අපි වරදක් කළා නම් ඇමති ධුරවලින් ඉවත් කරන්න…- ජනපතිට කියයි…
December 20, 2021 at 3:50 pm | lanka C news
අපි වරදක් කළා කියලා ජනාධිපති තීරණය කරනවා නම් ජනාධිපතිට පුළුවන් අපිව අස්කරන්න’ අපිව ඉවත් කිරීමේ අවදානම ගනිමින් තමයි අපි රට වෙනුවෙන් මේ තීන්දුව ගත්තේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවටයි අමාත්‍ය මණ්ඩල තීන්දුවකට එරෙහිව අමාත්‍යවරුන් අධිකරණයට ගිහිල්ල තිියෙන්නේ’ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව රටට දෙයක් කියනවා වෙනුවට දෙකට බෙදිලා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීම ලෝක ඉතිහාසයේ වෙලා නැහැ’ ඒක සාමුහික වගකීම කඩකිරීමක් බව ඇත්ත’ අපි බැලූවේ සාමුහික වගකීමද ලොකු හෘද සාක්ෂියද කියන එකයි’’’ යැයි බල ශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය’
එ් මහතා මෙම අදහස් පළකළේ රජයේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ‘දැයක් නගන සියක් නගර’ වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙන හංවැල්ල නගරයේ ආරම්භක උත්සවය සඳහා පැවති සමීක්ෂණ චාරිකාවේදී යුගදනවි බලාගාර ගිවිසුම පිළිබඳව ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි’ එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය’
අනෙක් පැත්තෙන් නීතිපතිතුමා ආණ්ඩුවේ නිලධාරියෙක්’ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරල කියනවා මෙවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා සම්මත කරල විධිමත් තීන්දුවක් ගත්ත කියලා’ විමල් ඇමැතිතුමා” වාසුදේව ඇමැතිතුමා සහ මම ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ කියන දේ ඇත්ත නම් නීතිපතිතුමා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ තියෙන්නේ බොරු’ රටේ නීතිය අනුව දිවුරුම් ප්‍රකාශය බොරුවක් කිව්වොත් වසර තුනක සිර ද`ඩුවමක් නියමිතයි’ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන්න ඕනෑ හිරේ දාන්නෙ අපිවද අනෙක් පාර්ශ්වයද කියලා’
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා” මේජර් ප්‍රදීප් උඳුගොඩ” පොදුජන පෙරමුණ අවිස්සාවේල්ල සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ” සීතාවක ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ යන මහත්වරු ද” ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් ඇතුඑ විශාල පිරිසක් ද සහභාගි වූහ’
– divaina
ගෙදර කරදර ටිකක් අඩු වෙනකං ඔය ළමයි දෙන්න සීයත් එක්ක දග කරන එක අඩු කරල ගේ ඇතුලට වෙලා හිටියොත් හොදයි නේද
ඔච්චර චණ්ඩි නම් ජනතාවට රටට ආදරේ නම් එලියට බැහැල මේ ආණ්ඩුවෙ ඉන්න දේශද්‍රෝහී දූෂිතයන්ට එරෙහිව බලමුලුවක් හදල ඒකට නායකත්වය දීපල්ලකො මිනිහ එක්ක නෝක්කාඩු උන ගෑනි වගේ කිනිපින්දම් නොකිය.ප්‍රේමදාසට විරුද්ධව ලලිත්ට ගාමිනීට ජේ ආර් ට විරුද්ධව ගාමීනී ජයසූරියට තිබ්බ ඒ කොන්දෙන් එක දශමයක්වත් තියේ නම්.බොලා ඔක්කොමට වඩා හොර තක්කඩි මේකෙන් කන්නත් ඕන ඊලග ආණ්ඩුවට බෙල්ල ඔබා ගන්නත් ඕන
තරහා අවසරයි තිත්ත උනත් මහා පොළොවේ ඇත්ත තමයි ඔබ තුන් කට්ටුව පසුගිය මැතිවරණයේ පූට්ටුව ට ජැක් එක ගැහුවේ කවදාවත් තනියම තරඟ කරලා දිනන්න බැරි නිසා නේ.
ඊට පස්සේ අර විස්ස පාර්ලිමේන්තු ගෙනාපූ වෙලාවේ බොරු ආණ්ඩු විරෝධී නාටකයක් රඟපාලා තමන්ගේ කාඩ්බෝඩ් දේශප්රේමීබව පෙන්නලා මෝඩ ඡන්ද දායකයෝ ගොනාට අන්දවා අන්තිමට නිකම්ම නිකන් කුක්කෝ වගේ අත ඉස්සුවා. ඔහෙලා අත ඉස්සුවා ත් නැතත් එදා ඒක සම්මත වෙනවා. නමුත් ඔහෙලා ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් අත ඉස්සුවා. ඒ කරලා කිව්වා පස්සේ ව්‍යවස්ථා සංශෝධනය ක් ගේන්න ස එක්ක එකඟ උනා කියල. කෝ තාම නැහැනේ. අන්තිමට උනේ විස්ස නිසා පාර්ලිමේන්තු ඇවිත් මුදල් ඇමැති වෙච්ච බැසිල් මහත්තයා වෙලාවට කලාවට ඔහෙලා වගේ අවස්ථාවාදීන් ගේ ගේ රෙද්දයි ලංකට් එකයි දෙකම ගලවපු එක. පුළුවන් නම් මම අභියෝග කරනවා ඔය කෙරවලපිටිය ගිවිසුම ජේ ව් පි එක එලියට ඇද්දේ නැත්නම් ඔහෙලා තාම කසාය බීපු ගොළුවෝ වගේ කියලා. මේ ඔක්කොම පොලිටිකල් survival එකට ගහන ගේම්. JVP, සජබ ඔක්කොම මහා පොළොවේ ගහන්නේ එකම තැටිය. තනුව විතරයි වෙනස්. දැන් ඉතින් මහත්තයා එළියට ගියත් එකයි නැතත් එකයි. ඊළඟ පාර මැතිවරණයෙදී බැසිල් ඔහෙලා ව එළියට දැම්මා ම අර පාරේ ඉන්න කුක්කෝ ගානට වැටෙනවා. ඔන්න පුළුවන් නම් විස්ස ට උස්සපු අත කපාගන්නවා ඇරෙන්න ඔහෙලා වෙනුවෙන් ඡන්දෙ දීපු ඔහෙලා ගේ බොරු බේගල් වලට රැවටිලා කඩේ ගියපු මිනිස්සුන්ට කරන්න වෙන සාධාරණයක් නැහැ. ඒ තරම්ම ම මිනිස්සු ඔහෙලා ගැන ඉස්සරට වඩා දැන් දන්නවා
මේ පාර සරසවි සම්මාන උළෙලේ හොදම නලුවට දෙන සම්මානෙ මුන් තුන් දෙනාට බෙදල දෙන්න වෙනව.ආණ්ඩු විරෝධෙ අල කරන්න මුන් දෙන ගේම දැක්කම දුකේ බෑ.
…..මනාප කෙළිය….ජාතික ක්‍රීඩාවක්….මන්ත්රීතුමන්ලගෙ….
මුන් ඇමති කටුවලට පත් කළේ 19න්ද? 20න්ද කියල දන්න එකෙක් කියමුද බලන්න.
මේ පාර සරසවි සම්මාන උළෙලේ හොදම නලුවට දෙන සම්මානෙ මුන් තුන් දෙනාට බෙදල දෙන්න වෙනව.ආණ්ඩු විරෝධෙ අල කරන්න මුන් දෙන ගේම දැක්කම දුකේ බෑ.
ඔච්චර චණ්ඩි නම් ජනතාවට රටට ආදරේ නම් එලියට බැහැල මේ ආණ්ඩුවෙ ඉන්න දේශද්‍රෝහී දූෂිතයන්ට එරෙහිව බලමුලුවක් හදල ඒකට නායකත්වය දීපල්ලකො මිනිහ එක්ක නෝක්කාඩු උන ගෑනි වගේ කිනිපින්දම් නොකිය.ප්‍රේමදාසට විරුද්ධව ලලිත්ට ගාමිනීට ජේ ආර් ට විරුද්ධව ගාමීනී ජයසූරියට තිබ්බ ඒ කොන්දෙන් එක දශමයක්වත් තියේ නම්.බොලා ඔක්කොමට වඩා හොර තක්කඩි මේකෙන් කන්නත් ඕන ඊලග ආණ්ඩුවට බෙල්ල ඔබා ගන්නත් ඕන