අපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..

April 9, 2020 at 11:20 am | lanka C news
අපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..

තවත් මාස හයක පමණ කාලයක් යනතෙක් රටතුළ ගමනාගමනය අවම කිරීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිරන්තරයෙන් දෑත් සේදීම, නිවසට ආසන්නම වෙළඳසැලෙන් ආහාර ද‍්‍රව්‍ය මිලට ගැනීම වැනි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ‍ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් රජයට යෝජනා කර ඇත.

එම සංගමයේ මහාචාර්ය ඉන්දීක කරුණාතිලක මහතා විසින් සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ දිනයේ මේ බව දැනුම් දී ඇත.

මේ මස 20 වැනි දින දක්වා කාලය තුල කොරෝනා වෛරසය දෙවැනි නැගීමක් අපේක්ෂා කළ හැකි බව ද ඒ ගැන වැඩි අවධානය කටයුතු කළයුතු බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉදිරි සති දෙකක පමණ කාලය රටපුරා කොරෝනා රෝග තත්ත්වය ඉතාම අවදානම් විය හැකි බවත් තවත් සති හතරක් යනතෙක් රටේ ආරක්ෂක නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් යෝජනා කර ඇත.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම කරුණු පෙන්වා දී තිබේ.

198 views

43 Comments to “අපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..”

  1. Please combine the Local Traditional Medicine system & western medicine system ASAP.

    අපි ආයුධ තියාගෙන පරදින ජාතියක් වෙලා………

    We need to save our Life, please understand………………….

  2. අක්බාර් ලොක්කා says:

    වෘත්තිය වරප්‍රසාද සඳහා රෝගීන්
    දඩ මීමා කරගෙන වැඩවර්ජන කල වෘත්තිය සමිතියක් මහජන සුභසිද්ධිය සඳහා කටයුතු කරතැයි ජනතාව විශ්වාස නොකරයි. රැපිඩ් ටෙස්ට් ගැන ලොකුවට කතා කරන්නේ පෞද්ගලික රෝහල්වලින් වාසි බලාපොරොත්තුවෙන් යැයි සැකයක් ඇතිවී ඇත

    • Upali says:

      යකෝ…GMOA එකෙයි SLMA එකෙයි වෙනස වත් නොදන්න හැම මගුලම දන්නවා කියලා හිතන…රටේ යහපත වෙනුවෙන් ජීවිතේට විනාඩියක කාලයක් වැය නොකරපු උන් ඩොකාලට බනිනවා පැලෙන්ඩ…මෙච්චර කෙලවිලා තියෙදිත්.කොරොනා පැතිරෙන එක අරුමයක් ද මෙහෙම උං ඉන්න රටක .

  3. Sahan says:

    Me GMOA newei yakune

  4. Kadiya says:

    කොරෝනා මරණ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ 3.7%. මේක සැලකියයුතු වැඩි අගයක්. මේ මරණ සංඛ්‍යාවට ප්‍රධාන හේතුව පිදුරු ගොඩේ ලැගපු බල්ලා වගේ තමුන්ගේ බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර නැති බවත්, රෝගීන් තුල ප්‍රතිශක්තිය වැඩිකරන්න බටහිර වෛද්‍ය ක්‍රමයේ උපක්‍රමයක් හෝ බෙහෙතක් නැති බවත් දැන දැනම වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට බාධා කරන බටහිර වෙද්දු. මේ කුහක අපරාධකරයන්ගෙන් ජනතාව බේරලා දේශීය වෙදකමට රෝගීන් සුව කරන්න ඉඩදෙන එක සෞඛ්‍ය ඇමතිනියගෙයි ආණ්ඩුවෙයි වැඩක්. මුන්ගේ කුහකකම නිසා PCR පරීක්‍ෂා වලට සීමාවල් දමල තියෙන්නේ. ඒ සීමාවල් නැතිනම් පොසිටිව් රෝගියෙක් සුවකරලා නෙගටිව් කියල ඔප්පුකරන්න දේශීය වෙදකමට තියන අවස්ථාව වහලා තියෙන්නේ. බටහිර ඖෂධ මාෆියාවේ සල්ලි වල බලය, ඒ මුදලට පෙරේත කමට බොරු තර්ක දාන උන්, ඇමතිනියටත්, ආණ්ඩුවටත් උඩින්ද ඉන්නේ, තියෙන්නේ?

Main News