අපූරු ධීවර හුවමාරුවක්.. ඉන්දීය ධීවරයින් 109ක් ලංකාව නිදහස් කරද්දී ඉන්දියාව ලංකා ධීවරයින් 06 ක නිදහස් කරයි…

February 21, 2018 at 5:30 pm | lanka C news
අපූරු ධීවර හුවමාරුවක්.. ඉන්දීය ධීවරයින් 109ක් ලංකාව නිදහස් කරද්දී ඉන්දියාව ලංකා ධීවරයින් 06 ක නිදහස් කරයි…

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු හා ඉන්දීය මුහුදු සීමාවට ඇතුල් වූ ශ්‍රීලංකා ධීවරයින් 06 දෙනෙකු නිදහස් කොට යාපනය කන්කසන්තුරෙයි මුහුදේදී හුවමාරු කරගැනීම සවස සිදු විය.

කන්කසන්තුරෙයි මුහුදු සීමාවට උතුරින් වූ අන්තරජාතික මුහුදු සීමාවේදී මෙම ධිවරයින් භාරදීමේ කටයුතු සිදු වූ අතර එම කාර්ය සඳහා නාවික හමුදාවේ වේග ප්‍රහාර මුර යාත්‍රාවන් වන එඩිතර හා ප්‍රතාප යන යාත්‍රාද වෙරලාරක්ෂක දෙපාරතමේන්තුවේ සී.ජී.409 යන වේග ප්‍රහාරක යාත්‍රාවද එක් විය.

මෙරට අත්අඩංගුවට පත්ව නිදහස් වූ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාව විසින් ඉන්දීය වෙරලාරක්ෂක බලකායේ අතුල්යා සහ රාණිදුර්ගාවතී යන නෞකාවන් වෙතට භාරදීමට කටයුතු කළ අතර ඉන්දියාවෙන් නිදහස ලබා නාවික හමුදාව වෙත භාර දුන් ධීවරයින් පිරිස ක්නකසන්තුරෙයි නාවිකහමුදා උත්තර ආයතනය වෙතට රැගෙන ඒමෙන් පසුව යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාරදීමට නාවික හමුදාව විසින් කටයුතු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

102 views

3 Comments to “අපූරු ධීවර හුවමාරුවක්.. ඉන්දීය ධීවරයින් 109ක් ලංකාව නිදහස් කරද්දී ඉන්දියාව ලංකා ධීවරයින් 06 ක නිදහස් කරයි…”

  1. kumara says:

    ayi danne nedda? indiyawa lankawa wage 60 gunayak visalayi kiyala…

  2. උකුස්සා says:

    මෝඩි ගේ මොඩලයට සිරිසේනගේ දෙමළ සංහිදියාව සහජිවනේ ..අහෝ රටකට සිදු වූ විනාශය
    පොළොන්නරුවේ හිටන්ට බයේ සිංහලයා තවම නිදිද ?

  3. Senarath says:

    අනේ මන්ඳා මහින් ද රජතුමා තමයි මේ කෝලං පටන් ගත්තේ. නේවි එක මුංව අල්ලනවා මහින් ද නිදහස් කරනවා. හරිහැටි බයනැති රජෙක් කවදා එයි ද ?

Main News