අපේක්‍ෂකයෙක් පන්දාහ බැගින් කෝටි දෙකක සල්ලි බෙදයි..

July 31, 2020 at 12:01 pm | lanka C news
අපේක්‍ෂකයෙක් පන්දාහ බැගින් කෝටි දෙකක සල්ලි බෙදයි..

මෙවර මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 5000 බැගින් මුදල් ඡන්ද දායකයන්ට බෙදා දී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ ආකාරයෙන් රුපියල් කෝටි 2ක මුදලක් බෙදා දී ඇතැයි එම මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා පවසයි.

ඒ අනුව මෙවර මැතිවරණයේ සම බිමක් නිර්මාණය වී ඇති නොපෙනෙන බව ද ඔහු පැවසීය.

අසීමිතව මුදල් වියදම් කරලා අපේක්ෂකයන්ට තම ජයග්‍රහණය සනාථ කර ගැනීමේ හැකියාවක් උදාවී ඇතැයිද ඔහු තව දුරටත් සඳහන් කළේය.

44,123 Viewers

9 Comments to “අපේක්‍ෂකයෙක් පන්දාහ බැගින් කෝටි දෙකක සල්ලි බෙදයි..”

  1. සයිමා says:

    අන්න මිනිස්සුන්ගෙ දුක දන්න අපේක්ශකයෝ. කොහොමත් කියන්නෙත් බොරු. දෙන්නෙත් බොරු පොරොන්දු එකේ මෙහෙම කීයක් හරි අරගෙන හරි චන්දෙ දාන එක සාධාරනයි. කොහොම කරත් දින්නට පස්සෙ ඕකුන් ඔය ගාන මිනිස්සුන්ගෙන් හම්බ කරනවනේ. සමහරු කඩේ යන්නෙ කිසිම දෙයක් නැතුවනේ.
    බහුතර ගොන්හරක් ජනතාව මේ වගේ වාසියක් අරගෙන කඩේ ගියාට කමක් නෑ. මෙච්චර දේශපාලන අත්දැකීම් තියෙන රටක මිනිස්සුන්ගෙන් 90%කට වඩා අදටත් රැවෙටෙනවා දේශපාලුවන්ට.

  2. කෝමලී පිල්ලේ says:

    නිමල් සිරිපාල ද සිල්වා

  3. kings says:

    ඕන එකක් ගනිල්ල මිනිසුනේ. හැබැයි ඔලුව පාවිච්චි කරල ඡන්දෙ දීපල්ල

  4. 77 UNP says:

    මුන් මේ බෙදන්නේ ජනතාවගෙන්ම හොරාකාපු සල්ලි. ඒ නිසා 5000/= අරන් චන්දෙ දෙන්න ඕන නැහැ. ඒවගේම 5000/= නොලැබුණ අය මොහුට කොහොමවත් චන්දෙ දෙන්න ඕන නැහැ. තමුන්ට කරණලද නොසලකහැරීම නිසාම නෑයෙක්, යාලුවෙක් වුනත් චන්දෙ නොදිය යුතුය. 5000/= දුන්නම ලැබෙන්නේ චන්ද 4000 විතරයි, ඒ අනුව මූ පට්ට ගොනෙක්.

  5. APPUHAMY says:

    Sirisena wants to get 150,000 to 200,000 votes. For Dudley, Rs 5k is a piece of cake, extra Rs 2 from a kg of rice can produce enough cash.

    Sira will win, but not number one. Pollonnaruwa has only 5 seats. 2018 provincial elections, sira as President, his party only got 33 percent. So now with his bad image, he will be lucky to be either number 4 or 5. But he will win a seat, courtest of Dudley’s cash,.

  6. Lalith disanayaka says:

    පාස්කු හරීන්.

  7. මේකත් ලොකු දෙයක්ද බ්‍රෝ. අපේ සජිත් වේදිකාවට නැගපු වෙලේ ඉඳලා කියන්නේ දෙන එක ගැනමනේ. අරක දෙනවා, මේක දෙනවා, 20000ක් දෙනවා, අන්තිමේදී හෙට අනිද්දා වෙනකොට බලය ගන්ට ජලනීත් දෙනවා කියයි. මේන් කැටතියලා කීවා.

Leave a Comment

Main News