අපේල් 23 ඉන්දීය ඉන්ධන ණය ඉවරයි.. මැයි මාසයට ඉන්ධන ගැන නොදනී.. දැවි තෙල් නැතිව විදුලි කප්පාදුවත් ඉහලට…

April 17, 2022 at 3:00 pm | lanka C news
අපේල් 23 ඉන්දීය ඉන්ධන ණය ඉවරයි.. මැයි මාසයට ඉන්ධන ගැන නොදනී.. දැවි තෙල් නැතිව විදුලි කප්පාදුවත් ඉහලට…

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන ඉන්ධන අප්‍රේල් මස 23 දායින් අවසන් වන බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

එම ණය යෝජනා ක‍්‍රමයේ අවසන් ඉන්ධන නැවු දෙක පැමිණීමට නියමිතව ඇති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව මැයි මාසය සඳහා ඉන්ධන ලබා ගන්නා ක්‍රමයක් මෙතෙක් නොදන්නා බවද ඔහු පෙන්වා දෙයි.

එනම් මැයි මාසයේ සිට රටම නවතින තැනට රටම අඳුරට පත් වන තැනකට ගමන් කරමින් තිබෙන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මේ වන විටත් දැවි තෙල් අවසන් වී ඇති නිසා විදුලි කප්පාදුව සිදු කරන පැය ගණන තවත් ඉහළ දැමීමට සිදුවන බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

144,834 views

13 Comments to “අපේල් 23 ඉන්දීය ඉන්ධන ණය ඉවරයි.. මැයි මාසයට ඉන්ධන ගැන නොදනී.. දැවි තෙල් නැතිව විදුලි කප්පාදුවත් ඉහලට…”

  1. Pure SL says:

    ඇ යි ඔය කියන පාලිතට බැරිද පිටරට සප්පොර්ටලාගෙන් ඩෝරල් ඉල්ලලා ලංකාව‍ට ගෙනගන්න . මේකට විසදුම කියන්නේ ඒකයි . දැන් විවේචනය ඇති . ඉදිරි සැලැස්ම මොකක්ද ? කොහොමද මේ වියසනයෙන් රට ගොඩ ගන්නේ . ඊලග සැලැස්ම කුමක්ද ? පාලිත ලග ඒක තියෙනවාද ?

    • Silva says:

      ඉය කලින් උබෙ රාජපක්ෂ හාමුලට ගෙදර යන්න කියපන්.

    • 3ත් නැති ජෙප්පා says:

      යකෝ දැන් මේ ට්‍රේඩ් යුනියන් කාරයොද රටේ තීරන ගන්නෙ…. මොකා රට කලත් මුන්ගෙ අඬු කැඩුවෙ නැත්නම් කොහොමත් රට ඉවරයි

  2. විසදුම says:

    ගොටු සහ පන්දම් අල්ලා ආණ්ඩුවට හේත්තුවී පස් කපාගෙන ගස් කපාගෙන ෂේප් එකේ ඉන්න එවුන් මේ රටේ වැහි වැහැලා වුනාට මොකද හිත උණුවෙන මිනිස්සුන්ගෙත් අඩුවක් නෑ. ඒත් තව දුරටත් අවනීතිය එක්ක මේ රට ගෙනියන්න බැහැ. මන්ත්‍රීන් විගණනය කරන්න යයි ස්වේච්ඡාවෙන් කී කිහිපදෙනෙකු සිටියද නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක නැහැ. අධිකරණය ස්වාධීන කර විශ්වාසය පෙන්වන්න මේ නඩය යා යුතුයි. එවිට එතෙර ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ ආයෝජයකයන් පවා ඒවි. මුන් ගහන කප්පම් එක්ක ආයෝජකයො එනව බොරු.

  3. Lalith m says:

    මේ පඩංගු කම්කරුවන්ට බලය දීල ලක්ෂ ගනන් පිංපඩි ගෙවීම නවතල සිපෙට්කෝ පුද්ගලික අංශයට දෙන්න. අපේ ගමෙත් ඉන්නව ආරක්ෂක අංශ සමිතිකාරයෙක්. තියෙන සැප රාජ්‍ය පරිපාලන සේවයටත් නෑ.මේ අපේ රටේ සල්ලි නේද.මුන්ගෙන් ආයතනය ගන්න සේවය මොකක්ද ගෙවන පින්පඩියට.

  4. Kamala 😬 says:

    දැන් මේ බල්ලට කවුද ඛනිජ තෙල් ඇමති කම දුන්නෙ?අනුන්ගෙ සීනි කිරන් නැතුව තෝ හිටු

  5. Gamini Vithanachchi says:

    අදාල ආයතනයේ වගකියයුතු ප්‍රවෘත්ති නිලදාරියෙක් ගෙන් නිතරම තොරතුරු අහන්න. මේ මහත්මයා trade union එකක කෙනෙක්නෙ . එයාගෙන් ගන්න trade union ගැන විස්තර .

  6. අපි බංකොලොත් says:

    කැකුණ ඇට තලා තෙල් මිරිකා ලාම්පු පත්තු කරගෙන ඉමු.
    වාහන මස්කර කිලෝ ගානට චීනෙට විකුණමු.

  7. John the baptice says:

    ඊට කලින් රජය පන්නමු.

  8. අරගළයේ ඉදිරි පිම්ම,.! says:

    ඉහළ සිට පහළට සමස්ත දේශපාළුවන්ගේ සහ දූෂණයට සම්බන්ධ ඉතිහාසගත ආර්ථිකය ඝාථක ත්‍රස්තයන් සහ ඔවුන්ගේ පවුල් ජාළයන් සහ ගම් නියම්ගම් සිසාරා විහිදී සිටීනා දූෂිත කුළීහේවායන්ගේ ජාළය,. සමස්ථ ළෝකයම වෙළාගන්නාළද ළද, විවිධ වූ ගෝළීය වසංගත නිර්මාණය කර රටවළ් කොළ්ළකන සමස්ථයට විරුද්ධ සහ දැවැන්ත දූශිත ජාළය වැටීම ශ්‍රී ළංකාව තුළින් ආරම්හ වූ වගයි,.!
    දැවැන්ත මහබැංකු කොළ්ළය සිදුකර නිරූපද්ධිතව සිටිනා සමස්තය සහ ගෝළීය වශයෙන් සම්බන්ධ දැවැන්ත ජාළය, සහ ගෝළීය වසංගතයක් ළෙස ඉස්මතුවූ මිනීමරු ඔෟශධ මාපියාව, රටවළ් අස්ථාවර කරනා දැවැන්ත දූශීත ත්‍රස්තවාදය පරාජය වහා කේටුකර විනාශ කීරීම දැවැන්ත අරගළයේ දෙවෙනි මෙහෙයුම ගෝටා ගෝ ගම තුළින් ආරම්හ වූ වගයි,.!
    පරිසරය සතා සිව්පාවා සහ ජනජීවිතය වෙළාගන්නාළද, සමස්ත ප්‍රතුවියේ ජිවයට අහියෝගයක්වන ගෝළීය දූශිත ජාළය සූනූවිසූනු කිරීමට ආරම්හය මාත්‍රෲහූමිය තුළින් අසීමාන්තික බළයකින් ජවසම්පන්න “ගෝටා ගෝ ගෝළීය ගම්මානය ” තුළින් ආරම්හ වූ වගයි,.!
    නොනවතින සටන ඉදිරියටම,.!
    ජනතා අරගළයට නියත ජය,.!

    වහාම සහයෝගය සඳහා සියළු පරිසර සංවිධාන ස්වාධීන නීතීඥ ප්‍රජාව ජවය ශක්තිය සමගින් වහාම අරගළ හූමියට අනූගත වනු,.! සමස්ථ
    දේශපාළුවන් දූශීතයන් තොටුකර ගැනීමේ දූෂණයට ළක්වූ සම්පත් නෑවත අත්පත්කරගනිමින් නීතිය ස්ථාපිත කර දූශීතයන් බළයෙන් පන්නා දමා සමස්ත යාන්ත්‍රණය අභික්‍රමණය කිරීමේ දැවැන්ත සංග්‍රාමය ජවය බළය ශක්තීය සමග ආරම්හ වූ වගයි,.!
    පාට පක්‍ෂ ක්‍රළමළ ජාති ආගම් බේද වර්ග වර්ණභේද ස්ත්‍රී පුරුෂ බේදවළින් තොරව සමස්ත තාරුන්‍යයේ ජවය පෙරටුකොට, සමස්ත බෙදීම් විණාශ කරනා දූෂණයට එරෙහි දූෂිතයන් පන්නන, දූෂිතයන් දඩුවම්දෙන කොළ්ළකෑම සම්පත් නෑවත අත්පත්කරගන්නාළද සමස්ත පාළනය පිරිසිදූකරනා දැවැන්ත සංග්‍රාමයට වළි
    බාළ තරුණ මහළු නිදහස් අගයනා සැම එකමිටට එකමිටට රොද බැදෙන්න “” ගෝටා ගෝ ගමට
    එකාවන්ව එකතුවන්න,.!

    නොනවතින අරගළයට නියත ජය,.!

  9. Amantha says:

    මොන කෙලිය කරත් වැඩක් නැහැ රාජපක්ෂ සනුහරේ එලවන්නේ නැතිව. ගෙයක් ගිනිගන්නකොට බලන්න ඕනේ ඒ ගෙදරින් පැනගන්න මිසක් බේරාගන්න ආපු එවුන්ගෙන් අහන්න එපා එලියට ආවම උඹලා කන්න දෙනවද බොන්න දෙනවද ඉන්න තැනක් දෙනවද කියලා. මුන්ව එලෙව්ව ගමන්ම රටට විදේශ රටවලින් පවා නය නෙමෙයි ආධාර පවා දෙනවා. මුන් කලින් දුන්න නය හොරාකාලා නිසා IMF එක විතරක් නෙමෙයි දැන් කිසිම රටක් නායක දෙන්නේ නැහැ

    • Damian says:

      Fool . You can’t run a country without a leader appointed as per the constitution.
      Gon harak mewa danne ne .

Main News