අපි ලෝකය දිනාගෙන ඉවරයි.. පොහොර ප්‍රශ්ණය එක දුරකතන ඇමැතුමකින් විසදුවේ ඒ නිසයි..- ජනපති

January 15, 2018 at 6:24 am | lanka C news
අපි ලෝකය දිනාගෙන ඉවරයි.. පොහොර ප්‍රශ්ණය එක දුරකතන ඇමැතුමකින්  විසදුවේ ඒ නිසයි..- ජනපති

ඇතැම් දූෂිත දේශපාලකයන් නිසා රටේ ඉදිරි ගමන අඩාලවී තිබෙනවා. එබැවින්  තරාතිරම නොබලා එවැන්නන්ගෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ගලවා ගතයුතුයි. මේවනවිට දේශපාලනයේ නියැලි සිටින්නන්ගෙන් සියයට පනහක් (50%) පමණ දූෂිතයෝ. එවැන්නන් ඉවත්කර අප පක්ෂය ශුද්ධ කලයුතු කාලය එළඹී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ පැවසුවේ , ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් තරග බිමට පිවිස සිටින අපේක්ෂකයන්ට ආධාර පිණිස පසුගියදා ( 1 13)  දඹුල්ල ගම්උදාව ක්‍රිඩාංගනයේ දි පැවති  රැස්වීමට සහභාගිවෙමිනි.

2015 වසරේ ජනවාරි මස අට වෙනිදා මම ජනපති උනායින් පසු සෑම අතකින්ම පාහේ  මේ රටේ විශාල වෙනසක් ඇතිවුනා එදා  මා ජයගත්තේ ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය නිසයි.. එසේම ලබන පෙබරවාරි මස දහවෙනි දිනයේදිද   ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකාන්ත වශයෙන් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරනවා. පසුගිය රජය පරාජය කිරීමට හැකිවුයේ එදා ඒ රජයතුල පැවති පාලන ඒකාධිකාරියයි. ඒ සම්බන්ධයෙන් රටේ නායකත්වය කිසිවෙකුගේ හඩට කන්දුන්නේ නෑ. එදා මා ලැබූ ජයග්‍රහණයෙන් පසු ප්‍රථමයෙන්ම  මා සිදුකලේ ජාත්‍යන්තරයෙන් අප රටට එල්ලවී තිබූ  අභියෝගයන්ට මුහුණදීමයි. ජාත්‍යන්තර නායකයන් හමුවි ඒ සියලු අභියෝගයන් පිලිබද ඔවුන් සමග මම සාකචිඡා කලා. මම ඔවුන් ඉදිරියේ කියාසිටියා ශ්‍රීලංකාවේ ප්‍රජාතන්තවදි රජයක් ඇතිබව.  තවද මම  ඔවුන්ට කියාසිටියා අප රටේ සාධාරණ නීතියක් ඇති බවත් මානව හිමිකම් කිසිවක් කඩනොවන බවත්. මගේ  එම පොරොන්දු එදා ජාත්‍යන්තර නයකයින් පිලිගත්තා.  එහි ප්‍රතිඵලයක් වශයෙන් මට හැකිවුනා අපට එල්ලවෙමින් තිබු සියලු අභියෝගයන් මගහරවා ගනිමින් ජාත්‍යන්තරය දිනාගැනීමට. කවුරු මොන විවේචන එල්ල කලත් එදා එම ක්‍රියාව මා නොකලේ නම් මේවනවිට  විශාල ප්‍රශ්ණ රැසකට මුහුණපෑමට අපට සිදුවනවා.

අද මේ රටේ සමහරු රණවිරු දඩයමක් ගැන කියනවා. නමුත්  රණවිරුවන් යුද්ධ අපරාධකරුවන් ලෙස ජාත්‍යන්තරයට ගෙනයාමේ උත්සහය වැලැක්වුයේ මායි. එදා මාර්ෂල් සරත් පොන්සේකා මහතාට ජම්පරය අන්දවා සිරගතකලේ කවුද ? මෙම රණවිරුවන්ට ජාත්‍යන්තරයේ තිබු  චෝදනාවන්ගෙන් ඹවුන් බේරාගැනීමට මට හැකිවුනා. දැන් ඒගැන කවුරුවත් කථා කරන්නේ නෑ.  මටරට වෙනස් කරණ විදිය ජාත්‍යංතරයට කිව්වාම ඒ අය මම එක්ක එකග වුණා  දැන් මට දුරකථනයෙන්  කතා කොට ලිපියක් ලියලා අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් කම මම උදා කරලා තියෙනවා.

බංඩාරනායක ශ්‍රීමතාණන් බිහිකල ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මම වසර පනහක ක්‍රියාකාරි සාමාජිකයෙක්. එපමණක්නොව මම එම පක්ෂයේ මහලේකම්වරයා ලෙස වසර දහතුනක් සේවය කලා. පක්ෂයක ලේකම් වරයෙකු ලෙස එතරම් දිගුකලක් කිසිවෙකු සේවයකර නෑ.පසුගිය රජයේ  පාලකයන් බංඩාරනායක ප්‍රතිපත්ති  ගැන කිසිදු තැකීමක් කලේ නෑ. එදා බංඩාරනායක මැතිතුමා ඝාතණය කලේ කවුද?  ඒ අන්කවරෙකුවත් නොවේ  පක්ෂයතුල සිටි ඇතැම්  දූෂිත පිරිස් විසින්මයි. වැරදිකල ඇමතිවරුන්ට පවා එදා දඩුවම් ලැබුනා . ඒනිසයි  බංඩාරනායක මැතිතුමාට ආකාලයේ ජීවිතය පූජා කිරීමට සිදුවයේ.

බංඩාරණායක ශ්‍රීමතාණන් ප්‍රථමයෙන් ඇරඹු ජනතා ව්‍යාපාරයේ එක් කොටස්කරුවෙක් තමයි දඹුල්ල නියෝජනයකල හිටපු අමාත්‍ය ටී.බී.තෙන්නකෝන් මහතා. දඹුල්ල අප පක්ෂයට ඵෙතිහාසික කේන්ද්‍රස්ථානයක් වන්නේ ඒ නිසයි.  පසුගිය දූෂිත රජයෙන් 2014 වසරේ මා ඉවත් වුයේ එදා එහි පැවති ඒකාධිපති පාලනය නිසයි. ඒ සදහා ඒ රජයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේද  අනුබලය මට ලැබුනා.  එයින් එක් ප්‍රධාන  පුද්ගලයෙක් තමයි දඹුල්ලේ  ජනක බංඩාර තෙන්නකෝන්  ඇමතිවරයා.  එදා මම දඹුල්ලේ ඔහුගේ නිවසට එනවිට ගෙදර  සියලුදෙනාම හිටියා. මේ ගමන යායුතු බව එදා ඔහු කීවේ හැඩු කදුලෙන්.  මා බලයට ආ විගසම  ඇතිකරපු  රජට සම්බන්ධවුණා . දැන් එයා වගේම අපේ පක්ෂයේ සමහර අය කියනවා යු ඇනිපිය එක්ක හවුලේ ඉන්න බැරි නිසා එන්න බැහැ කියලා එහෙත් මම මුලින්ම කලේ මට තිබුණ බලතලත් අයින් කරලා වැඩ කටයුතු   සිදුකීරිමයි. ලෝකයේ කුමන රාජ්‍ය නායකයාද  එවැනි පරිත්‍යාගයන් කලේ. මම එස් සිදුකලේ ප්‍රජාතන්තුවාදයට මම ගරුකරන නිසයි.

ජාත්‍යන්තරය එය  පිලිගත් බැවින් අපට එල්ලවීමට තිබු නොයෙකුත් සම්බාධකයන් සියල්ල නතරවුනා. පසුගිය පාලන සමයේ  රටේ ඉහල නිලයන් වලට නිලධාරින් පත්කලේ රටේ නායකයායි. මම ඒ ක්‍රමය වෙනස්කර එවැනි පුද්ගලයින් පත්කිරීම ස්වාධින කමිටුවකට යොමුකලා. එපමණක්නොව ජනතාවට නිදහසේ සිය අදහස් උදහස් ප්‍රකාශ කිරීමට  සම්පුර්ණ නිදහස මා ලබාදි තිබෙනවා. හිටපු පාලකයා ඉදිරියේ ජාත්‍යන්තර අභියෝග රැසක් තිබුනා. එයට මුහුණදීමට නෙහැකි නිසයි ඔහු මේ ආකාරයෙන් තනි තීරණයක් මත වසර දෙකක කාලයක් තිබියදි මැතිවරණයකට ගියේ. මෙසේ මැතිවරණයකට  යාම පිලිබද එදා කැබිනට් මංඩලය එකගවුනේ නෑ. මම ලේකම් විදියට හිටපු ජනපතිතුමාට ලිඛිතව දුන්නා  මේ ආකාරයෙන් මැතිවරණයකට ගියහොත් අපි පරාජයවන බව කියා. නමුත් ඒ කිසිවක් පිලිගත්තේ නැ හැබැයි මම එතකොට පොදු අපේකෂකයා නොවේ මම ගිව්වාට ජනපති වරයා ඒක භාරගත්තේ නැහැ , එයට ප්‍රධාන හේතුවවුයේ  එදා ජාතයන්තරයේ තිබූ අභියෝගයි.

මගේ ජයග්‍රහණයයත් සමගම මම පළමුවෙන් සිදුකලේ සියල්ල  අතහැරදමා ලෝකෙ වටේ ගොස් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කිරීමයි .එය සාර්ථකවුනා.  පසුගිය රජයේ ඇතැම් ක්‍රියාකාරකම්වලින් ජනතාවට සිදුවුයේ අසාධාරණයක්. වැලිවේරිය පෙදෙසේ ජලය  ඉල්ලා හඩනැගු ජනතාවට දුන්නේ වෙඩි පහර  මේ සියල්ල පසුකාලයේ මැතිවරණවලට බලපෑවා.

මාතලේ දඹුල්ලේ වගේම අනුරාධපුර  හා වයඹ පළාත්  ගණනාවකට සහන සැලසිය හැකි මොරගහකන්ද ව්‍යාපාරය මා පටන් ගත්තේ අතේ රුපියලක්වත් නැතුවයි.   එම ව්‍යාපෘතිය සදහා මා සියලු සාකච්ඡා සිදුකර ආධාර ලබාගැනීමට  කටයුතු කරනවිට ඒකල අමාත්‍යා මංණ්ඩලය ඒ සියල්ල  ප්‍රතික්ෂේප කලා.  එවකට සිටිය පාලකයාත් සමග මම මොරගහකන්ද පෙදෙස් සංචාරයකර පැය විසිහතරක්  යාමටත් පෙර මාගේ ඒ ඇමතිකමත් ගැලෙව්වා. මෙවැනි කෙණහිලිකම් මැදයි මම මේ මොරගහකන්ද ව්‍යාපාරය  කිරීමට සිදුවයේ.

පසුගියදා අපගේ තේකොල ගැනීම රුසියාව තවකාලිකව නතරකලා. නමුත් එය පැය විසිහතරෙන් විසදා  ගැනීමට මට හැකිවුනා. එමෙන්ම රටේ පැවති පොහොර හිගයද මගහරවා ගැනීමට මට හැකිවුනා . මම පාකිස්ථාන රාජ්‍ය නායකයාගෙන් ඉල්ලුවේ පොහොර ටොන් 40000 යි. නමුත් ඔවුන් මට පොහොර ටොන්  75000 ක් දෙන්නට එකගවුනා.  එපමණක්නොව කොරියානු ජනාධිපතිවරයාද මට පොරොන්දුවුනා ශ්‍රීලංකාවේ සංවර්ධනය සදහා ඕනෑම සහයෝගයක් ලබාදෙන බවට. එදා සිටි රාජ්‍ය නායකත්වය ලෝක නායකයින් තරහකර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අපට විශාල පාඩුවිදිමට  සිදුවුනා. දැන් මෙම තත්වය මගහැරීගොස් තිබෙනවා.

අපට අවශ්‍යවන්නේ දූෂණයෙන් වංචාවෙන් තොර රටක්  නිර්මාණය කිරීමටයි. ඒ සදහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා. ලබන සතියේ මිහින් ලංකා ගුවන්  සමාගමේ දූෂණ වංචා සෙවීමට මා කොමිසමක් පත්කරනවා. එවිට තවතවත් රටේ සිදුවු දූෂණ වංචා හෙලිවෙයි.  වැරදිවලට දඩුවම් ලබාදීමේදි  පක්ෂ පාට කිසිදු භේදයක් සැලකියයුතු නෑ. එසේ කිසිදු භේදයකින් තොරව  වරදකරුවන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. පසුගිය පාලන සමයේ පළාත්පාලන ආයතනයන්හි සිටි සභාපතිවරුන්ගෙන් සියයට පනහක් පමණ දූෂිතයෝ. එදා එවැනි ක්‍රියාවන්ට නායකත්වයෙන් යම්කිසි අනුබලයක් ලැබුනා.එම අවධියේ ජනාධිපතිවරයාගේ අනුමැතිය  යටතේ මම සියලු සභාපතිවරුන් කැදවා විනාඩි 45 ක දේශනයක් ඔවුන්ට කලා. මම එහිදි කියාසිටියේ දුෂණ වංචාවලින් මෙම සභාපතිවරුන් සම්පූර්ණයෙන් මිදියයුතු බවයි. මගේ කථාවෙන් පසු හිටපු ජනාධිපතිවරයා  ඔවුනට පැවසුවේ කරගන්නා දෙයක් හෙමින් කරගන්නට කියායි. පසුව මේ සභාපතිවරුන් ගියේ මට  කුණුහරුපයෙන් බැණ බැණ. ජනවාරි අට පරාජයට මෙවැනි ක්‍රියාවන් සෘජුව බලපෑවා. පසුගිය දෙවසරතුල ඇතිවු නියං තත්වය ලෝකයේ බොහෝ රටවලට බලපෑවා. අප රටටද එහි සෘජු බලපෑම්  තිබුනා. ඉදිරියේදි මෙවැනි තත්වයන්ට මුහුණදීමට හැකිවනසේ මොරගහකන්ද-කළුගග බහුවාරි යෝජනා ක්‍රමය  යටතේ පළාත් කීපයක වැව් දෙදහසක් පමණ අළුතෙන් ඉදිකරනවා. එවිට ජනතාවගේ දැවෙන ප්‍රශ්ණ රැසක්  විසදෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද නොයෙකුත් වංචා දූෂණයන් තිබෙනවා.මම ඒගැන මෙතනදි කියන්නේ නැහැ එහෙත්   ඉදිරි කාලයේදි මේ සියලු නීති විරෝධි ක්‍රියාවන් සම්පූර්ණයෙන් ඉවත් කරන්න කටයුතු කරණවා.  මෙම ස්ථානයේ ගොඩනැගිලි අළුත්වැඩියා කරණවා පරිපාලන රටාව වෙනස් කරණවා, එවිට   ගොවීන්ගේත් වෙළදුන්ගේ මෙන්ම පාරිභෝගිකයන්ටද  සාධාරණයක් ඉටුවන තැනක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගතයුතුයි.

තවද ඉදිරියට රටේ නායකත්වය හිමිවිය යුත්තේ එකම පවුලට නොවේ. එය සිදුවිය යුත්තේ ජනතා කැමැත්ත  අනුවයි. ඒ සදහා ශ්‍රීලාකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් පිරිසිදු දේශපාලන පක්ෂයක් බවට පත්කරනවා මට අවශ්‍ය වන්නේ මෙරට දුෂිත දේශපාලනය සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඒ සදහා ජනතාවගේ සහය මට ඕන මෙම මැතිවරණයට අපේ පක්ෂයේන් ඉදිරිපත්වෙලා ඉන්න අය රටේ සංවර්ඛනට එකතු කරගන්න ඔබ ජනපතිවන මගේ ග්‍රාමිය නියෝජිතයා ඔහු වටා ජනතාව එකතු වෙන්න යැයි  ජනාධිපතිවරයා අවසාන වශයෙන් පැවසීය.

මෙම ජනහමුව අමතමින් ක්‍රිඩා  ඇමැති දායාසිරි ජයසේකර අමාත්‍යවරයා , විද්‍යා සහ තාක්ෂණ කටයුතු පිලිබද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය මාතලේ නිදහස් පක්ෂ අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා  සහ නැගෙනහිර පළාත්සභා හිටපු මංත්‍රි ආරියවති ගලප්පත්ති , මධ්‍යම පලාත් මංත්‍රි ඩබිලිවි යසමාන අනුරධපුර මංත්‍රි වීර කුමාර දිසානායක  යන මහත්ම මහත්මීහුද කථා කලහ.

– මහින්ද උදයසිරි [දඹුල්ල]

46 views

13 Comments to “අපි ලෝකය දිනාගෙන ඉවරයි.. පොහොර ප්‍රශ්ණය එක දුරකතන ඇමැතුමකින් විසදුවේ ඒ නිසයි..- ජනපති”

  1. Upali says:

    අපේ ආයතනේ මිලදී ගැනීම් නිලදාරී කෙනෙක් ඉන්නවා. එයාගෙන් කිසිම නිශ්පාදනයක් වෙන්නේ නෑ.හැබැයි මිලදී ගන්නවා. කෝල් තමයි දෙන්නේ. බඩු ගෙදර. මොකද විකුනන එකාට සල්ලිනෙ ඕන. ඒත් මිනිහ නම් පම්පෝරි ගහන්නෙ නෑ, මම එක කෝල් එකයි දෙන්නේ, මම විකුනන්නන්ගේ මුලු ලෝකේම දිනා ගෙන ඉන්නෙ කියල. මොකද මිනිහට උගත් බුද්දිමත් කමක් තියනවා තේරුම් ගන්න එයා වියදම් කරන්නෙ අනුන්න්ගේ සල්ලි කියලා.

  2. Sadda says:

    සෑම අතකින්ම ප්‍රදර්ශනය කරන්නෙ තමාගෙ නූගත් භාවයයි. අඩු කලේ දිය සෙලවේ.
    නමුත් ගමේ ආච්චිලා සීයලා චූන් කරන්න තමා පම්පෝරි ගහන්නෙ.

  3. nimal says:

    ජනදිපති තුමා තමා රනිල්ව ත්නි බලයට පත් කලෙය්. ජනඩි පටි ටුමො බොරු බගඉල එප.කියන එකාක් කෙලින් කියන්න.එකෙන්න්ම කියන්න රනිල් නිදොස්ද නෑතිනම් වෑරඩිද. ඔබටුම ආප්ප කාලත් කපටි විදිහට කරපු ඩෙවල් මුලදීම අපිට අමත්ක නහෑ.
    අගමෑටි තුමා වරඩිනම් ඉල්ලා අස්වන කියලා කියන්න.එහ්ම බරිනම් ඔබු ටුහ්මා කියන්න අගමටි නිවරදි කියල.මහ ජනතව මූඔඩ නෑහ නිතරම.ඩෙකෙන් එකක් කරන්න ව්නව. බොරු බෙගල් කියකිය ම්හජනත්ව රවටුවා එති.අසරන මිනිසුන් රවට ඔය පුට්වෙ එන්න එපා.

Main News