අපේක්‍ෂකත්වය ගන්න කොන්දේසි 05කට සජිත් එකග වේ.. හෙලි නොකරන්නැයි එජාපෙ පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලයි..

September 27, 2019 at 11:20 am | lanka C news
අපේක්‍ෂකත්වය ගන්න කොන්දේසි 05කට සජිත් එකග වේ.. හෙලි නොකරන්නැයි එජාපෙ පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලයි..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ලෙස නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඒකමතිකව තීරණය කළ බව පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (26 වැනිදා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (26 වැනිදා) පස්වරු 3.00ට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ විය. එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබේ. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් කිරීම පළමු යෝජනාවයි. බලය බෙදා හැරීම, නව මැතිවරණ ක්‍රමය, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කඩිනමින් සිදුකිරීමට ජනාධිපති ධුර අපේක්ෂකයාට පැවරෙන වගකීමක් බව පවසමින් දෙවැනි යෝජනාව ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනා දෙකම සම්මත වීමෙන් පසු ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඒකමතිකව තීරණය විය.

ඉන් පසු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේදී ඒකමතිකව තීරණය ලැබුණු බව මහලේකම්වරයා කියා සිටියේය. අගමැති ධුරයේ සහ පක්ෂ නායකත්වයේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටියේය. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවීම පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ සභාපති කබීර් හෂීම් විසින් සිදු කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමේ රැස්වීමක් එළඹෙන 30 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය ලබන මස 03 වැනිදා පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ මංගල රැලිය ඔක්තෝබර් 10 වැනිදා පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය. මෙම මාධ්‍ය හමුවට එක් වූ පක්ෂ සභාපති කබීර් හෂීම් පැවසුවේ ඉදිරි වසර හයක කාලයද එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරන බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ද සහයෝගය ලබා දීමට සූදානම් බව ඔහු සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවෙන් පසු ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මාධ්‍ය හමුවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පවත්වන ලදී. තමන් හංසයා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන බවත් කිසිම කොන්දේසියකට එකඟ නොවූ බවත් ඔහු අවධාරණය කර සිටියේය. සැඟවුණු න්‍යාය පත්‍ර නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කිරීමට පෙරමුණ ගන්නා බව සජිත් ප්‍රේමදාස මෙහිදී කියා සිටියේය. 2015 ජනවරමට අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැපවන බවද ඔහු පැවසීය.

ජනාධිපති ධුර අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස නම් කරන අවස්ථාවට සහභාගි වීමට පක්ෂ සාමාජිකයන් රැසක් සිරිකොත පක්ෂ මූලස්ථානය අසලට රැස්ව සිටියහ. ඔවුන් සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීමේ සටන් පාඨ ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබුණි.

මේ අතර අරලියගහ මන්දිරයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ විශේෂ රැස්වීමක්ද ඊයේ (26 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, නවීන් දිසානායක, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල එක්ව සිටියහ. මෙම රැස්වීමේදී යෝජනා පහකට එකඟතාව පළ කිරීමට සජිත් ප්‍රේමදාස කැමැත්ත පළ කළ බව වාර්තා වෙයි. එම එකඟත්වය ජනතාවට හෙළි නොකරන ලෙසද සජිත් ප්‍රේමදාස මෙහිදී ඉල්ලා තිබේ.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ‘‘හංසයා’‘ ලකුණ දරන පක්ෂය වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වූයේද මෙම ලකුණෙනි. මෙම පක්ෂයේ නායකයා වන්නේ ශලිල මුණසිංහ වන අතර ලේකම් ධුරය හොබවන්නේ ශාමිලා පෙරේරාය.

– aruna.lk

45 views

13 Comments to “අපේක්‍ෂකත්වය ගන්න කොන්දේසි 05කට සජිත් එකග වේ.. හෙලි නොකරන්නැයි එජාපෙ පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලයි..”

  1. VAT says:

    Apparently SAJITH has expelled from the UNP. He will face what happened to Sira, SF

    • ඒක ඇත්ත. ජනාධිපති වරනයෙන් පැරදුනු ගමන් උපනායකත්වයත් ඉවරයි. ආයෙත් එකේ ඉදන් එන්න වෙනව. රනිල් සහ ගජ මිතුරු සංගමේ චන්දවත් සජීට නැහැ. කොටි හිතවාදීන් රතින්නා පත්තු කරල පිලිගත්ත මනුස්සය මේ සිංහල රටේ ජනාධිපති කරගන්න හිතෙන සිංහල්ලුංගෙ මොලේ පරීක්ෂාකරව ගත්තොත් හොදයි චන්දෙට කලින්. බඩුද්දීන් ඉන්නෙත් සජීගෙ වම් පැත්තෙන් හිටගෙන. හකීම් දකුනු පැත්තෙ.

      • ✂✂🐘🐘✂✂ says:

        දියෙන් කිරි වෙන් කරන්නා හංසයා නොවෙද
        මේ හංසයා සිංහලේ රටින් වෙන් කරල දමයිද
        රහස් එලිනොකරන කොන්දේසි තව මොනවද
        අනේ අපොයි බෙදුන සිංහලයගෙ හෙලුව නේද

  2. suresh says:

    පේක්ෂකයන්ගේ සුදුසු කම්

    ගෝටභය රාජපක්ෂ
    1. ලුතිනන් කර්නල් (Msc (IT)- කොළඹ විශ්වවිද්‍යාලය , Psc, රණවික්‍රම, රණශුර ) වඩමාරච්චි , අකුණුසැර, ත්‍රිවිධ බල මෙහෙයුම් වලදී පාබල හමුදා බලකා වලට අණදී ඇත. කොතලාවල ආරක්ෂක ඇකඩමියේ ප්‍රධානියා වශයෙන් විශ්‍රාම ලබා ඇත.
    2.පරිගණක පද්දති ප්‍රවර්ධක හා සුර්ය බල පද්දති ආයතනයක පරිපාලක වශයෙන් සේවය කොට ඇත
    3. ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්

    සජිත් ප්‍රේමදාස
    1. 10 වසර සමත් , ආර්ථික විද්‍යා උපාධි පාටමාලා සහබාගිත්වය
    2. නියෝජ්‍ය ඇමති ( වසර 2.5) – සව්ක්ය හා පෝෂණ කටයුතු
    3. කැබිනට් ඇමති ( වසර 5) – නිවාස හා ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු

  3. Sun says:

    These are the tricks of the party leader who knows nothing other than following American politics. Even the fellow members are puppets like sensuality without any principles. If this person come to power one thing is sure. He will sell the whole country to foreigners for few dollars under the guidance of the crook. Ultimately there is no place for us to live my dear friends. Use your heads and develop your thinking.

  4. අමරබංදු රූපසිංහ says:

    ඔය ගිවිසුමේ තියෙනනේ ජනාධිපති උනාම කලයුතුයි කියලනෙ. ඒ නිසා කොන්දේසි 5ක් නෙවෙයි, 50ක් උනත් කිසිම ගැටලුවක් නෑ. මොකද ඒ කිසිදෙයක් සපුරාලීමේ අවශ්‍යතාවයක් මතුනොවෙන නිසා.

  5. lanka says:

    UNP eka KANDAK WILI dala MI PATIYEK waduwa.

    • JANATHAAWA says:

      Have they legitimate or moral right to bargain very urgent steps that are needed to maintain the unitary status of the motherland for power ,without a referendum?

  6. Ray says:

    If the conditions Sajith has agreed to are revealed he will lose Sinhala votes wholesale. That is why these are kept secret. But these conditons will leak out, then Sajith is finished.

  7. සිංහලයා says:

    හරිම සරලයි.දැන් තියෙන්නේ පැති දෙකයි.සිංහල ජාතික වාදී පැත්ත සහ විජාතික පරගැති පැත්ත.එච්චරයි.රටට ආදරේ එවුන් ගෝඨාට ඡන්දය දෙයි.

    • Sun says:

      They are also following the American strategies of controlling people. No democracy at all . Just pretending like fighters of rights in a dual way.

  8. 77 UNP says:

    ශලීල මුණසිංහ ‘‘හංසයා’‘ ලකුණ දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සභාපති. බ්‍රිතානයේ පුරවැසියකු වන ඔහු අදටත් ජීවත්වන්නේ බ්‍රිතාන්යයේ. හේතුව විදෙස් රටක බැංකුවක් කඩලා එහි මුදල් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරලා ගෝණි පිටින් මුදල් අරගෙන බැංකුවෙන් පිටවෙනකොට ඇල්ලුවා. යහපාලන රජයේ අනුග්‍රහයෙන් ඇප අරගෙන හොරෙන්ම රටින් පැන්නා. බැංකු හොරාගේ පක්ෂෙන් නිදන් හොරා චන්දෙ ඉල්ලනවා. හරි ෂෝක්.

  9. Spm says:

    හරිම සරලයි.දැන් තියෙන්නේ පැති දෙකයි.සිංහල ජාතික වාදී පැත්ත සහ විජාතික පරගැති පැත්ත.එච්චරයි.රටට ආදරේ එවුන් ගෝඨාට ඡන්දය දෙයි.

Main News