අපි සන්ධානයෙන් අස්වෙනවා.. සදාචාරාත්මකව අපට යන්න දෙන්න.. බලෙන් තියාගන්න එපා.. – විමල් සන්ධානයට ලිඛිතව දන්වයි..

February 23, 2017 at 6:48 pm | lanka C news
අපි සන්ධානයෙන් අස්වෙනවා.. සදාචාරාත්මකව අපට යන්න දෙන්න.. බලෙන් තියාගන්න එපා.. – විමල් සන්ධානයට ලිඛිතව දන්වයි..

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට මේ දක්වා ලිඛිත ඉල්ලීමක් කර නැතියි සන්ධාන මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එවන් ඉල්ලීමක් ලදොත් එය සලකා බලන්නට සූදානම් යයිද කී ඇමති අමරවීර ස්වාධීන වීමට උවමනා නම් ඉල්ලීම් කළ යුත්තේ සන්ධාන මහ ලේකම්ගෙන් මිස කථානායකවරයාගෙන් නොවන බවද කියා සිටියේය.

ඇමතිවරයාගේ මෙම ඉල්ලීමට වහා ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා තම පක්‍සය වන ජාතෙික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බවට වූ ලිපිය අද පස්වරුවේ බාර දී ඇත.

0 views

6 Comments to “අපි සන්ධානයෙන් අස්වෙනවා.. සදාචාරාත්මකව අපට යන්න දෙන්න.. බලෙන් තියාගන්න එපා.. – විමල් සන්ධානයට ලිඛිතව දන්වයි..”

  1. දේශපාලුවා says:

    “consider ethically” ? the whole government was established unethically.

  2. බන්ඩයියා says:

    නොගැලපෙන කසාදයක කෙලවරත් දික්කසාදෙ නම් මොනවද මේ අමරය සලකා බලනව කියන්නෙ. ලැජ්ජ නැද්ද තොපිට?

  3. Olu says:

    Thana kola nobudithi Sinha Petav.

  4. CeyJayDon says:

    If NFF not member of UPFA they already independent and no need to inform or request from anyone……????

  5. chami says:

    Please remember you have got the seat because of the UFLP. Better leave those seats to them & you can leave parliament and contest again in the next election with your new party. All the best my dear Wimal & the party

  6. Champa says:

    Quote: “ස්වාධීන වීමට උවමනා නම් ඉල්ලීම් කළ යුත්තේ සන්ධාන මහ ලේකම්ගෙන් මිස කථානායකවරයාගෙන් නොවන බවද කියා සිටියේය”. Unquote:

    පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් විදියට සලකලා පාර්ලිමේන්තුව ඇතුලේ ඊට හිමි වරප්‍රසාද සහ අයිතීන් ඉල්ලන්න ඕනේ කථානායකගෙන් මිසක් වෙන කාගෙන්ද?

    UPFA මහා ලේකම්ට කොහෙද පාර්ලිමේන්තුව පාලනය කරන්න බලයක් තියෙන්නේ? කවදා ඉඳන්ද පක්ෂෙක මහලේකම් කෙනෙක් පාර්ලිමේන්තුව වරප්‍රසාද විකුණන්න පටන් ගත්තේ? ජාතික නිදහස් පෙරමුණට තියෙන්නේ UPFA එකට දැනුම් දෙන්න විතරයි. තීරණය ස්වාධීනයි. අවසර ඉල්ලන්න දෙයක් නැහැ.

    Quoted from elsewhere: “පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුනට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් ලෙස ස්වාධීන විය හැකි නමුත් ඔවුන් පාර්ලිමේන්තුවේ පක්‍ෂ ලෙස පිලිගත නොහැකියි” කියලා දයාසිරි කියන එක කිසි පදනමක් නැති හරිම බොළඳ තර්කයක්”. Unquote:

    විමල් UPFA එකට එකතු වුනේ පක්ෂයක් හැටියට නෙමෙයි නම් මොකක් හැටියටද? ජාතික නිදහස් පෙරමුණ ස්වාධීන පක්ෂයක්. ඒ ගොල්ලන්ට කැමති නම් සන්ධානයෙන් අයින් වෙලා පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂයක් හැටියට ඉන්න පුළුවන්. UPFA එකට ඒක නතර කරන්න පුළුවන්කමක් නැහැ.

    ඡන්දෙකදී පක්ෂ කිහිපයක් සන්ධානගත වෙලා ඡන්දේ ඉල්ලන එක සාමාන්‍ය දෙයක්. හැබැයි පාර්ලිමේන්තුවට පත් වුනාට පස්සෙත් එහෙම ඉන්න කියලා නීතියක් නැහැ. කැමති නම් ස්වාධීන වෙන්න පුළුවන්.

    එහෙනම් ඉතින් වෙන් වෙන්න හොඳ නැත්නම්, එකතු වෙන එකත් හොඳ නැහැනේ. එහෙනම් UPFA එකෙන් තරඟ කරලා ඊට පස්සේ SLFP එක ස්වාධීන තීරණයක් අරගෙන UNP එකත් එක්ක හවුල් ආණ්ඩුවක් හැදුවේ කොහොමද? එහෙනම් ඉතින් එකත් වැරදිනේ. ඔය කියන තර්කෙ හැටියට SLFP එකට පුළුවන් ඕනේ නම් UPFA එක ඇතුලේ ස්වාධීන වෙන්න විතරයි.

    SLFP එක UPFA එකෙන් “වෙන්වෙලා” එලියට ඇවිල්ල, UNP එකත් එක්ක එකතු වුනේ මොන පදනමින්ද, එම පදනමින්ම ජාතික නිදහස් පෙරමුණටත් UPFA එකෙන් “වෙන්වෙලා” එලියට ඇවිල්ල, පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න පුළුවන්. කකුළුවා ඇදේට යන ගමන් අනිත් අයට කෙලින් යන්න කියන්නේ කොහොමද?

    SLFP එක පාර්ලිමේන්තුවට හොඳ පූර්වාදර්ශයක් දීලා තියෙනවා මුලින් සන්ධාන ගත වෙලා ඡන්දේ ඉල්ලලා ඊට පස්සේ පාර්ලිමේන්තුව ඇතුලෙදි ස්වාධීන තීරණයක් අරගෙන සන්ධානෙන් වෙන් වෙලා වෙනත් පක්ෂයක් එක්ක එකතු වෙන්නේ කොහොමද කියලා. ඉතින් දැන් විමලුත් ඒ පූරවාදර්ශේ අනුව යමින් තමන්ගේ පක්ෂේටත් වෙන් වෙලා ස්වාධීන වෙන්න ඕනේ කියලා කියනවා. මොකක්ද තියෙන වැරැද්ද?

    It seems that the SLFP is terrified with Wimal’s decision. They are just nobody without him. The National Freedom Front should contest alone, as a single Party next time. It doesn’t matter as to what number of seats they get in the Parliament, but they can be proud about it as something earned by themselves. Having said that, while SLFP and UNP are trying to sort out their internal issues, there is every sign that the NFF will emerge as a strong Party with a massive backing from the masses.

    On the other hand SLFP-Maithree faction’s sudden concern about Wimal and the NFF being independent from the UPFA is hilarious, while allowing Ranil-FCID-Anura mafia to imprison Wimal “even before” the investigations of his alleged aiding and abetting in misusing some vehicles, are finalized.

Main News