අපි 25 දෙනා ඡන්දෙ දුන්නත් විශ්වාසභංගය පරදිනවා.. ආවෙ නැත්තෙ ඒකයි..- අමරවීර

April 15, 2018 at 11:20 am | lanka C news
අපි 25 දෙනා ඡන්දෙ දුන්නත් විශ්වාසභංගය පරදිනවා.. ආවෙ නැත්තෙ ඒකයි..- අමරවීර

පසුගිය දවස්වල විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ එහිදී පක්ෂය තීරණය කළා වැඩි දෙනාගේ මතය අනුව කටයුතු කරන්න. ඒ අනුව අපි විසිපස් දෙනෙක් තීරණය කළා; මේකට විරුද්ධව හෝ පක්ෂව ඡන්දය නොදී ඉන්න.

විශ්වාසභංගය ඉදිරිපත් වුණේ අග්‍රාමාත්‍යවරයාට පමණක් නොවේ. එය ඉදිරිපත් වුණේ යහපාලන රජයටත් විරුද්ධව. ඒ නිසයි අපි 25 දෙනකු එකම මතයක හිටියේ. නමුත් අපි 25 දෙනා විශ්වාසභංගයට පක්ෂ වුණත් විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න බැරි බව අද පැහැදිලියි’ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ නෝනාගමදි පැවැති ගොවීන් සඳහා පාපැදි, මහන මැෂින් සහ උදළු තල බෙදාදීමේ උත්සවයක දීය.

ඒ අනුව පක්ෂ බේද නොතකා රට වෙනුවෙන් කැපවී ක්‍රියාකළ හැකි අය එක්ව කටයුතු කිරීමේ මූලික සාකච්ඡා මේ වන විට පැවැත්වෙනවා යැයි ද ඒ මහතා කීය.

ඉන්දියානු රජයේ ආධාර මත සිදුකළ මෙම ප්‍රදානය සඳහා රුපියල් මිලියන 300 ක් පමණ වැයවී තිබේ. මෙම අවස්ථාව සඳහා ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සිංසිධු මහතා ඇතුළු විශේෂ ආරාධිතයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

– lakbima

12 views

14 Comments to “අපි 25 දෙනා ඡන්දෙ දුන්නත් විශ්වාසභංගය පරදිනවා.. ආවෙ නැත්තෙ ඒකයි..- අමරවීර”

  1. lion says:

    මුදල් වලට රට ජාතිය පාවාදෙන වසලයෝ ගමට ගන්න එපා

    • ජනක says:

      මේකා හිතන්නේ මේකාගේ මොලේ මට්ටමට .මේකා හිතනවා මේවගේ බොරුවක් කිව්වම මේකා අහුවෙනවා වගේ රටේ මිනිස්සුත් මේකා කියන කෙබර අහල අනේ ඔවු අපේ අනාගත අගමැතියා කියන දේ ඇත්ත කියල කියාවි කියල .
      පහත පෙලේ මිනිස්සු දේශපාලනයට එම රටට වියසනයක් .ආත්ම ගවුරවය තියෙන පරම්පරාවෙන් වැදගත් මිනිස්සු කවදාවත් මේවගේ විකිනෙන්නේ නෑ,මොකවත් නැති එවුන් දේශපාලනයට ආවම උන් ලජ්ජා නැතිව හැසිරෙන්නේ .මෙන්න උදාහරණ

    • jayamal says:

      අමරවීර දුමින්ද දෙන්නටම කිසිසේත් නොගැලපෙන පට්ටම් දීලා සන්ධානයත් ශ්‍රීලනිපයත් නැත්තටම නැති වුනා. තවත් ලැජ්ජා නැතිව තමන්ට වත් රටටවත් වැඩක් නැති මේ වගේ අමන කතා කියලා අපේ කාලය නාස්ති කරන්න එපා. ඔය දෙන්නගෙම දේශපාලනය මෙතනින් හමාරයි. ජන පදනම අහිමි වූ අයගේ දේශපාලන මලගමයි මේ අප දකින්නේ.

  2. Ranjan says:

    Boru epa. Thanhawa amethi kamai.

  3. Hoo N P Kaaraya says:

    122 en 25 k aduunama 97 yi. 76 ta 25 k ekathu unama 101yi. Mu angka ganithayawath hariyata igenagena naha wagei. Condostarakama kohoma karaada danne naha. Kithul gahata raa bonna giya ekatath kiyanna deyak thibunane. Dennama eka walle pol.

  4. dasun says:

    Totally agreed. Now the government was cleaned. Work hard and efficiently with PM.

    • Lapaya says:

      Government was cleaned. Work hard with PM to rob Bank of ceylon or Peoples bank quickly left only less than 2 years.

  5. kadiya says:

    තමුන් කරපු වසල පාවාදීම දැන් යට ගහන්න මේ බල්ලා එක එක තර්ක දාන්නේ. මේ විශ්වාස භන්ගෙන් පසු රනිල් කරන සියලු පාවාදීම් සහ ද්‍රෝහී කම් වලට මේ ද්‍රෝහී රැළම වගකිව යුතුය. බොරුකාර සිරිසේනටත් එයින් ගැලවීමක් නැත. රට කුමන හේතුවක් මත හෝ පාවාදෙන උන්ට අනාගතයේ ජනතා අධිකරණයකින් (රෝම ලන්දේසි නීතියට අනුව නොව සිංහල රජ කාලේ නීතියට අනුව) දඬුවම් කල යුතුය.

  6. Chan says:

    Indiaven udaluthala bedanne horen Lankavata panala avith mehe kumburu kotana Indian karayinta lesiyen kotanna puluvan venna ooni hih hih

  7. Rupa says:

    මෙවන් අපතයෙකුට කුමන කොමෙන්ට්ස්ද.

  8. Ratnamalala says:

    nodomakin kalakanni.

  9. අමා says:

    ඉතිහාසයේ මහා පාවා දෙන්නා. මේකා මොන පක්ෂෙන් ඉල්ලුවත් මනාප ලබා නොදීමට වග බලා ගතයුතුයි.
    අනිවාර්යයෙන්ම මේකා ඊළගට යූ.එන්.පීයෙන් ඉල්ලයි.යූ එන්.පී පාක්ෂිකයිනි ඔබලාගේ ඡන්දය පාවා දෙන්නෙත් මේ විදියට තමයි. මතක තබා ගන්න ලබන වර මූට ඇපත් නැති කල යුතුයි. එහෙට මෙහෙට පනින එක රිලවෙකුටවත් අපි ලබන වර පාර්ලිමේින්තුවට ඒමට ඉඩ නොදීමට වග බලා ගමු.

  10. කපුරු says:

    පාපැදි, මහන මැෂින් සහ උදළු තල = මිලියන 300ක් ???
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැම කෙනාටම එක ගානෙ ද?

Main News