගලික අංශයේ සහයත් ලැබිය යුතුයි.

මෙම නගර සියය සංවර්ධනය වන විට ඒ ආශ්‍රිත ග්‍රාමීය ජනතාව තවත් පියවරක් ඉදිරියට තියන්න වෙනවා. ඒ පමණක් නෙමෙයි අනෙකුත් නගර අතර පවතින සංවර්ධන විෂමතාවයන් මෙමගින් මග හැරෙනවා. තිරසාර නගරයක ජීවත්වීම ඔබට හැම අතකින්ම පහසුවක් වනු ඇත.

බත්තරමුල්ලේ දියත උයන, ඒ වගේම පසුගිය සතියේ අපි විවෘත කළ සඳුන් අරණ වැනි පරිසර හිතකාමී අලුත් ව්‍යාපෘති අනෙකුත් නගරවලටත් හඳුන්වා දෙන ලෙස නිලධාරීන්ව දැනටමත් දැනුවත් කර තිබෙනවා. අපට අවශ්‍ය ඔබ සැම වෙනුවෙන් සුවපහසු නාගරික යාන්ත්‍රණයක් ඇති කිරීමයි. ඒ සඳහා ඔබේ නගරය දියුණු අලංකාර නගරයක් බවට පත් කිරීම ඔබ අද මුහුණ දෙන බොහෝ ගැටළුවලට විසඳුම්වනු ඇතැයි අප විශ්වාස කරනවා. නගර සියයේ ජාතික උත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කය මුල්කරගෙන ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටුවෙනවා යැයි පැවසීය.

ජාතික සංවර්ධන වැඩසටහන සඳහා මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර ඇතුළු මැති ඇමැතිවරුන් ද එම අවස්ථාවට සහභාගී විය.

– ඩබ්. ඒ. උදිත පුෂ්පකුමාර

20,750 views

7 Comments to “අපි රට බේරා දුන්නා.. ජනතාවගේ ඉල්ලීම අප ඉටු කර අවසන්..”

  1. Madahewa says:

    පල ගොඩයා යන්න. උබ ඉන්ජිනේරුවන්ටත් නිගාවක්.

  2. බන්ඩා says:

    හය්යෝ … මෙයා වගේ වියත්තුන් … රටට අබ සරනය්.

  3. Jagath says:

    2019-2024 රට වැටෙන කාලය. ඊට පස්සේ දියසෙන් යුගය.

  4. Boris Vanculenberg says:

    The whole country knows that you are good….for nothing! So shut up & get lost

  5. sira says:

    මොකෙක්ද මේ මී හරකා

  6. ගිජුලිහිණි සංදේශය says:

    අන්දන ඇඳිලි දැක අර ලොක්කා උඹට
    නන්දන වින්දනය බැලුවේ අපි පිනට
    චන්දන කල්ක ගාගෙන ඔලුවේ හොඳට
    අංගොඩ හන්දියෙන් හැරියන් රෝහලට

  7. rew says:

    wiyaththu kiyala apu me wage hora saththu ilaga para ekenma gedara yawanna onee…

Main News