අපේ ආණ්ඩුවේ ඉන්නේ පසේබුදුවරුන්.. ගෝටා මිග් ගණුදෙනුවෙන් බිලියන ගාණක් කොල්ල කෑවා..- රාජිත

December 8, 2017 at 3:00 pm | lanka C news
අපේ ආණ්ඩුවේ ඉන්නේ පසේබුදුවරුන්.. ගෝටා මිග් ගණුදෙනුවෙන් බිලියන ගාණක් කොල්ල කෑවා..- රාජිත

දේශප්‍රේමී කියන ගෝඨාභය ජනාධිපති කරන්න ඇතැමුන්ට වුවමනා වී තිබෙන බවත් ඔහු මිග් යානා ගනුදෙනුවේ ගිවිසුම් දෙතක් අත්සන් කර බිලියන ගණනක් මුදල් කොල්ල කෑ අයෙක් බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

ඇමතිවරයා එහිදී මෙසේද පැවසීය.

දේශප්‍රේමී කියන ඝෝථාභය ජනාධිපති කරන්න ඇතැමුන්ට වුවමනා වී තිබෙනවා. මිග් යානා ගනුදෙනුවේ ගිවිසුම් දෙතක් අත්සන් කරලා බිලියන ගණනක් මුදල් කොල්ල කෑ දේශප්‍රේමීන් තමයි ජනපති කරන්න යන්නේ.

වර්තමානයේ මාධ්‍ය හැසිරීම ගැනත් කියන්න අවශ්‍යයයි. පසුගිය රජයේ දුෂණ වංචා සෙවිමට පත් කළ කොමිසන් සභා වල දී රාජපක්ෂලා බයෙන් උත්තර දෙන ඒවා ලියන්න ඉන්නේ මාධ්‍ය වේදීන් තුන් දෙනයි. නමුත් උත්තර දීලා එළියට එනවිට ප්‍රකාශ ලබාගන්න මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඉන්නවා. එවිට වීරයෙක් වගේ උත්තර දෙනවා.

වත්මන් රජයට එල්ල වී ඇති එකම කළු පැල්ලම බැදුම්කර ගණුදෙනුවයි. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන කොටම මම විරුද්ධ වුනා. කළු පැල්ලමක් එයි කියලා. නමුත් වර්තමානයේ මාධ්‍ය ද බැදුමිකර කොමිසම ගැන පිටු ගණන් ලියනවා. අපේ රජය යටකේ සිදු කළ වැරදිද අපි සොයනවා.

නමුත් පසුගිය රජය සමයේ කිසිදු පරීක්ෂණයක් සිදු කළේ නැහැ. මනුෂ්‍යකම සහ අමුනුෂ්‍යකම අතර වෙනසක් තිබෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයින් වසර 03ක් ගිහිල්ලත් බලන්නේ මීනිමරුවන්, හොරුන් ඇයි ද අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා. හොරු ඇල්ලුවාද හොර කවුද කියලා අහනවා. යහපාලන රජය බිහි කිරීමට කැප වූ ජනතාවගේ නොවිසිල්ල එයයි. අද බැදුම්කර කොමිසමේ අගමැතිවරයාත් සාක්ෂි ලබාදෙනවා.

නමුත් පසුගිය රජය සමයේ සිටි නායකයින් වර්ථමානයේ දත්මිටි කාගෙන ඡන්දෙ ඉල්ලනවා. හොරකම් සහ දුෂණ පරීක්ෂණ අවසන් වනවිට වසර 2020 වනවිට කීදෙනෙක් ඉතුරු වෙයි ද කියා බලමු. මේ රජය හැදුවේ කාවවත් විනාශ කරන්න නොවෙයි. වසර 2020 මැතිවරණය ජයගෙන වත්මන් රජය වසර 2025 දක්වාම රට පාලනය කරනවා. අපේ රජයෙත් පසේ බුදුවරු ඉන්නවා. දන්න දෙය කියන්න දන්නේ නැහැ.”

– ප‍්‍රසන්න අධිකාරී

122 views

34 Comments to “අපේ ආණ්ඩුවේ ඉන්නේ පසේබුදුවරුන්.. ගෝටා මිග් ගණුදෙනුවෙන් බිලියන ගාණක් කොල්ල කෑවා..- රාජිත”

  1. DAHAM says:

    BORU KIYANA EKE THAAMA IVARAYAK NAHA NEDA?

  2. Aurora says:

    හරි ෂෝක්. රටේ මහබැංකුව කොල්ල කාපු, පගා ගහල ඇමතිකම නැතිඋන, ධීවර වරායක් වංචනිකව පැවරීම ගැන අල්ලස් කොමිසම මගහරිමින් ඉන්න, ආණ්ඩුවට අයිති ඉඩම් කොල්ලකාලා ජාතීවාදී විදියට බෙදාගන්න, මල්ලිට හාල්මිල ඕනෑවිදියට පාලනය කරමින් රටේ ජනතාව හාමතේ තියන, පට්ට බොරු තර්ක දමමින් මහජනතාවගේ චන්ද අයිතිය කොල්ලකන, කට ඇරියොත් බොරු මිසක් ඇත්තක් නොකියන අපූරු පසේබුදුවරු රංචුව.

  3. Bobby Pereira says:

    I love to hit this bastard’s kakkussi mouth with a baseball bat or a cricket bat so that all 32 teeth would fall to ground like white worms.

  4. love nature says:

    නරියා හුවෙන් හඳුනා ගත හැකිය – කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය

  5. Saradiel says:

    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වේද?

  6. SUNIMAL says:

    යහපාලන කක්කුස්සි කටා හේවත් වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත් ධිවර අමාත්‍යවරයාව සිටි සමයේ රුපියල් ලක්ෂ 50ක් වැනි සොච්චම්(රාජිත ගහන ගේම් වලට අනුව ) මුදලක් වංචා කිරිම සදහා කල ටූනා මාළු කොල්ලය හේතුවෙන් අදටත් ධීවර කර්මාන්තය විදවමින් සිටින බව අනාවරණය වි තිබේ.

  7. Saradiel says:

    රටේ සෞඛ්‍ය සේවය හොදයිනම් සෞඛ්‍ය ඇමති යනවද සිංගප්පූරු..?

  8. Gadol says:

    ‘ඒයි ටොමියෝ බුරල ඉවරද..

    http://www.sandahiru.com/2017/08/blog-post_61.html

  9. love nature says:

    පෑලියගොඩ මාළු වෙළඳපොළට පෞද්ගලික ආරක්ෂක සේවයක් යොදවන බව කියමින් රුපියල් කෝටි 15ක පමණවූ ධීවර අමාත්‍යංශ මුදල් වංචා කළැයි කියන සිද්ධියක් ගැන පරික්ෂණයක් පවත්වන බව මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වීය.

  10. පකේ බුදි වරු says:

    මෙහෙම බුදි වරු පිරිනිවන් පාන්නේ නැහැ. පන පිටින් ගොයින් ටු අපාය. nonstop.

Main News