අපි අමාරුවේ වැටුණා.. සුනාමි හදන්න කෝටි 15ක් වියදම්..- රේණුකා බාලසූරිය

July 17, 2021 at 2:10 pm | lanka C news
අපි අමාරුවේ වැටුණා.. සුනාමි හදන්න කෝටි 15ක් වියදම්..- රේණුකා බාලසූරිය

ශ්‍රී ලංකාවේ බැංකු විසින් චිත්‍රපට නිෂ්පාදනය සඳහා බැංකු ණය ලබාදෙන්නේ සාමාන්‍ය ව්‍යාපාරයකට ණය දෙන පොලී අනුපාතයටම බවත් කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සිනමා කර්මාන්තය අති දැවැන්තව කඩා වැටී ඇති මෙවැනි අවස්ථාවක එම බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිව චිත්‍රපට නිෂ්පාදකයින් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවත් චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සඳහන් කරයි.

මේ නිසා, ව්‍යාපාරයකට එහා ගොස් ජනතාවගේ රසවින්දනය ඉහළ නැංවීමට කටයුතු කරන මෙම කර්මාන්තයේ පැවැත්ම උදෙසා මේ පිළිබඳව සානුකම්පිතව බැංකු මේ අවස්ථාවේ බැලිය යුතුව ඇතැයි ඇය අවධාරණය කරන්නීය.

“සුනාමි“ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රුපියල් මිලියන 154 ක පමණ මුදලක් වැයවූ බවත් ඒ සඳහා තමන් වියදම් කළ මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් බැංකු වලට ණයවී වියදම් කළ බවත් පවසන ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වසංගතය හමුවේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නොහැකිවූ නිසා මෙම මුදල් වලින් කොටසක් හෝ ආදායම් ලෙස සොයා ගැනීමට නොහැකි වූ බවයි. මෙම තත්ත්වයට තමන් පමණක් නොව අනිකුත් චිත්‍රපට නිෂ්පාදකයින්ද මුහුණදී ඇතැයි ඇය පවසයි.

ඇය මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමිනි.

113,874 views

23 Comments to “අපි අමාරුවේ වැටුණා.. සුනාමි හදන්න කෝටි 15ක් වියදම්..- රේණුකා බාලසූරිය”

  1. Dial says:

    එකට ඉදලා ඇරලා යහපලානේ ගෙන්න කඩේ ගිහිපුව පලදිලා වත්ද? 🤔

  2. හේනේ මාමා says:

    සෝමරත්න දිසානායක කියන්නේ සිංහල සිනමාවේ විශිෂ්ඨම නිර්මාණ බිහි කරපු මනුස්සයෙක්. වේදිකා නාට්‍ය වලින් පටන් අරන් සිනමාව දක්වා ගියපු සිනමාවෙත් කරපු හැම නිර්මාණයක්ම වටිනා දෙයක් කරපු කෙනෙක්. “සරෝජා”, “සමනල ත‍ටු”, “පුංචි සුරංගනාවී”,”සිරි රජ සිරි”, “සූරිය අරණ” කියන්නේ මිනිස්සු ආදරෙන් වැලඳගත්තු චිත්‍රපට. වේදිකා නාට්‍ය ගත්තත් මීපුර වැසියෝ මෙතුමගේ නිර්මාණයක්. “පොත් හතක් අටක් දැනටත් කියාදාල තියෙනව” ඒකේ නාට්‍ය ගීතයක්. මේ වගේ නිශ්පාදකවරු හරි දුර්ලභයි. මැණික් වගේ. එයාලගේ පෞද්ගලික ජීවිතය, දේශපාලන මතිමතාන්තර අපිට අදාල නොවෙන්න පුලුවන්. ඒත් සිංහල සිනමාව ‍රැකුනේ මේ මිනිස්සු නිසා.

  3. ක්ලියපැට්රා says:

    බොරුද කියන්න්නේ, එහෙනම් ‘හතර වරන් :ලාභ ලැබුවේ කොහොමද?

  4. ඇයි ඉතින් මෙච්චර වියදම් කලේ, ඔබ විසින් මෙතෙක් නිපදවන ලද චිත්‍රපටි වල අදායමක් තිබුනෙම නැතිද ?

  5. KG says:

    Eththama kiyannam..matanam me joduwa dirawanne nehe..meeta wada hodai banis jodu

  6. KP says:

    ලාභ ලැබුවාම කියනවද “අනේ අපි මේවා කලේ ලාබ ලබන්න නෙවෙයි ජනතාවගෙ රසවින්දනයට… ඒ නිසා අපි අපේ ලාබෙ චිත්‍රපටය බලපු අයට බෙදලා දෙනවා” කියලා

  7. APPUHAMI says:

    Sooriya aranen ehema hondata hamba kala neda, laaba labapuwa gena wachanayak kiyanne ne, paadu gena vitharai.