අපේ පක්ෂය උගසට තියලා මෛත්‍රී ජනාධිපති කරවූවාට අපි මෙහෙම කරලා මදි.. – එජාපය ගුගුරයි..

December 28, 2016 at 3:50 pm | lanka C news
අපේ පක්ෂය උගසට තියලා මෛත්‍රී ජනාධිපති කරවූවාට අපි මෙහෙම කරලා මදි.. – එජාපය ගුගුරයි..

‘2015 ජනාධිපතිවරණයේ දි මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට අපි එක්සත් ජාතික පක්ෂය උගසට තබා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා කොට ජීවිත පරිත්‍යාගයෙන් වැඩකලා. අද මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමේ මෙහෙය වීමෙන් අගමැතිවරාගේ විසින් යෝජනා කරන ලද විශේෂ සංවර්ධන විධි විධාන පනත පැරදවීමට පලාත් සභාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අපි බලා ගන්නම්’ යයි මධ්‍යම පලාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක චානක අයිලප්පෙරුම අද පලාත් සභාවේ පැවති රැස්විමේ පැවසිය.

අගමැතිවරයාගේ විශේෂ සංවර්ධන විධි විධාන පනත අද මධ්‍යම පලාත් සභාවේ විවාදයට ගත් අතර මන්ත්‍රීවරු 32 ක් පනතට විරුද්ධව ඡන්දය ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

37 views
Main News