අපේක්‍ෂකත්වය ලැබුණත් තාත්තා පරාදයි කිවුවා කියා විපක්‍ෂ ජ්‍යෙෂ්ඨයාගේ පුත‍්‍රයාට මල පනී.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ බෙල්ලෙන් අල්ලා බිත්තියට තබා මරණ තර්ජන කරයි..

July 24, 2019 at 10:31 pm | lanka C news
අපේක්‍ෂකත්වය ලැබුණත් තාත්තා පරාදයි කිවුවා කියා විපක්‍ෂ ජ්‍යෙෂ්ඨයාගේ පුත‍්‍රයාට මල පනී.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ බෙල්ලෙන් අල්ලා බිත්තියට තබා මරණ තර්ජන කරයි..

මීලග ජනාධිපති අපේෂක්‍කයා ලෙස විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා සුදුසු යැයි කතාවන ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙකුගේ පුත්‍රයකු විසින් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන කර ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්දයෙන් නවක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සමඟ පැවති සාකච්ඡාවකදී අපේක්ෂකත්වය ලැබුණද ජ්‍යෙෂ්ඨයාට ජය ගැනීමට නොහැනි යයි මන්ත‍්‍රීවරයා පැවසීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.

එම ප‍්‍රකාශයෙන් කෝපයට පත් වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා විසින් නවක මන්ත්‍රීවරයා බෙල්ලෙන් අල්ලා බිත්තියට හේත්තු කර මෙම තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

‘නැවත ඔය කතාවක් කිව්වොත් මරා දමනවා’ යයි කියමින් තමනට තර්ජනය කල බව නවක මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ කිහිපදෙනකු සමඟම පවසා තිබේ.

මෙම ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයා හෝ පුත‍්‍රයා රාජපක්ෂ පවුලේ කිසිවකු නොවන බවද සදහන් කල යුතුය.

22 views

7 Comments to “අපේක්‍ෂකත්වය ලැබුණත් තාත්තා පරාදයි කිවුවා කියා විපක්‍ෂ ජ්‍යෙෂ්ඨයාගේ පුත‍්‍රයාට මල පනී.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ බෙල්ලෙන් අල්ලා බිත්තියට තබා මරණ තර්ජන කරයි..”

  1. Upul says:

    This is the type of behaviour that these younger generation has learned from their elders. We can now see the the damage done to the country by these thug politicians.

  2. කුඩා දරුවා says:

    මේ රටේ කඩප්පුලි දේශපාලකයොන්ගේ කඩප්පුලි දරුවෝ හිතාන ඉන්නේ මේක උන්ටයි උන්ගේ අප්පලටයි ගිය රට කියලා … වෙල්ගමගේ කොලූත් එහෙමයි..
    තුක් නොදකින් … අඩුකුලේ පර හැත්ත

  3. Vesamuni says:

    mema jestaya jvp 5 s denagen ekek wiya haekiy.

  4. oruthota says:

    Okkoma Deshpalan puttu ekai wensak naa nedha???

  5. HENA says:

    welgama mallith pora kanne channde illanna ne….

    ganu tika iwarai..

Main News