අපෙන් වැඩ කරගෙන පොහොට්ටුවට කතිරෙ ගහනවා.. උඹලා කෙලෝ ගනිල්ලා මං නිකං ඉන්නවා..- රංග බණ්ඩාර දේශපාලනයෙන් සමුගනී..

July 28, 2018 at 2:10 pm | lanka C news
අපෙන් වැඩ කරගෙන පොහොට්ටුවට කතිරෙ ගහනවා.. උඹලා කෙලෝ ගනිල්ලා මං නිකං ඉන්නවා..- රංග බණ්ඩාර දේශපාලනයෙන් සමුගනී..

2020 දී දේශපාලනයෙන් සමුගන්නා බව වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණය රජ්‍ය අමාත්‍ය ආණමඩුව ආසන සංවිධායක පාලිත රංගේ බංඩාර මහතා පැවසීය.

ජනතාවට කොපමණ සේවය කළත් පහුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට කතිරය ගැසූ බවත් ජනතාව ඔලුව වෙනස් කරගෙන වෙනසක් නොවන්නේ නම් ජනතාවට සේවය කිරීමෙන් පලක් නොමැති බවත් තමා දේශපාලනයෙන් සමුගන්නා බවත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සැමට සෙවන ගම් උදාව යටතේ 97 වන ආදර්ශ ගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම කුරුළුවැව ප්‍රදේශයේ ඉදිවූ රන්සිළුගම ගම්මානය (27) ජන සතු කිරීමේ උත්සවයේදී ජනතාව අමතමිනි.

‘මේ දෙවසර ඇතුළත මේ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ සැබෑ පරිවර්තනයක් සිදු වෙනවා. ඒක අයහපත් පැත්තට නෙමෙයි ඔබට ඔබේ දරුවන්ට යහපත් අනාගතයක් ඇති කරන විදියේ යහපත් පරිවර්තනයක්.

මේ ආනමඩුවේ සංවිධායකවරයා විදිහට ආණමඩුවේ ජනතාව භුක්ති විඳින්නට සලස්වන රංග බණ්ඩාර කැප වෙනවා ඉන්නවා කියන එක විශ්වාසය තියාගෙන ඉදිරියට වැඩ කටයුතු කරන්න හැබැයි මේ විදුලි ඔක්කොම දුන්නත්. පාලම් ගණනාවක් ගැහුවත්. ගම්මාන මෙච්චර හැදුවත්. මැතිවරණ එනකොට ආනමඩුව මිනිස්සු ස්තූතියි කියලා ගහන්නේ අපට විරුද්ධව කතිරය.

වැඩියෙන්ම වැඩ කරනවා මේකේ හැබැයි අඩුවෙන්ම ඡන්ද හම්බෙන ආසනේ හැත්තෑ හතේ මුළු ආසන අටට බහිනකොට මේක ගියේ අතට එදා කතිර ගැයුවේ වැඩ කරල නෙමෙයි පාන් පිටි ටිකට ගිහින් කෙළිය අප්පලා අනිත් පැත්තට.

මේ කාල පරිදි පරිච්ඡේදය තුළ පූර්ණ වෙනසක් කරන්න මෙහෙම වැඩ කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ හැබැයි ප්‍රාදේශීය සභා මැතිවරණය එනකොට ගිහිල්ලා ගැහැව්වා පොහොට්ටුවට.

අපි දුන්න දුන්න ගේ ඉඳගෙන අප දුන්න සිමෙන්ති කොට්ටෙන් බදාම දාගෙන කපරාදුව දාගෙන ගිහිල්ලා ගහනවා පොහොට්ටුවට. අපි දෙන පානීය යෝජනා ජල යෝජනා ක්‍රමයෙන් උදේට වතුර එක බීලා වීදුරුව තියල ගිහිල්ල කතිරේ ගහන්නේ පොහොට්ටුව.

මේක පුදුම ආසනයක් මං දන්නෑ මේක කොහොම වෙනස් කරන්න ද කියලා කොච්චර කළත් වැඩේ අරගෙන ඉවර වෙලා ස්තුතියි කියලා අනිත් පැත්තට හැරිලා ගිහිල්ලා කතිරේ ගහන්නේ අපට විරුද්ධ පැත්තට. අනේ අප්පේ මේකත් වෙනස් කර ගන්න.

පාරවල් ටික හදනවා නම් ලයිට් ටික දීලා තියෙනවා නම්. බොන වතුර ටික දීලා තියෙනවා නම්. වැවට වතුර ටික ගේනවා නම්. ඉඩම් ටික සංවර්ධනය කරනවා නම්. ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩ කරනවා නම්. විශ්වවිද්‍යාල ගේනවනම් . කාර්මික විද්‍යාල ගේනවනම්. පොළවල් හදනවනම්. ගම්මාන මෙච්චර හදනවනම්. මේ සියල්ල හදන කොට ඇයි යකෝ ඔලුව වෙනස් කරගන් නැත්තේ.

ඒක වෙනස් කර ගන්නැතුව ගිහිල්ලා පොහොට්ටුවට හරි මොකේට ගහනවා. වැඩ කරන්නේ මෙතන පච කෙලින්නේ අතන වැඩකරන තැනට කතිරේ ගහන්නේ නෑ පච කෙලින තැනට කතිරය ගහනවා.

මම හිතා ගත්තා 2020 වෙන කොටවත් මේකේ පරිවර්තනයක් වෙන්නේ නැත්නම් එතනින් එහාට තව වැඩ කරන්න මහන්සි වෙලා වැඩක් නැහැ.විශ්‍රාමයක් අරගෙන ගෙදරට වෙලා ඉන්නවා කියලා.

කෙළෙහි ගුණයක් නැත්නම් වැඩ කරලා මොනවා කරන්නද කෙරෙන්නේ යූ ඇන් පියෙන් කතිරය ගහන්නේ මගේ අප්පලා ගිහිල්ලා අනික් පැත්තට.

ඉතින් මොකද කරන්නෙ දැන් මේක එපා නම් අපිත් මේක අත අරින්නම් 2020 වෙනකම් උපරිම වැඩ කරලා බලන්නම් එතනින් එහාටත් මගේ අප්පලා කතිරේ ගහන්නෙ අනිත් පැත්තට නම් උඹලා කෙලෝ ගනිල්ලා මම නිකං ඉන්නවා’

– lankadeepa

150 views

17 Comments to “අපෙන් වැඩ කරගෙන පොහොට්ටුවට කතිරෙ ගහනවා.. උඹලා කෙලෝ ගනිල්ලා මං නිකං ඉන්නවා..- රංග බණ්ඩාර දේශපාලනයෙන් සමුගනී..”

  1. Raawana says:

    jala yojanaa kramayak hadala thibenawa kiyala dena gaththe Vodka bothale watura thibuna dawase…..

  2. Love nature says:

    දැන් ආණ්ඩුවට අව්රුදු 3ක්. මතක නැත්නම් මේවත් මතක් කරගනින්
    යහපාලන පොරොන්දු වලින් ටිකක්……

    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම
    බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම
    කාර් මිල අඩු කිරීම
    නොමිලේ යතුරු පැදි ලබා දීම
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම
    නොමිලේ wifi රටපුරා ලබාදීම
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම
    පවුල් පාලනයට තිත තැබීම
    රබර් සඳහා රු 350ක සහතික මිලක් ලබාදීම
    තේ සඳහා රු 80 ක සහතික මිලක් ලබා දීම
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම
    රාජ්ය සේවක සියලු දීමනා මුලික වැටුපට එකතු කිරීම
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම
    ජනපතිගේ, අගමැතිගේ ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා නොකිරීම
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම
    හමුදාව සිවිල් වැඩ කටයුතු වලින් ඉවත් කිරීම
    අත්යවශ්ය භාණ්ඩ වල මිල අඩු කිරීම
    බදු අඩු කිරීම

  3. Hitan@Hutan.com says:

    ජල යෝජනා ඕනෙ නැහැ,දෙන්නකො වොඩ්ක වතුර​?

Main News