අපි ශීලාචාර රජයක් හැදුවා… ආඩම්බරකාර රටක් හැදුවා.. පුංචි ඡුන්දයේදී අපේ ජය නියතයි.. 2025 වෙනතුරු අපි ආණ්ඩු කරනවා..- කිරිඇල්ල
December 16, 2017 at 4:40 pm | lanka C news
‘පසුගිය කාලය තුළ අපි ශීලාචාර රජයක් බිහිකරලා තියෙනවා. අපිට ආඩම්බර වියහැකි රටක් නිර්මාණය කරන්න අපි අත්තිවාරම දාලා තියෙනවා. එලඹෙන පළාත් පාලන මැතිවරණයේ ජය එක්සත් ජාතික පක්ෂයට නියතයි’ යයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ අද දින (16) ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මහනුවර දිස්ති‍්‍රක්කයේ මහනුවර මහ නගර සභාව හා කඩවත් සතර ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ ඇප මුදල් තැන්පත් කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
‘අපි චාරිත්‍රානුකුලව දළදා වහන්සේ වැඳ පුදාගෙන මේ මැතිවරණ සටන ආරම්භ කරලා තියෙනවා. ශී‍්‍ර දළදා වහන්සේගේ ආශිර්වාදය යහපාලන රජයට ලැබෙන එක ඒකාන්තයි. පසුගිය කාලය තුළ අපි ශීලාචාර රජයක් බිහිකරලා තියෙනවා. අපිට ආඩම්බර වියහැකි රටක් නිර්මාණය කරන්න අපි අත්තිවාරම දාලා තියෙනවා.ඉතින් මහනුවර මහනගර සභාව විතරක් නෙමෙයි ලංකාව පුරාම අපේ මැතිවරණ සටනට දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබෙන එක ඒකාන්තයි.
ජනාධිපති මැතිවරනය අපි ඡන්ද අසුඑක්දහසකින් දිනුවා.. පාර්ලිමේන්තු මැතිවරණයත් එක්ලක්ෂ තිස්දහසකින් දිනුවා.එළඹෙන පළාත් පාලන මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා ඒ ගැන කිසිදු සැකයක් නැහැ.
අද වෙනකොට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරු පවා දවසින් දවස ඒකාබද්ධ විපක්ෂය අත්හැරලා යනවා. අත්හැරලා යන්නේ ඒ තුළ අනාගතයක් නැති නිසා වෙන්නැති.
පළාත් පාලන මැතිවරණය සඳහා අපි පිරිසිදු අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තියෙනවා. ජනතාවට පුඑවන් අවශ්‍ය අයට ඡුන්දය දෙන්න. අවසාන වශයෙන් ජනතාවගේ ඡුන්දයෙන් මහජන නියෝජිතයින් තේරි පත්වෙනවා.
අපේ අපේක්ෂක ලැයිස්තුවේ සියඑ ජාතින්, සියඑ ආගම් නියෝජනය කරන අපේක්ෂකවරු ඉදිරිපත් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය විදිහට අලියා ලකුණින් අපි ඉදිරිපත් වෙනවා.
මේ ආණ්ඩුව 2025 වෙනකම් තියෙනවා. ඉදිරි කාලයේදි අගමැතිතුමා මහනුවර නගරයට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න යනවා. ජපන් ආධාර මහනුවර නගරය දියුණු කරන්න කැපවෙලා තියෙනවා. ඒ නිසා මුඑ රටේම සංවර්ධන වැඩකටයුතු කරගෙන යන්න එක්සත් ජාතික පෙරමුණ රජයක් බිහිකරන්න කියලා ජනතාවගෙන් මං ඉල්ලීමක් කරනවා.
මාධ්‍ය ඒකකය,
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය.
Is he talking his mouth ?
This is a first class idiot in our country. This donkey soon must be jailed and all the asets must be confiscated.People get irritated when this bull’s voice is heard
This is a first class idiot in our country. This donkey soon must be jailed and all the asets must be confiscated.People get irritated when this bull’s voice is heard