අපේක්ෂකත්වය බලෙන් ගන්න සජිත් පිල සැරසේ.. සිරිකොත ඉදිරියේ උපවාස.. අරලිය මැදුර වටලයි..
August 23, 2019 at 3:00 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සදහා එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් එය බලහත්කාරයෙන් හෝ ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර ඇත.
සජිත් පිලේ මැති ඇමති පිරිසක් මෙම සාකච්චාව සිදු කර ඇත්තේ ඇමති සුජීව සේනසිංහ මහතාගේ ඥාති නිවසක යයිද වාර්තාවේ සදහන්ය.
සිරිකොත එජාප මූලස්ථානය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කිරීම, අරලියගහ මන්දිරය වැටලීම වැනි කටයුතු ගැනද සාකච්චා කර ඇති බවද එහි සදහන්ය.
ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂක ලෙස නම් කිරීමටද එම පාර්ශවය එකග වී ඇතැයිද එහි තව දුරටත් වාර්තා කර ඇත.