අපේ අම්මලා ආදරයෙන් ලෝකයම පරදයි.. මවුකිරි දීමෙන් පළමුතැන ලංකාවේ මවුවරුන් දිනාගනී.. ලකුණු 91%යි..

January 21, 2020 at 11:20 am | lanka C news
අපේ අම්මලා ආදරයෙන් ලෝකයම පරදයි.. මවුකිරි දීමෙන් පළමුතැන ලංකාවේ මවුවරුන් දිනාගනී.. ලකුණු 91%යි..

ළදරුවන්ට මව්කිරි දීම අතින් ශ්‍රී ලංකාව ලෝකයේ පළමු ස්ථානය දිනා ගෙන තිබේ.

මෙම තත්වය දිනාගෙන ඇත්තේ ලෝකයේ මව්වරුන් ගේ මව්වරුන් විසින් මව්කිරි දීම ප්‍රවණතා ඇගයීමේ වැඩසටහනක් මගින් සිදුකළ සමීක්ෂණයකදී ය.

ලෝකය පුරා රටවල් 120ක නියෝජනයකින් මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ නිර්ණායක දහයක් පාදක කරගනිමිනි.

ශ්‍රී ලංකාවට මෙම සමීක්ෂණයේ දී ලකුණු සියයෙන් 91ක් හිමිව තිබියදී අනෙක් රටවලට හිමිව ඇත්තේ ඊට බොහෝ අඩු ලකුණු ගණනකි.

මුල් මාස හය තුළදී මව්කිරි පමණක් දෙන ශ්‍රී ලංකික මව්රුන්ගේ ප්‍රතිශතය 82% වෙද්දී ලෝකයේ බොහෝ රටවල එම ප්‍රතිශතය 41%ක් පමණ මට්ටමේ තිබිණි.

200 views

9 Comments to “අපේ අම්මලා ආදරයෙන් ලෝකයම පරදයි.. මවුකිරි දීමෙන් පළමුතැන ලංකාවේ මවුවරුන් දිනාගනී.. ලකුණු 91%යි..”

  1. godaya says:

    පෝෂණ මල්ලට ජයවේවා

    • 🤣🙏🤣🙏🤣🙏🤣🙏 says:

      පලමු උගුර මව්කිරි රසකර බීලා
      නොදනි බිව්වෙ කිරි ණයම වීලා
      කිරියා බිව් ණය ඇත පොලී වීලා
      ජීවිත කාලයෙම මව්ට ණය වීලා

      😛😁😛😁

  2. අප ප්‍රවේශම් වියු යුතුයි. මෙම සමීක්ෂණ කරන්නේ කවුරුන්ද? ඔවුන්ගේ සැබෑ අරමුණු මොනවා ද? දේශීය විදේශීය කුමන්ත්‍රණ ජාලයකට ශ්‍රී ලංකාව කොටු කර ගෙන සිටියදී/ කොටු කරමින් සිටියදී ශ්‍රී ලංකාව තවමත් ලෙල්ලට ම නොවැටී සිටීම ප්‍රහේලිකාවක්. ඒකට හේතු අතීතයේදීත් හෙව්වා. දැනුත් හොයනවා. තවදුරටත් හොයයි. අපට අරක්කු සිගරැට් පුරුදු කරපු හැටි හිතන්න. විශේෂයෙන්ම සිංහල බොදු අය බෙලහීන කිරීමේ කුමන්ත්‍රණය අප හඹා එනවා.

    • GAJABA WALIMUNIDEWA says:

      Yes some food for thought while not being totally pessimistic.

    • 😥😥😥😥😥😥😥😥 says:

      පිටිකිරි බීලය අද මව කිරි දෙන්නේ
      එළකිරි බොන්න අද ලතැවෙන්නේ
      පිටිකිරි සමාගම් රට ලෙල දෙන්නේ
      සිංහල චාරිත්‍ර ටිකටික වඳ වෙන්නේ

      😥😥😥😥😥

  3. kamal says:

    අම්මේ නුඹෙ තන පිඩේ මම පෙවු කිරි යස අගෙයි
    ශරිර සෞඛයද ඇත යහතින් මම සුවෙන් වැජඹෙයි
    දොස්තර ලගට යන්නෙ කලාතුරකින් නුඹ දුන් කිරි අගෙයි
    බඩ ගිනි නැ අම්මෙ නැවත නැවත කිරි දුන්නා යස අගෙයි

    අම්මෙ නුඹ දුන් බස ලොව ට වටියි
    මුලු ලොව ඒ බසට යටයි
    මගෙ පාසල වුයේ අම්මයි
    මගෙ මවු බස ලොවෙ නැණස පාදයි

    අම්මෙ උඹ දුන් සංස්කෘතිය මට වටියි
    එපා රහ මෙර මට වසයි
    පන්සල් ගොස් බෝගස අමදින්නයි
    නුඹ දුන් සංස්කෘතිය ලොවෙන් අග‍ෙයි

    අම්මෙ මම වැඩිහිටියන් නමදින්නයි
    අමාරුවෙන් සිරිපා කන්ද නගින්නයි
    තෙහෙට්ටුවක් නැතිව ගාථා මතුරන්නයි
    මේ සංස්කෘතිය ලොව පවතින්නයි

    බුදු දහමයි නුඹ මට දුන් දායදේ
    ලක් අම්මලා ලගයි ඇත්තෙ ලොව උතුම් දයාවේ
    සංඝ මිත්තා තෙරනි අම්මාට පෙවු අභාසේ
    නුඹ මට පෙව්වා ගුරු මුෂ්ටි නැතුව අකාසේ

    සියලු මිනිසුනේ සිංහල අම්මලා රැක ගන්න පෙරට වරෙව්
    එපා යවන්න අරාබියට මිනිසත් කම් හිතට ගනිව්
    අපෙ අම්මා මට දුන් අභිමානේ නුඹටත් තෙරියව්
    කාන්තාවගේ අභිමානය රැක දි රට රැක ගනියවු

    • 🥵🥵🥵🥵😥😥😥 says:

      මව්කිරි බීල හැදුනු හැඩි දැඩි කිරියා
      ලොකුවී බොයි තරඟෙට පිටි කිරියා
      වාරු නැති වයස් මව දුටු දඬු කිරියා
      කූඩු.කර මවට පිටිකිරි ගුණද කිරියා

      🥵🥵😥😥

  4. Nish says:

    ලෝකෙ බොහෝ දුප්පත් රටවල කිරිපිටි මාෆියාව ක්‍රියාත්මක වෙනවා. අපේ වාසනාවට ලන්කාවේ වයිද්යවරු සහ විවිද ජාතිකවාදී කන්ඩායම් වල මැදිහත්වීම නිසා අපිට කිරි පිට වල අගුන ගැන මව්වරු දැනුවත් කරන්න පුලුවන් වෙලා තියෙනවා. ඇත්තටම සන්තෝසයි.

    • 😲😲😲😲😲😲😲 says:

      පිටි කිරි ගුණය අද ගැහැනු පරපුරට
      විටමින් වෙලා ගස්සන රූසපු රුවට
      විවාහ වෙලා දරු සම්පත ලැබු දිනට
      මව්කිරි ගුණ සිහිවී හැඬු කඳුලු වලට

      😲😲😲😁😁

Main News