අපේක්‍ෂක වෙන්න රනිල් දුන් අභියෝග දෙකම සජිත් ජය නොගනී.. එජාපෙ හා දෙමල සන්ධාන සාකච්චා එකගතාවක් නෑ..

September 16, 2019 at 12:02 am | lanka C news
අපේක්‍ෂක වෙන්න රනිල් දුන් අභියෝග දෙකම සජිත් ජය නොගනී.. එජාපෙ හා දෙමල සන්ධාන සාකච්චා එකගතාවක් නෑ..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ජයගත යුතු අභියෝග දෙකම එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ජයගත නොහැකි වී ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා ගිය සතියේදී සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවති සාකච්චාවේදී දන්වා තිබුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමට නම් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල සහයෝගය ලබාගත යුතු බවයි.

දෙවැනි කොන්දේසි වශයෙන් දන්වා තිබුනේ දෙමල ජාතික සන්ධානයේද සහාය ලබා ගත යුතු බවයි.

ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

ඔවුන් දන්වා ඇත්තේ තම සහයෝගය ලබාදීමට පෙර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා බවට පත් වන ලෙසයි.

ඉන් පසුව දෙමළ ජාතික සන්ධානය සමග පැවති සාකච්ඡාවේ දී ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් තම කොන්දේසිවලට ලිඛිත එකගතාව ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව එම සාකච්ඡාවද එකගතාවයෙන් තොරව අවසන් වූ බව වාර්තා වෙයි.

මේ තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් සිදුකිරීමට නියමිතය.

24,724 Viewers

One Comment to “අපේක්‍ෂක වෙන්න රනිල් දුන් අභියෝග දෙකම සජිත් ජය නොගනී.. එජාපෙ හා දෙමල සන්ධාන සාකච්චා එකගතාවක් නෑ..”

  1. gamarala says:

    එක්සත් ජාතික පක්ෂයේ අවසානය කිරිබත් කමු

Main News