‘අපේ අපේක්ෂකයා ගෝ..’ කියනකොටම මිනිස්සු බලන් ඉන්නවා රතිඤ්ඤා පත්තු කරන්න..
August 10, 2019 at 6:48 pm | lanka C news
සියලු දෙනා හෙට වනතුරු නොඉවසිල්ලෙන් බලාසිටින බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කඩුවෙල පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
2015 වැටුණු වලෙන් ගොඩඒමට තම කඳවුරේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි සියලු දෙනා බලා සිටින බව ඒ මහතා පවසයි.
හෙට 3න් පසු රූපවාහිනිය ඔස්සේ විකාශය වන පොදුජන පෙරමුණේ මහා සමුළුවේ දී මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා ගැනීමෙන් පසු ඉදිරි ජනපති අපේක්ෂකයා නම් කරන බවත් එහිදී අපේ ජනාධිපති අපේක්ෂකයා “ගෝ..” කියන විටම ජනතාව රතිඤ්ඤා පත්තු කර ජය ඝෝෂා කිරීමට සූදානමින් සිටින බව ඒ මහතා කියා සිටියි.
අද කොළඹ නගර සභාවේ කසළ ගැටලුවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා යනු කෙතරම් සුවිශේෂි නායකයෙකු ද යන්න වැටහෙන බවත් ඔහු කුණුවලින් දේශපාලනය සිදු නොකළ බව පිළිගැනීමට කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රීවරුන්ට සිදුව ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
– අනුරුද්ද බණ්ඩාර