අපේ එකෙක් ඉන්ධන නැතිව රසදියවලින් වසර සියයක් දුවන එන්ජිමක් හදයි.. නොබෙල් ත්‍යාගයටත් ඉල්ලයි..
December 6, 2019 at 10:32 pm | lanka C news
පැය තුනකට කසල ටොන් 45ක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි යන්ත්‍රයක් මෙරට තරුණයෙකු විසින් නිපදවා තිබේ.
විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් මෙම තරුණයා ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු සඳහන් කරන්නේ කිසිදු ඉන්ධන වර්ගයක් භාවිතා නොකර රසදිය එක් වරක් යෙදීමෙන් අවුරුදු 100ක් ක්‍රියාත්මක කළ හැකි යන්ත්‍රයක් තමන් විසින් නිපදවා ඇති බවයි.
ෆයිනස් ගස්වලින් පෙට්‍රල් නිපදවිය හැකි බවත් එසේ නිපදවූ පෙට්‍රල් ලීටරයක් රුපියල් 60 බැගින් තමන් විකිණු බවත් ඔහු පැවසීය.
ඔහු විසින් නිර්මාණය කරන ලද හෙලිකොප්ටරයක් දිරා යමින් තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.
අන්තර්ජාලයෙන් ඔස්සේ වීඩියෝ වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ සඳහා තමන්ට අනුග්‍රහය දක්වන්නේ නම් මේවා නිෂ්පාදන ලෙස ඉදිරිපත් කල හැකි බවයි.
ඉදිරියේදී නොබෙල් ත්‍යාග සඳහා ද තමන් විසින් නිපදවන ලද රසදිය එන්ජිම ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම සියලු නිෂ්පාදන නිපදවීමේදී වගකීම තමන් භාර ගන්නා බවත් එසේ කළ නොහැකි වුවහොත් තමන් ඕනෑම දඬුවමකට යටත් වන බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.