අපි විපක්ෂයට එන්නේ පොහොට්ටු ඡන්ද ටික ජනපති මෛත්‍රී ලගට අරගෙන යන්නයි..- ඩිලාන්
April 18, 2018 at 2:10 pm | lanka C news
16 දෙනෙකුගෙන් යුතු තම කණ්ඩායම ආන්ඩුවෙන් ඉවත්වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකතවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
කරන්න දෙයක් නැතිව පොහොට්ටු පක්ෂයට ගිය පිරිසද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සදහන් කරයි.
තමන් ඇතුළු පිරිස විපක්ෂයේ අසුන් ගත්තද ඒකාබද්ද විපක්ෂයට එක්වන්නේ නැති බවත් සදහන් කරන ඔහු විපක්ෂයේ අසුන් ගන්නා පිරිස 25 ඉක්වනු ඇති බවද කියා සිටී.
Karana Deyak Ikmanata ..
Toyyo Tika Ekatuwela MaRa Pawlata Jumper Andawanna kalin..