අපේ ආණ්ඩුවේ ඉන්නේ පසේ බුදුවරු..- රාජිත

August 2, 2017 at 8:40 am | lanka C news
අපේ ආණ්ඩුවේ ඉන්නේ පසේ බුදුවරු..- රාජිත

තමන්ට විරුද්ධව ක්‍රියා කිරීමට ඖෂධ සමාගම් දෙකක් ඇතැම් සෞඛ්‍ය සංගම් වලට මුදල් ලබාදි ඇති බව සුව ඇමැති පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 35 වන ඔසුසල පිළියන්දල නගරයේ විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු ව්ය.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ආණ්ඩුවේ ඉන්න අය පසේ බුදුවරු වගේ. කරපු හොද වැඩ කියන්නේ නැහැ. ඛණිජ තෙල් සංස්ථාවේ සේවක ව්රෝධතා දින මම දහවල් ප්‍රකාශ කළා පස්වරුව වන ව්ට ඉන්දන ඛෙදා හරිනවා කියලා. එය ඒ ව්දිහටම සිදු වුනා. අපි යහපාලන රජය බිහි කළේ ජිව්තයත්, මරණයත් අතර සටනකින්. මිනී මරපු, සොරකම් කරපු අය යළි කරළියට එන්න දඟලනවා. තිඛෙන නඩු වලින් ෙබිරෙන්න තමයි එහෙම කරන්නේ. නමුත් අපි ජනතාව දෙස බලා තීන්දු තීරණ ගත යුතුයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වාර්ෂිකව රුපියල් බිලියන 02 ක ලාභයක් ලබනවා. එම නිසා අපි තීරණය කළා සේවක වැටුප් සියයට 70 කින් වැඩි කිරිමට. ඊට වෘත්තීය සමිතිත් සහයෝගය ලබාදුන්නා. ජනතා ව්මුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියත් වැටුප් වැඩි කිරීමේ යෝජනාවට සහයෝගය ලබාදුන්නා. මහාචාර්ය සේනක බිබිලේ මහතා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නිර්මාණය කළා. ලෝකයටම ඔහු වැදගත් උනත් ලංකාවේ ජනතාව මහාචාර්ය සේනක බිබිලේ මහතා පිළිගත්තේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී වත්මන් ජනාධිපතිවරයා ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා. නමුත් එදා හිටපු පාලකයින් එම ලිපිගොනුත් අතුරුදන් කළා. ඉන්පසු යහපාලන රජය බිහි කිරීමෙන් අනතුරුව තමයි ඖෂධ ප්‍රතිපත්තිය මම ක්‍රියාත්මක කළේ. ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ව්ව්ධ බලපෑම් එල්ල වුනා. ව්ව්ධ බලවේග ක්‍රීයාත්මක වුනා. නමුත් ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ජනතාවට සහන සැලසීෙමි අරමුණින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තමයි ලංකාවේ ඇති දැවැන්තම ඖෂධ සමාගම. එම සංස්ථාව සමග තරඟ කිරීමට වෙනත් සමාගම් වලට අමාරුයි. ඖෂධ මිල අඩු කිරීම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරිමටත් වඩා ජනතාවට දැනුනා.

මෙවැනි සහන සේවා සිදු කළේ ධනවාදීන් යැයි චෝදනා කරන එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ. අපි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන බව ප්‍රකාශ කරනවා. නමුත් ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව නිවැරදිව ලැබුනේ වත්මන් රජයෙන්. හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, අක්ෂි කාච නොමිලේ ලබාදීම ඇතුලු ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් මෙි වනව්ට දියත් කර තිඛෙනවා. අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙල නතර කිරීමට ඇතැමුන් උත්සාහ කළා. මට බලපෑම් කළා. මෙහි තිබුනේ ජාවාරමක්. රජයෙන් නොයෙක් නොයෙක් වැරදි වෙන්න පුළුවන්. නමුත් කරපු හොද වැඩත් තිඛෙනවා. යහපාලන රජය බිහි වූවායින් පසු මම රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත්‍ර ලබාදුන්නා. ඩෙංගු උවදුර ඇති වූ පසු පැය දෙකක් තුල රෝගීන්ගේ රුධිර පරික්ෂණ වාර්තා ලබාගැනිමේ අවශ්‍යතාවයක් මතු වුනා. රුධිර පරීක්ෂණ යන්ත්‍ර ඛෙදා දී තිබු නිසා එම වැඩපිළිවෙල පහසු වුනා. නවීන වෛද්‍ය විද්‍යාව ජනතාවට ලබාදිය යුතුයි. මට විරුද්ධව කටයුතු කරන්න ඇතැම් සංගම් වලට ඖෂධ සමාගම් මුදල් ලබා දී තිඛෙනවා. එවැනි සමාගම් 02 ක් පිළිබද තොරතුරු මට ලැබුනා. ඒවාට මම බය නැහැ. සමාජ සාධාරණත්වය ඇති කළ යුතුයි.

– ප‍්‍රසන්න අධිකාරී

109 views
Main News