අපි හිතුවේ ලොව පිලිගත් ‘AstraZeneca’ දෙයි කියලා.. දැන් දෙන්නේ ‘Sputnik-V’ කියලා එකක්.. අප දමා පරීක්‍ෂා කරනවාද දන්නෙ නෑ..

June 3, 2021 at 2:10 pm | lanka C news
අපි හිතුවේ ලොව පිලිගත් ‘AstraZeneca’ දෙයි කියලා.. දැන් දෙන්නේ ‘Sputnik-V’ කියලා එකක්.. අප දමා පරීක්‍ෂා කරනවාද දන්නෙ නෑ..

‘ස්පුට්නික් වී’ එන්නතේ අතුරු ආබාධ වල වගකීම ජනතාවට පවරා ඇති බවත් පළමු මාත්‍රාව පමණක් වුවද ලබාගැනීමට කැමති බවටත් අත්සන් ලබා ගෙන ඇති බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මන්ත්‍රිවරයා කරුණු සදහන් කරමින් පවසා සිටියේ ලංකාව පුරා එන්නත්කරණය සිදු වු නමුත් මෙවැනි ආකාරයේ අත්සන් ලබාගැනීමක් මින් පෙර සිදු නොවු බැවින් කඩිනමින් මේ පිළිබදව ජනතාවට පැහැදිලි කිරිමක් කළයුතු බවයි.

වැඩිදුරටත් කරුණු දැක්වු මන්ත්‍රිවරුයා මෙසේද පැවසීය.

“රජය මේවන විට මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරලා තිබෙනවා. අපි හිතුවේ ලෝකයේම පිළිගැනීමක් ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලැබෙයි කියලා. නමුත් දැන් ස්පුට්නික් වී නමැති එන්නත මහනුවරට ලබාදී තිබෙනවා.

එන්නත්කරණයට පෙර ලිපියකට තමන්ගේ අත්සන ලබාගන්නා බව එන්නත් ලබාගැනීමට ගිය බොහෝ අය මා අමතා ප්‍රකාශ කලා. මෙලෙස අත්සන් ලබාගැනීමක් සිදුවන බව කිසිවෙකු ප්‍රකාශ කර තිබුනේ නැහැ. ඉතින් මමත් මේ ලිපිය කියවා බැලුවා එහිදි වැදගත් කරුණු දෙකක් පිළිබදව අවධානය යොමුකල යුතුයි. පළමු කාරණය තමා මෙම එන්නතේ අතුරු ආබාධ ඇතිවුවහොත් එහි වගකීම එන්නත ලබාගන්නා පුද්ගලයා භාරගත යුතු බවට සදහන් වෙනවා.

වෛද්‍ය විශේෂඥයින් කොතනකවත් මෙවැනි ප්‍රකාශයක් කරලා නැහැ. මේක දේශපාලන ප්‍රකාශයක්. රජයට විස්වාසයක් නැහැ මෙම එන්නත පිළිබදව. අනෙක් කාරණය මෙලෙස අත්සන් ගැනීම හරහා මහනුවර ජනතාව යම්කිසි පරීක්ෂනයකට භාජනය කරනවාද යන්න සැකය මතුවෙනවා.

රජයට බැහැ එන්නතේ අතුරු ආබාධ වල වගකීම ජනතාවට පවරන්න. එම නිසා රජය කඩිනමින් ප්‍රකාශ්‍යක් කළයුතුයි මෙම අත්සන් ලබාගැනීම පිලිබදව. අනෙක් කාරණය තමා එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබාගැනීමට කැමති බවට අත්සන් ලබාගෙන තිබෙනවා.

මම මේ එන්නත පිළිබදව අන්තර්ජාලයේ කරුණු සොයා බැලුවා. එහි සදහන් කොට තිබෙන්නේ පළමු මාතා්‍රව ලබාගෙන දින 23ක් ඇතුලත දෙවන මාතා්‍රව ලබාගත යුතු බවටයි. එසේ නොමැති වුවහොත් පලමු මාත්‍රාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වී මෙම එන්නතෙන් කිසිම සෞඛ්‍ය ආක්ෂිත බවක් ඇති නොවන බවට එහි සදහන්.

රජය ජනතාවට එන්නත් දෙන ගමන් එහි අතුරු ආබාධ වල වගකීම ජනතාවට පවරනවා. මේවා වෛද්‍ය මත නොවේ. මේවා දේශපාලන මත. එම නිසා රජය මේ සම්බන්ධව පැහැදිලි කිරිමක් කඩිනමින් සිදුකල යුතුයි. ”

– මාධ්‍ය ඒකකය

43,226 views

64 Comments to “අපි හිතුවේ ලොව පිලිගත් ‘AstraZeneca’ දෙයි කියලා.. දැන් දෙන්නේ ‘Sputnik-V’ කියලා එකක්.. අප දමා පරීක්‍ෂා කරනවාද දන්නෙ නෑ..”

  1. Yahoo says:

    මූට දෙන්න ඹ්නේ හරක් ට ගහන එන්නතක්…..
    නාකි ලොම්බා…..
    තුක් නොදකිං තුප්පහි හොරා….
    නුවර⁣ට පාර හදාගන්න බැරි උන ලොසා….
    දුවට නං සුපිරියට හම්බු කරල දුන්නා….
    කාලකන්නියා….

    • Kandy Gentlemen says:

      එළ කමෙන්ට් එක🤣🤣🤣

    • insider says:

      දුවගේ කොම්පැනියට ප්ලෑන් බැලුවට විතරක් කෝටි 200 ගානේ පාරවල් කෑලි පහෙන්ම.
      කොහොමද අපේ ගොන්ස්ගේ වැඩ ..

  2. උපාසක says:

    ඕන ගොනෙකුට ඕන ගොන් කතාවක් කියන්න පුළුවන්. හැබැයි රුසියාව කියන්නේ අපිට වඩා තාක්ෂණයෙන් දියුණු, අපිට වඩා ධනවත් රටක්. ඒ රටේ මිනිස්සුන්ට ස්පුට්නික් V එන්නත දෙන්න පටන් ගත්තේ අපිට දෙන්න ගොඩක් කලින්. ඒ වගේම මේ වනවිට ඇස්ට්‍රසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව විදිහට ස්පුට්නික් එන්නත දෙන්න හැකියාව තියනවා කියලා සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරලා තියනවා.

  3. chandana says:

    දැන් පරම්පරාව ගොඩක් බුද්දිමත් .oya gonkatha parana wadi.

  4. david milibanda says:

    Just check to see whether this idiot has developed HORNS.

  5. වහාම පිස්සන්කොටුවට ..! says:

    සුද්දන්ගේ ඵන්නත අපරභාය සදහා ඉල්ලා හඩාවැටෙන..පාහර හොරි අල්ලට, පිස්සු බල්න්ගේ ඵන්නත් සියක් වකපුටේට විදදමා වහාම පිස්සන්කොටුවට ..!

  6. Lolla says:

    ඔන්න ගොනා අයෙත් උම්බැහ් ගෑවා…..
    මේ නාකියා ඉන්නකන් මුන්ට ගොඩ ඒමක් නෑ…….

  7. MD says:

    මම ඔබ සමගයි.මොකද ඔබ කිව්ව වගේ නුවර ඉන්න කේප්ප වර්ගයේ ගොන්නුන්ට ගහල තමයි පරීක්ෂා කරල බලන්න හදන්නේ.ඔයා බය නැතුව ගහගන්න.ඔබට 100%ක්ම ඕක හරියනවා.

  8. 3% ට බය බයියා. says:

    නැවතත් පොහොට්ටුවේ මඩ .ක්‍රියාත්මක වන බව බුද්ධිමත් ජනතාවට තේරුම් ගිහින් .කැළණියේ නාගරාජයා නැවතත් මතු විය හැක.

  9. Duminda says:

    මූට ගහන්න ඕනේ HIV එන්නත. ‍මධ්යම අධවේගී මාර්ගයෙන් හොරාකාලා දැන් හොරා කන්ඩ බැරි නිසා තරහවට කෙඳිරිගානවා

Main News