අපේ නායක සජිත් ප්‍රේමදාස මේ රටේ අනාගත නායකයා වෙනවාමයි..- අජිත් පී පෙරේරා..

July 15, 2017 at 11:20 am | lanka C news
අපේ නායක සජිත් ප්‍රේමදාස මේ රටේ අනාගත නායකයා වෙනවාමයි..- අජිත් පී පෙරේරා..

අද මේ රටේ ජනතාවගේ දුක වේදනාව හොදින් දැනෙන තේරුම් ගෙන මිනිස්සුන්ට හිතේ සතුටක් දෙන්න පුලුවන් කැපවුන නායකයෙක් තමයි අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, එතුමාට ඒ කටයුත්ත කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඒ පින් බලෙන් එතුමා මේ රටේ නායකයා බවට පත්වේවා යයි විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් සි පෙරේරා මහතා හොරණ මිල්ලනිය වත්තේ අඩු අදායම්ලාභි නිවාස ව්‍යාපතියක් ජනතාවට පැවරීමේ උත්සවයකදි පැවසීය.

මේ දිනවලදී ආණ්ඩුවේ තැන තැන පැවත්වෙන කාතාවලින් පැහැදිලි වනුයේ සෑම පක්ෂයක් තුලම නායකත්වය සම්බන්ධව සීතල යුද්ධයක් පටන් ගෙන ඇති බවයි. එමෙන්ම අජිත් සි පෙරේරා මහතා මේ වනවිට ශ්‍රිලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉතා කුලුපගව සිටින එජාපයේ අමාත්‍යවරයෙකි.

ජනාධිපතිවරයා මෙන්ම දැඩි රාජපක්ෂ විරෝධීයෙකු වන නියෝජ්‍ය අමාත්‍යවරයා හිටීගමන් අනාගත රටේ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා විය යුතුය පැවසීම හරහා ජනාධිපතිවරයා විසින් පැවසූ ලබන දෙසැම්බර් මාසයේදී සිදුවන දේශපාලන පෙරලිය ගැන ඉගියක් විය හැකිය.හේතුව මීට පෙර මුදල් අමාත්‍ය රවි කරුණානයක එම ධූරයෙන් ඉවත් කරන වගට ද ජනාධිපතිවරයා මුලින්ම ඉගියක් කලේ ශ්‍රිලනිප තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක දීය.

121 views
Main News