අපේ පැරණි ශිෂ්ටාචාරය යලි ඇති කළ යුතුයි… අතිරික්තයක් හදා වෙනත් රටවලට ආදර්ශයක් විය යුතුයි…
June 6, 2022 at 5:30 pm | lanka C news
දේශීය නිෂ්පාදන ආර්ථිකයක අතිරික්තයක් රට තුළ වර්තමානයේ ඇති කළ යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී යදිමිණි ගුණවර්ධන මහතාගේ විමධ්‍යගත අරමුදල් රු. ලක්ෂ, 10 ක් යොදවා කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රී ලලිත් රෝහණ ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණය කළ ගොරකපිටිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පසුවිපරම් නිරීක්ෂණයට එක්වෙමින් .
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉලක්ක කර ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ සඳහා ග්‍රාම නිලධාරී , ගොවිජන නියාමකවරුන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු මහජන නියෝජිතයින් එහි මූලිකත්වය ගනු ඇත.
අපේ පැරණි කෘෂි ශිෂ්ටාචාරය ඇති කළ යුතුයි. අතීතයේ දී ශ්‍රී ලංකාව වෙනත් රටවලට කෘෂිකර්ම නිෂ්පාදනය තුල ආදර්ශමත් රටක් විය. අපේ ගෙවත්ත දේශීය බෝග වගාවෙන් සරු කර ගත යුතුයි . එමෙන්ම සෑම ගෙවත්තකම දේශීය ඖෂධ වර්ග ශාක වගා කිරීමට පෙළඹිය යුතු අතර සෑම තරුණ සහ පාසල් ළමුන් ඊට යොමු කර එම වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා කියා සිටියේ රටේ සංවර්ධනයට දේශපාලන ස්ථාවරත්වය අනිවාර්ය සාධකයක් බවයි. මහජන බදු මුදල් රටේ සංවර්ධනයට යෙදවීමට නිසි නායකත්වයක් අවශ්‍යයි. ඉතිහාසයේ රජවරු ද බදු මුදල් යොදවා වැව් අමුණු නිර්මාණය කළ අතර එහි ප්‍රතිඵල අද භුක්ති විඳින බවයි.
මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න , කැස්බෑව ප්‍රාදේශීය ලේකම් එච්. සෝමරත්න , පොදුජන පෙරමුණේ ගොරකපිටිය ප්‍රදේශයෙහි මහජන නියෝජිත කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රී ලලිත් රෝහණ ලියනගේ මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය.
කසුන් විරතුංග
මාධ්‍ය ප්‍රධානී
කල් වැඩියි තාම.
Me emathi magulak katha karanawa!!
මේ නකියට දැන් මේවා මතක් වෙලා තියෙන්න. අපිනේ මෙච්ර කල් පාර්ලිේන්තුවේ හිටියෙ.
මූ හීනෙන් නැගිටලා, මුන් ඒකතු වෙලා හොර කාල , සහ හොරු ආරක්ෂ කරලා, දැන් මුකුත් දන්නේ නෑ වගේ. අපි තමයි ආණ්ඩු කරලා රට විනාශ කරලා තියෙන්නේ.