අපි රැකියා ලක්‍ෂ හතරක් ඇති කලා.. ණය බර අඩු කලා.. දැන් ණයට වඩා ආදායම වැඩියි..

September 15, 2017 at 8:40 am | lanka C news
අපි රැකියා ලක්‍ෂ හතරක් ඇති කලා.. ණය බර අඩු කලා.. දැන් ණයට වඩා ආදායම වැඩියි..

නව රජය යටතේ අද වන විට නව රැකියා අවස්ථා ලක්‍ෂ හතරක් බිහිකර ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගල මාකදුරේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ එම රැකියා අවස්ථා බිහිව ඇත්තේ විශාල ප‍්‍රමාණයේ කර්මාන්තශාලා, රබර් කර්මාන්ශාලා, පුද්ගලික අංශයෙන් හා රජයේ අංශයෙන්, කුඩා ව්‍යාපාර, ස්වයං රැුකියා අංශයන්ගෙන් බවයි.

2015 දී නව ආණ්ඩුවක් පිහිටුවන විට රට විශාල වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් අද වන විට රටේ ආදායම ණය ප‍්‍රමාණයට වඩා ඉහල ගොස් ඇතැයිද අගමැතිවරයා කියා සිටියේය.

105 views
Main News