අපි වාසනාවන්තයි.. ඒත් ගෙවන කාලය දුක්බරයි..

June 3, 2022 at 12:00 pm | lanka C news
අපි වාසනාවන්තයි.. ඒත් ගෙවන කාලය දුක්බරයි..

උපාධි සහිත දරුවන් සේම උපාධි නොමැති දරුවන් සඳහා ද රටේ අනාගතයත් තිබිය යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවැති දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ඩිප්ලෝමාධාරීන් සදහා සහතික ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.

රාජ්‍ය නොවන අංශ සහ පරිත්‍යාගශීලීන් සමග එක්ව, මේ දුෂ්කර මොහොත ජයගෙන රට ගොඩනැගීම සඳහා කටයුතු කිරීමට රජය සූදානම් බව අමාත්‍යවරයා කියා සිටියි.පෙර පාසල් ගුරුවරුන් ශක්තිමත් කිරීම සඳහා, ස්වදේශ කටයුතු මෙන්ම පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන හරහා අවශ්‍ය මග පෙන්වීම නව වැඩපිළිවෙළක් සකස් කිරීමට මා අපේක්ෂා කරයි.

” අපේ රට වාසනාවන්ත රටක්. ඒත් මේ ගෙවෙන්නේ දුෂ්කර කාල පරිච්ඡේදයක්. මෙතැනින් හිස එසවීමට අනාගත පරපුරට ශක්තිය ලබාදිය යුතුයි. දරුවන් ජාතියේ අනාගතයයි. වෘත්තීය අධ්‍යාපන අවස්ථා සඳහා තව තවත් දොරටු විවෘත කළ යුතුයි. මේ අවස්ථාවේ රජයේ වියදම් කපාහරින්න සිදුවෙයි. ඒත් රාජ්‍ය නොවන අංශයට දිරි දිය යුතුයි. පෙර පාසල් ගුරුවරුන් පුහුණු කර පිළිගත් සහතිකයක් ලබාදුන් විට විදේශවල පවා රැකියා සොයාගත හැකියි. ලෝක නායකයන් සහස්‍ර ඉලක්ක සැකසීමේදී විශේෂයෙන් දරුවන්ගේ අනාගතය ගැන වැඩපිළිවෙළක් හැදුවා. ”

මෙම ඩිප්ලෝමාධාරී සහතික ප්‍රධාන උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය සභාපති ජානක කමල්ගොඩ මහතා ඇතුළු එම අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මණ්ඩලය එක්ව එක්ව සිටියහ .

– කසුන් විරතුංග

31,185 views

13 Comments to “අපි වාසනාවන්තයි.. ඒත් ගෙවන කාලය දුක්බරයි..”

  1. Nimantha says:

    අවුරුදු 35ක් ඔහෙ පරලිම්න්ට එකෙ නාකි උන එකෙක්.. එක වැසිකිය්ලියක් හදල දීල නෑ මෙකා මිනිස්සුන්ට !

    • Supun says:

      @Nimantha ඇමතිවරු ඉන්නේ වැසිකිළි හදන්නද? දිනේෂ්ගෙ තාත්ත පිලිප් ගුණවර්ධන ලංකාවේ ඉඳපු ශේෂ්ඨ දේශපාලඥයෙක්. බොරලුගොඩ සිංහයා කියල කිව්වේ එතුමාට. දිනේෂ් ගුණවර්ධනගෙ මහජන පක්ෂෙ සිංහලයා වෙනුවෙන් පෙනී ඉඳපු යුද්ධෙට අදාල තීරණ තීන්දු ගන්න පුරෝගාමී වුනු පක්ෂයක්. ආතක් පාතක් නැතුව මෙතන comments කොටන උඹලට වඩා ඒ මිනිස්සු මේ රටේ අනාගතය වෙනුවෙන් විශාල සේවයක් කරල තිබෙනවා

      • ටිං ටිං says:

        මහජන පක්ෂෙ චන්ද පදනම කොච්චර ද ? ඔය කියන කරපු විශා….ල සේවයෙන් පහක් විතරක් කියමු බලන්න . කඩේ යන පක්ෂයක් නේ.තාත්තා වැඩ්ඩෙක් වෙන්න ඇති. පුතා නම් පතොලයෙක් . කට විතරයි .ඇත්ත කතාව මේකයි බ්රෝ.

      • kalukaputaa says:

        mona bambuwakdado me naakiya korala thiyenne? u mulu jeewitha kaaledeema keruwe sulu jaatheenta erehi
        deval parlimenthuwata idiripathkorala suruttuwanva hisa uda thiyaagena nataapu eka vitharaineban. muge ara
        merichcha kattakalu bhayaanaka yakaa philipputh mahaaloku jaathivaadiyekiban sooppu urana supun.

  2. sam says:

    mu mokakda danne naa karapu weda ratata. Rata me thathwayata mun waga kiyanna ona.

  3. 5000 ට කමෙන්ට් ලියල රාජපස්සලාට ගෑණිවත් කුලියට දෙන සුපිරි බයියා says:

    ඔව්.. මේ ඔක්කොම ගිය ආණ්ඩුව කරපු වැරදි හින්දයි කොවිඩ් හින්දන්යි වුනේ.. නැත්තන් රාජපස්සල මේක සුරපුරයක් කරනව ඩෙෆා.. මේ රටට කෙලවුනේ ගිය ආණ්ඩුව ආර්තිකේ විනාස කරපු හින්දම විතරයි.. එහෙම නැතුව ඩොලර් බිලියන ගණන් ණය අරන් හොරකම් කරපු එකක් හින්ද නෙවෙයි.. ඒ ඔක්කොම මේ ජෙප්පොයි සජබෙ උනුයි චම්පිකල නාගනන්දලයි පැතුම් කර්නර් ලයි කියන බොරු කතා.. අපි හැමදාම රාජපස්සලාට උදේට මල් පහන් තියල වදිමු…

  4. සෙරෙප්පු සුප්. says:

    අපි වාසනාවන්තයි.එහෙම කියන්න ආසයි,ඒත් බයයි.පෙර පාසල් ගුරුවරු පුහුණු කරල අට පාස් නැති මන්ත්‍රීලව ඒ පෙර පාසල්වලට දැම්ම නම් මේ රට තුන් මාසෙන් ගොඩ ගන්න පුළුවන්.ඒත් ප්‍රශ්ණෙ ඕක නෙමෙයි.උන්ට පෙර පාසල් විභාගෙත් ගොඩ දාගන්න බැරි උනොත් මක්කැයි කොරන්නෙ.

  5. මාසෙට 5000 ක් අරන් කුලියට කමෙන්ට් කරල රාජපක්ශලට ගෑණිව දෙන බයියා says: says:

    නාමල් මැතිදුන් ඉදිරි චන්දයේදි අප රට බාර ගත්තාම මේ රටේ හැමදේම වෙනස් වනවා නොඅනුමානයි……චිරන් ජයතු අප්පච්චි….ඔයාගෙ පිහිට පිතුට අවශයයයි

  6. Deshappaaluwa says:

    Thopila vaasanawantha athi namuth janathaawa anthima avaasanawanthai.

  7. Lalla says:

    මේ මූසලයාට කතා කරන්නවත් අයිතිය දෙන්න ඕන නෑ.මහින්ද ලොක්කගේ අසූචි වළඳපු හිපාටුවා.

  8. උපාසක says:

    රාජපක්ෂලට වඩා හොරකම් කරපු අය..

  9. Patta says:

    මේ නාකි පොම්න පම්කයලා නැති උනානම් අපි හරිම වාසනාවන්තයි

Main News