අපි සෙල්ලම් කරන්නේ අනාගත පරම්පරාවේ ජීවිත එක්ක…

May 7, 2022 at 2:10 am | lanka C news
අපි සෙල්ලම් කරන්නේ අනාගත පරම්පරාවේ ජීවිත එක්ක…

‘දරුවන් වෙනුවෙන් අලුත් රටක් හදන්න දරණ උත්සහයක් ඇතුලේ දරුවන් දිගින් දිගටම පීඩාවන්ට අසාධාරණයට ලක් වෙනවා නම් එතැනින්ම අපි කල්පනා කළයුතු යමක් තියෙනවා. මොකද ආර්ථිකය තුළ පවතින අර්බුදයට වඩා බරපතල අර්බුදයක් අපේ අධ්‍යාපනය තුල තියෙනවා. කෝවිඩ් වසංගතය සහ ගුරු වැටුප් වර්ජන නිසා අපේ දරුවන්ගේ අධ්‍යාපනය පසුගාමී මට්ටමක තියෙන්නේ. විශය නිර්දේශ ආවරණය කරගන්න බැරි වුණ නිසා විභාග කල් යනවා. ප්‍රාථමික පංතිවල දරුවන්ට ගුරුවරු ලංවෙලා ලබා දෙන්න ඕනෑ මූලික කුසලතා ටික දෙන්න බැරිවුණා. අපි සෙල්ලම් කරන්නේ අනාගත පරම්පරාවේ ජීවිත සහ කාලය එක්කයි’

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා බත්තරමුල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් වෙත පැවසීය.

මේ වෙලාවේ වෘත්තීය සමීතිවලට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ඇති අයිතිය ගැන මම ප්‍රශ්න කරන්නේ නෑ. පහුගිය දවසකත් ගුරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තා. හරි කමක් නෑ. යම් පිරිසකට අරගලයට සහය දක්වන්න ඕනෑ නම් ඒක කරන්න. ඒක එයාලගේ අයිතියක්. ඒත් මේක අධ්‍යාපනය කඩාකප්පල් කරන්න වෙලාවක් නෙවෙයි. කරුණාකරලා මේක කරන්න එපා. ඕනෙ දේකට පාසල් වෙලාවෙන් පස්සේ යන්න. සෙනසුරාදා ඉරිදා යන්න. සතියේ දිනවල දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන්න එපා.

මමත් ගුරුවරයෙක්. ගුරුවරයෙක් කියන්නේ නිකන් වෘතිකයෙක් නෙවෙයි. අපිට වගකීමක් තියෙනවා. ඔබේ වෘත්තීය ඉලීම්වලදී ඇමති කෙනෙක් වුණත් මම ඔබේ පැත්තේ හිටියේ. ගුරු සංගම් වලට නායකත්වය දෙන්නේ දේශපාලන පක්ෂවල මිනිස්සු. ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනස්. වර්ජන තර්ජන ඔවුන්ට සාමන්‍ය දේවල්. ඒත් ගුරුවරයෙක් විදිහට ඔබ එහෙම කරන්න එපා. ගුරුවරු වර්ජන කිරීම පුරුද්දට ගියොතින් ලොකු විනාසයක් රටට වෙන්නේ. යනුවෙන් පැවසීය.

චානුක ජයරංජන ගුණතිලක
මාධ්‍ය ලේකම්

75,107 views

17 Comments to “අපි සෙල්ලම් කරන්නේ අනාගත පරම්පරාවේ ජීවිත එක්ක…”

  1. Gihan says:

    Nonsans. All r idiots. Idiots.

  2. අතුල says:

    මම මූව දන්නවා මූ අලුත්ගම මහා විද්‍යාලයට ගියේ එදත් මූ එපාම කරපු එකෙක් හරිම සෝබන කාරයෙක් මුන්ව පාර්ලිමේන්තු යවපු අලුත්ගම ජනතාව ලැජ්ජා වෙන්න ඕනෙ … මේවගේ අපතයෝ රටේ පාලනයට යැවීම

  3. Nul says:

    තමුන් දැන් කරන වැඩේ හරියට කරල ඉදපන්කො අනිත් උන්ගෙ වැඩ ගැන කතාකරන්න. ඔක්කොම උන් කටින් විතරයි. රාජපක්ෂල ගෙදර යවල ඉදින් ආයෙ මිනිස්සු ගාවට එන්න කලින්

  4. Ravi de silva says:

    ඇයි යන්නේ නැත්තේ

  5. Jayawardena says:

    දැන්ද තොට තේරුනේ ? පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම සෙවලයෙක්

  6. David Milli-banda says:

    “අපි සෙල්ලම් කරන්නේ Pinata Education, Medical, subsidies & Graduates seeking only Govt jobs අනාගත පරම්පරාවේ ජීවිත එක්ක…”

Main News