‘අපි වැඩ කරන්න පකිස්තානයේ වගේ නොවෙයි.. අපට ඔ්න විදිහටයි…’- බුර්කා තහනමට පකිස්තාන විරෝදය ගැන ඇමති සරත් වීරසේකර…

March 17, 2021 at 3:22 am | lanka C news

මෙරට තුල බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන රජය නොසතුට පළ කිරීම ගැන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ පාකිස්තාන රජය ලෙස නොවන බවයි.

‘ඒක සාකච්ඡාවට බඳුන් වෙමින් තමයි තියෙන්නේ. පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපේ රජයට ඕන විදිහටයි. කැබිනට් එකේ සාකච්ඡා වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා සෑහෙන්න වැඩ කොටසක් තියෙනවා කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේකට ඉදිරි ප්‍රතිචාර කියලා’

බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට ඇමති සරත් වීරසේකර මහතා පසුගියදා අත්සන් තබන ලදි.

නමුත් අවසන් වරට පැවති කැබිනට් රැස්වීමේ දී එය සාකච්ඡාවට ගෙන නැත.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ බුර්කාව තහනම් කරන්නේ ඒ ගැන ප්‍රමාණවත් සංවාදයක් සිදු කිරීමෙන් පසුව බවයි.

21,711 views

27 Comments to “‘අපි වැඩ කරන්න පකිස්තානයේ වගේ නොවෙයි.. අපට ඔ්න විදිහටයි…’- බුර්කා තහනමට පකිස්තාන විරෝදය ගැන ඇමති සරත් වීරසේකර…”

  1. Genaral says:

    Only talk no work. Why don’t know people are so fools believe suck funny stories.

  2. Admiral says:

    Kaiya Pahanawa wage thaawakaalika aathal!

  3. සමන් says:

    මුන්ට මේ මුස්ලිම් චන්ද ගන්න හිතන් කරන වැඩක්. උන් 99% මේ ආන්ඩුවට විරුද්ධව චන්දෙ දුන්න ඉස්සරහටත් එහෙමමයි. 2/3ක් අතේ තියාගෙන ඊලග චන්දෙ ගැන හිත හිත ඉන්නව රටට ඕන කරන නීතිටික, අලුත් ව්‍යවස්ථාව ගේන්නෙ නැතුව. මුන් ඔක්කොම එකයි. කරන අයට කරන්න දෙන්නෙත් නැහැ. නිකන් අපි මොඩයි අපිට අමතක ඇති කියල හිතන් ඇති. මේ සේරම මැද්දෙ අපේම සල්ලි විනාසකරන චන්දයක් තියන්න හදනව. දෙන්නෑ චන්දෙ මොකාටවත් අවුරු දින්නත් එකයි.

Main News