අපේ කොල්ලෙක් දේශීයව ඉන්ධන හදයි.. ඩිෆෙන්ඩරයකින් තෙල් පෝලිම් පසු කර යයි.. රජයෙන් අමතයි.. වහා පියවර ගනී…
June 20, 2022 at 10:22 pm | lanka C news
පානදුර ප්‍රදේශයේ පදිංචි දිළිණ දක්ශිල නමැති විසි තුන් හැවිරිදි තරුණයකු පොල්තෙල් වලින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මෙම බයෝ ඩීසල් වර්තමාන ඉන්ධන අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස භාවිතා කළ හැකිදැයි තහවුරු කර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
මෙම තරුණයා පොල් තෙල් වලින් බයෝ ඩීසල් නිශ්පාදනය ගැන හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අගමැතිවරයාගේ අවධානයට යොමු කර ඇත. ඒ් අනුව දුරකතනයෙන් එම තරුණයා සමග සාකච්ඡා කළ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද දැනුවත් කර අදාළ පරීක්ෂණ සඳහා සහය ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.
මෙහිදී අදහස් දක්වමින් දිළිණ දක්ශිල තරුණයා පවසා ඇත්තේ තමන් සිදු කළ පෞද්ගලික මට්ටමේ පරීක්ෂණ අනුව සිය නිෂ්පාදනය ලෝක සම්මත වලට අනුකූල බවත් සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යා හැකි දුර මෙන් සියයට දහයක දුරක් මෙම බයෝ ඩීසල් වලින් යා හැකි බවත් තහවුරු වූ බවයි.
බයෝ ඩීසල් යොදා ගැනීමේදී වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව අඩු යැයි තමා සොයා ගත් බව දිළිණ දක්ශිල තරුණයා අගමැතිවරයාට දැනුම් දී තිබේ.
ඒ නිසා බයෝ ඩීසල් භාවිතය ආර්ථික අතින් මෙන්ම පරිසර හිතකාමී අතින්ද වාසි දායක බවත් මෙම දිළිණ තරුණයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
දිළිණගේ සොයා ගැනීම ගැන සුබ පැතුම් එක් කළ අගමැතිවරයා පරීක්ෂණාගාර වාර්තාව ලැබුණු පසු තමා අවශ්‍ය පියවර ගන්නා බව දැනුම් දී තිබේ. මෙම විද්‍යාගාර පරීක්ෂණය ඉතාමත් සංකීර්ණ වන අතර ඒ් සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් වාර්තා වේ.
– ලංකාදීප
රනිල් ඔය මයිත්රීව ඩිවෝස් කරලා දාලා සාගලයාව බැඳ ගන්නකෝ. දෙන්නාට දෙන්න නැතුව බෑ ඉඳිකට්ටි නූලයි වගේ.
This is not new or innovative. But the cost of this can be twice normal diesel.. 1L Coconut is oil is close to Rs. 700.00
He is claiming to use used coconut oil not new oil. Oil that we throw away so price of coconut oil will be almost zero.
Ow cost eka gena balanna one, mokada coconut oil kotasak genwanneth pita ratin. Coconut oil use karoth kaalath hamarayi. Ithin low cost option ekak thibbanam hondayi..
Though it may be not viable, this youth Dilina Dakshitha has used his intelligence to create something.
What has our Intelligent educated Jeppo/Peretto/ IUSF girls and boys do with their free education ?>
LEARN THE ART OF DESTROYING THE COUNTRY through Aragalaya & Ragging.
THEY GIVE BACK NOTHING TO THE COUNTRY.
දැන් එයි පයිතගරස්ලා ටික හොරා හොරා කියන්න. අඩුම ගානේ පරීක්ශනයක්වත් කරන්න දීපල්ලා.
මේකේ කොමෙන්ට් කියෙව්වට පස්සෙත් කවුරු හරි රට දියුනු නෑ කියලා පාලකයොන්ට බනිනවනම් ඌ මොලේ නැති එකෙක්. මේ රට හදන්න බැරි සිංහල ජාතියේ තියෙනෙ කුහක ගතිය නිසා.
මේකෙ කිසිම සොයාගැනීමක් නැ . youtube ckeck කරොත් ඕනකෙනෙකුට ඕනෑ තරම් video තියනවා . මෙතන තියෙන්නේ මිනිස්සුන්ගේ අනවබෝදය විතරයි . කොහොම උණත් මේවගේ දේවලින් මිනිස්සුන්ග් ඇස් ඇරෙනවා .
ithin kiya kiya inne uba karapanko, nodakin, mokak hari kaloth youtube are tube tiyenawa kiyanawa, karana ekak dakkama banainwa, mokadda yako meke theruma
නව නිපැයුම් කරුගේ ආරක්ෂාව කර කරන්න. තහවුරු කරන්න.
දැන් එම ළමයා පොල්තෙල් වලින් ඩිෆෙන්ඩර් පදිනකොට අපි බත් කන්ඩ කාරෝල කෑල්ලක් වත් බැදගාන්නේ ඩීසල් වලින්ද? අහෝ AI ඔරකල් සිස්ටන් හදන්න අපි ගෙනා උතුමා. . Alapaluwa
Before everything let us find out whether there is enough Coconut Oil to meet the demand for diesel? It is one thing to show that Coconut Oil can be used as a substitute for diesel and another thing to find if Coconut Oil can be produced in sufficient quantities to meet the demand! Bio Diesel is nothing new!!