‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]

February 6, 2018 at 10:38 pm | lanka C news
‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]

පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයේ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු කොටි හිතදීන්ගේ විරෝධතාවයකට ආක‍්‍රමණකාරී ලෙස හැසිරුණේ යයි එම කාර්යාලයට ආරක්‍ෂක උපදේශක ලෙස අනුයුක්ත කර සිටි බි‍්‍රගේබියර් පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කර තිබේ.

නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුල උත්සවයක් පැවතෙද්දී එහි ඉදිරිපිටට රැස්වූ මෙම කොටි හිතවාදීන් පිරිස ‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ ආදී සටන් පාඨ කියමින් විරෝධයේ යෙදුනහ.

එහිදී එම කාර්යාලයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඉදිරිපිටට පැමිණ බෙල්ලට ඇගිල්ල තබන ආකාරයක් නිරූපනය කලේය.

මෙම ක‍්‍රියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙදෙනෙක් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් විදේශ අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇත.

මෙම බ්‍රිගේඩියර්වරයාගේ රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තියත් බලතලත් වහා ඉවත් කර බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලෙසයි.

විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

343 views

82 Comments to “‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]”

  1. sinhale says:

    වීරකමයි මෝඩකමයි අතරේ වෙනස කෙස් ගහකට සමයි……STUPID BEHAVIOR . SHAME AS SRI LANKAN.

  2. weera sebala says:

    හර්ෂ මහතුන් ලෝකේ දරුණුතම යුද්දේ දිනපු විරුවන් එකසිය ගානට හිරකරන් හිටියේ ඉම්බින්නද
    එකාබද්දෙඉ මහජනගගෛ නොහිටින්න බලන්න තිබුන රණවිරුවන්ව මද්දට යවන හැටි
    සමහර විරුවන් ඊටපෙර දිවිනසාගත්ත ඔබට මතක නෑ නේ
    මෙහෙම වෙන්නේ මේ රටේ විතරෛ

    නමස්කාරවේවා රණවිරුවාණෙනි .

  3. නිළමේ says:

    පරයින් ඉදිරියේ නුඹ පෑ අබිමානේ
    වැදු මව මෙන්ම ලක්මවටත් හෙළ දෙරනේ
    නොමැකෙයි සදා ඒ එබ පෑ අබමිනේ
    නුම වැනි තව පුතුන් ඕනෑ හෙට දිනයේ

  4. weera sebalu says:

    හර්ෂ මහතුන් ලෝකේ දරුණුතම යුද්දේ දිනපු විරුවන් එකසිය ගානට හිරකරන් හිටියේ ඉම්බින්නද
    එකාබද්දෙඉ මහජනගගෛ නොහිටින්න බලන්න තිබුන රණවිරුවන්ව මද්දට යවන හැටි
    සමහර විරුවන් ඊටපෙර දිවිනසාගත්ත ඔබට මතක නෑ නේ
    මෙහෙම වෙන්නේ මේ රටේ විතරෛ

    නමස්කාරවේවා රණවිරුවාණෙනි .

  5. නුවන් says:

    රණවිරුවට ජයවේවා ! යහපාලනය මකබෑවේවා
    ලංකාවට එන දවසට දහස් ගණනනින් ඹහු පිළිගන්නට සැරසියව් සිහලුනේ …

  6. Dinesh Kumara says:

    I respect you SIR…

  7. weerodara putraratnaya, oba apata aadambarayeki. kisima karadayak obata wenne nehe. janapathithuma sinhalayek devi pihitayi. theruwan saranai udaha gedara abeyratne uncle

  8. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මෙතන සංවේදී ප්‍රශ්නයක් තිබෙන්නේ – මේ බ්‍රිගේඩියර් මහතා රණවිරුවෙක් බව පිළිගන්නවා. එහෙත් රාජ්‍ය තාන්ත්‍රිකව කොඩිය පෙන්වීමෙන් පමණක් නැවතුනා නම් හොඳයි. මන්ද යත් අර බෙලි කැපීමේ අභිනය කොටි හිතවාදීන්ගේ මනදොළ සපුරන්නක්. අමතක කරන්න එපා සුනිල් රත්නායක බන්ධනාගාරයේ සිටින්න්ත් කුඩා දරුවෙක් ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන්ගෙන් බෙලි කපා දැමීමේ සිද්දියක් නිසා බව. අනිත් අතට මේ වගේ දේවල් චැනල් ෆෝ මඟින් ව්‍යාප්ත කරන ලද වීඩියෝ සනාථ කරන්නක් වෙනවා. අවසානයේ මෙහි වාසිය යන්නෙ ශ්‍රී ලංකාවට විරුද්ධ ලොබියටයි. එතුමා නිල ඇඳුම නැතුව සිවිල් ඇඳුමෙන් මේ දේ කළා නම් වරදක් නැහැ. ඇත්තෙක් මේක ලියන මම වුනත් කොටි හිතවාදීන්ට මැද ඇඟිල්ල පෙන්වීමට පසුබට වන්නෙ නැහැ.
    අනෙක් දේ අයිසිස් කොඩිය පෙන්වා වුනත් සාමකාමි විරෝධතා වලට වෙස්ට‍්මිනිස්ටර් මන්දිරය ඉදිරිපස අවසර දෙනවා. අයි ආර් ඒ වුනත් එහෙමයි.
    අවුරුදු 700ක ප්‍රජාතන්ත්‍රවාදි සම්ප්‍රදායක ප්‍රතිඵලය තමයි මේ.

  9. Well done show our reputation and answer.
    But our puppet government do they have any backbone strong single person our Mr. Hit tan will send a letter to UK president without a envelope????

  10. සාමා says:

    බ්‍රිගේඩියර් වරයා පෙන්වපු “සලකුණ” මොකක්ද ?
    මිලේච්ජයන්ට එය “බෙල්ල කපන” එකක් හැටියට පෙනෙන්න පුළුවන්.
    හැබැයි යම ක්‍රියාවක් “නවත්වන්න” කියලා හඳුන්වන්න මේ සලකුණ පෙන්වනවා .
    බ්‍රිගේඩියර් වරයා ඇඟිල්ල දික්කරාද ?
    එහෙම නම එය තර්ජනය කිරීමක් .එහෙම කලේ නැහැ .
    ඇඟිල්ල දික් කරලා පෙන්නුවේ මොකක්ද ? ලංකාවේ කොඩිය .
    ලංකාවේ කොඩියෙන් පිළිබිඹුවෙන්නේ මොකක්ද ? සිංහලු විතරද ?
    නැහැ
    සිංහල දෙමල මුස්ලිම් සහ වෙනත් සියලුම ජාතීන් නියෝජනය කරනවා .
    බ්‍රිගේඩියර් වරයා කිව්වේ

    ” ඕක නවත්වන්න , මේ ඉල්ලීම ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම ජාතීන්ගෙනුයි කෙරෙන්නේ”

    යන අදහසයි .
    හැබැයි කොටින්ට සපෝට් කරන රටක ඉඳං මේ කරපු ඉල්ලීම ,
    උන්ට ඕනේ පැත්තකට හරවන්න පුළුවන් .

Main News