අපේ කාලෙත් බෝම්බ පිපිරුණා.. අහස්යානා වලින් ඇවිත් කොළඹට බෝම්බ දැම්මා.. නමුත් මිනිසුන් මෙහෙම බියවුණේ නෑ..- මහින්ද

July 9, 2019 at 3:26 am | lanka C news
අපේ කාලෙත් බෝම්බ පිපිරුණා.. අහස්යානා වලින් ඇවිත් කොළඹට බෝම්බ දැම්මා.. නමුත් මිනිසුන් මෙහෙම බියවුණේ නෑ..- මහින්ද

‘රටේ ජනතාවගේ ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය දිය යුතුයි. යුද්ධය අවසන් කර වසර 10 ක් පිරීමට මාසයකට පෙර මුළු ලංකාවම භීතියට පත්කළා. අපේ කාලෙත් බෝම්බ පිපිරුණා අහස්යානා වලින් ඇවිත් කොළඹට බෝම්බ දැම්මා. නමුත් මිනිසුන් මෙහෙම බියවුණේ නැහැ. ඒ අපි ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය දී කටයුතු කළ නිසායි. ජාතික ආරක්ෂාව රකින්න බැරි  මෙවැනි ආණ්ඩුවක් රටකට වැඩක් නැහැ’ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මිනුවන්ගැටේ වේරහැරයාගම ශිවකාලීශ්වරම් දේවස්ථාන භූමියේ ඉදිකළ සර්වඥධාතු මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා,

‘අපි වැඩකළේ ඉදිරි අනාගතය ගැන බලලා. අපෙන් පළිගන්න ගිහින් අන්තිමට මෙම ආණ්ඩුව ජනතාවගෙන් පළිගන්නවා. ජනාධිපති අගමැති කඹ අදිනකොට රටකට ඉදිරියට යන්න බැහැ.

අද විවිධ ගිවිසුම් අත්සන් කරනවා. රටක ස්වාධීනත්වය නැතිකරන්න බැහැ. අපි නිදහස ලබපු රටක්, මෙම ඉඩම් ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ට හිමිවිය යුතුයි. බටහිර ජාතීන්ට අයිති  වෙන්න දෙන්න බැහැ. එම අවස්ථා වෙනස්කර විකුනන්න ඉඩම් බැංකු සෑදීමට රජය කටයුතු කරගෙන යනවා. අපි මේවාට විරුද්ධයි. අනාගත පරපුරේ අයිතියයි මේ නැතිකරන්න යන්නේ’

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශණ යාපා, ටී. බී. ඒකනායක, එස්. බී. නාවින්න හිටපු අමාත්‍ය ජයරත්න හේරත් හා දේවස්ථානයේ ප්‍රධාන පූජක ප්‍රියලාල් විජිත කුමාර යන මහත්වරුන්ද එක්විය.

– MR midea

11,957 Viewers

16 Comments to “අපේ කාලෙත් බෝම්බ පිපිරුණා.. අහස්යානා වලින් ඇවිත් කොළඹට බෝම්බ දැම්මා.. නමුත් මිනිසුන් මෙහෙම බියවුණේ නෑ..- මහින්ද”

  1. OBSERVER says:

    Yes. As citizens ,we endorse what he said.
    Because, during his period of war, the people were convinced that he can created a conducive
    atmosphere for forces to engage genuinely in a war to curb Prabhakakaren’s brutal terrorism,unlike previous regimes. He was scared of the foreign threats or losing the minority votes( though they also had affected by Prabhakaren’ terrorism)’.

    • Final Countdown says:

      පාහරයෝ 225ක් මිලියන 20ක් පාලනය කරනවා…
      කාදිනල්තුමා මේ ඔක්කොටම හොඳින් කිව්වා බැහලා යන්න කියලා…එය ජනතාවගේ විනිශ්චය බවත් උන් වහන්සේ කිව්වා..දෙවියන් වහන්සේගේ කෝපය ජනතා නැගිටීමක් ලෙස උඹලා වෙත පතිත වේවි කියලයි ඒ කිව්වේ.

  2. OBSERVER says:

    Yes. As citizens ,we endorse what he said.
    Because, during his period of war, the people were convinced that hecreated a conducive
    atmosphere for forces to engage genuinely in a war to curb Prabhakakaren’s brutal terrorism,unlike previous regimes. He was not scared of the foreign threats or losing the minority votes( they also had affected by Prabhakaren’ terrorism)’.

  3. Sarath says:

    මහත්තයාගෙ කාලේ බය වුනේ නෑ. වෙන්න ඉස්සෙල්ලා සුදු වෑන් එකේ දාල ඉවරයි.

    • sw says:

      ඇයි උබ පාතලයෙක්ද ?කුඩු ගෙන්නන එකෙක්ද ?නැතිනම් ත්‍රස්තවාදියෙක්ද ?

      • Samuel says:

        SW, මූ රටෙි වුනු දේවත් වෙන දේවත් නොදන්න හරකෙක්.

        • Sarath says:

          Samuel, හිතන්නෙ මහින්ද අාවොත් ඔක්කොම ප්‍රශ්ණ විසෙඳයි කියලද? අයියෝ Samuel! Hahaha

      • Sarath says:

        එ් කට්ටියව විතරමද ගෙනිච්චෙ? අැත්තටම? ඔයා 2015ද ඉපදුනේ? මෙච්චර පොඩි වයසෙ ඔච්චර වචන දන්නවද? හරි ශෝක් නේ!!

  4. වීදිය බංඩාර says:

    ඒ කාලේ කොළඹට අහස යාන වලින් ඇවිත් බෝම්බ දැම්මත් මිනිසුන් බය උනේ නැත්තේ එවක පාලකයන් කෙරෙහි විශ්වාසයක් තිබුන නිසා දකුණේ සිංහයෙක් පාලනය කල නිසයි අද පාලනය කරන්නේ සමනල්ලු .මිනිස්සු බය නොවී ඉඳියිද? ලක්ෂ 62 ක මෝඩයෝ රටට කල විපත.

  5. Otuwa says:

    Yes some people endorse whatever a Rajapakka says regardless truth or not , despite him destabilizing a people’s government and taking power illegally in October 2018. So how quickly people forget facts is the question.

    • Me3 says:

      Real Otuwa,
      Talking power? No given by your President.
      People’s government? No illegally appointed PM’s government.

    • Me3 says:

      Real Otuwa,
      Taking power? No given by your President.
      People’s government? No illegally appointed PM’s government.

  6. Araliya says:

    Ow e kale hema Tamil manussayama LTTE kiyala hithana behe. Eth hambayo ehema nemei eyalata palliyen podi kale indan oluwalata Anya agamikayan epa karawala thiyenne. Eka nisa a hema hambayama sivil yuddayakadi apita wiruddha wewi.

  7. Gone gota says:

    So true. People were not feared of bombings but they were feared of Rajapaksa family.

  8. Otuwa says:

    Me3 please read the Constitution before posting comments which you believe are “facts”, this will only show others how educated you are!

Leave a Comment

Main News