අපි අමාරුවේ වැටුණා.. සුනාමි හදන්න කෝටි 15ක් වියදම්..- රේණුකා බාලසූරිය

July 17, 2021 at 2:10 pm | lanka C news
අපි අමාරුවේ වැටුණා.. සුනාමි හදන්න කෝටි 15ක් වියදම්..- රේණුකා බාලසූරිය

ශ්‍රී ලංකාවේ බැංකු විසින් චිත්‍රපට නිෂ්පාදනය සඳහා බැංකු ණය ලබාදෙන්නේ සාමාන්‍ය ව්‍යාපාරයකට ණය දෙන පොලී අනුපාතයටම බවත් කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සිනමා කර්මාන්තය අති දැවැන්තව කඩා වැටී ඇති මෙවැනි අවස්ථාවක එම බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිව චිත්‍රපට නිෂ්පාදකයින් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවත් චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සඳහන් කරයි.

මේ නිසා, ව්‍යාපාරයකට එහා ගොස් ජනතාවගේ රසවින්දනය ඉහළ නැංවීමට කටයුතු කරන මෙම කර්මාන්තයේ පැවැත්ම උදෙසා මේ පිළිබඳව සානුකම්පිතව බැංකු මේ අවස්ථාවේ බැලිය යුතුව ඇතැයි ඇය අවධාරණය කරන්නීය.

“සුනාමි“ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රුපියල් මිලියන 154 ක පමණ මුදලක් වැයවූ බවත් ඒ සඳහා තමන් වියදම් කළ මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් බැංකු වලට ණයවී වියදම් කළ බවත් පවසන ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වසංගතය හමුවේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නොහැකිවූ නිසා මෙම මුදල් වලින් කොටසක් හෝ ආදායම් ලෙස සොයා ගැනීමට නොහැකි වූ බවයි. මෙම තත්ත්වයට තමන් පමණක් නොව අනිකුත් චිත්‍රපට නිෂ්පාදකයින්ද මුහුණදී ඇතැයි ඇය පවසයි.

ඇය මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමිනි.

113,820 views

23 Comments to “අපි අමාරුවේ වැටුණා.. සුනාමි හදන්න කෝටි 15ක් වියදම්..- රේණුකා බාලසූරිය”

  1. මරා... says:

    මිනිස්සුන්ගෙ දුකින් හම්බ කරන්න ගියාම ඔහොම වෙනවා රේනුකා …ඔක්කොටෝම පාඩමක් මේක

  2. Ajith says:

    සවෙන්ද්‍ර මෙක පොඩ්ඩක් බලන්න මොනවාද කරන්න පුලුවන් කියලා.

  3. කට වක්කඩේ බොම්බයි මොටයි කාරයා says:

    සුළු දෙයක්. ආණ්ඩුවේ හොඳ මෝරෙක් අල්ලලා ෂේප් එකේ ඇමක් දා ගත්තා නම් හරි. වැඩිම උනොත් පොඩ්ඩක් රෙද්ද උස්සන්න වෙයි. මොකෝ ඉතින් ලජ්ජා වෙන්න පුරුදු නැති දෙයක් නෙමේනේ. අන්න එහෙම තමයි මේ වෙලාවේ මිනිස්සු ටිකිරි මොලෙන් ප්‍රශ්න විසදන්නේ.

    • Jayanath says:

      තමුන් ප්‍රශ්ණ විසඳන විදියද ඒ? මෙයාලට එහෙම කරන්න ඕනේ නෑ. චිත්‍රපට නිර්මාණය කරන්න පුලුවන් හැකියාව මෙයාලට තියෙනව. දැනට ප්‍රශ්නෙ තියෙන්නෙ සිනමාහල් වහපු එක විතරයි. එතකන් ණය ගෙවන එකයි ප්‍රශ්ණේ. මේ වෙලාවෙ කවුරුත් අමාරුවෙන් ජීවත් වෙන එක විහිලුවට ගන්න කාලකන්නි හැතිකරේ.

      • කිරිබත් පාට් පොකුර says:

        රේණුකා කවුද කියලා මහින්ද මහත්ත යා ගෙන් ඇහුවනම් කියලා දෙයි.

        • හේනේ මාමා says:

          ‍තෝත් මහින්ද මහත්තයගෙන් අහලද දැනගත්තෙ? අනුන්ට පද හදන්න කලින් තමන් රටට වැදගත් දෙයක් කරල හිටපන්.

          • වාහිනියේ හිටපු ඩ්‍රියිවර් සිල්වා says:

            අනේ නෑ මට මේවා කිව්වේ සෝමරත්න උන්නහේ..මිනිහා දස්සයා ඒ දවස් වලත් ගෑනි පෙන්නලා ලොකු ලොකු තැන් වලින් කඩා වඩා ගන්න. මගේ හිතේ ඔය රජයේ මහජන මුදල් ගසා කාපුවා ද කොහෙද දැන් පස්සෙන් එළවන්න ගත්තේ.

    • ගුරුන්නාන්සේ says:

      අනුර කුමාර සහ 3%, රනිල් එක්ක ප්‍රශ්ණ විසඳුව විදියට මේක විසඳන්න බෑ.

  4. කැකුලා says:

    Youtube වත් දාන්ට අපි බලන්නම්

  5. Jagath says:

    කෝටි 15 හෙව්ව විදිහ මුලින්ම කියන්න බලන්න

  6. Saman says:

    ආන්ඩුව ට කඩේ ගියානම් හරි ආයේ

  7. Kumara saman says:

    මිනිස්සු අමාරැවේ වැටිල ඉන්නකොට ඵලක් නැති වියදම් කරනව – දැන් ඔය විකා අල්ල දාල රටට ඵලක් ඇති දෙයක් කරන්න – දැන් ඉතිං මිනි්සසුන්ගෙ බදු වලින් ගෙවපල්ලකො

  8. Kumara saman says:

    මිනිස්සු අමාරැවේ වැටිල ඉන්නකොට ඵලක් නැති වියදම් කරනව – දැන් ඔය විකා අල්ල දාල රටට ඵලක් ඇති දෙයක් කරන්න – දැන් ඉතිං මිනි්සසුන්ගෙ බදු වලින් ගෙවපල්ලකො

  9. Sujatha says:

    Oya film ekakata koti 15k viyadam karanna kalin hithana thibuna, lankawe population eka keeyada? Hemome movie balanawada kiyala?

    E mudala ta oya tax gewala da thibune, India wala viyadam karana mudalak movie ekak hadanna viyadam karana eka anawashya wedak.

  10. ගමයා says:

    කොච්චර ලාභ හොයනවා ඇතිද ඔච්චර ආයෝජනය කරන්න ? කවදාවත් ඒවා ගැන කිසිම සදහනක් නැහැ . බදු හරියට ගෙවනවාද??

Main News