අපේ ප‍්‍රතිපත්තියට විරුද්ද අය ශ‍්‍රීලනිපයෙන් ඉදිරිපත් කලොත් අපි විරුද්ද වෙනවා..

February 18, 2020 at 4:40 pm | lanka C news
අපේ ප‍්‍රතිපත්තියට විරුද්ද අය ශ‍්‍රීලනිපයෙන් ඉදිරිපත් කලොත් අපි විරුද්ද වෙනවා..

අපි අදත් කියනවා 2015 ගේම අපි තරග කලා.ඒ තරග කරන්න යද්දීත් මහින්ද රාජපක්ෂ මහත්තයගේ අය මේ ගොල්ලන් හොද නැහැ කිව්වා. අදත් ශ්‍රී ලංකා නිදහස් පක්සයේ අපේ ප්‍රතිපත්තියට නොගැලපෙන  අය ඉදිරිපත් කලොත් අපි ඒකට විරුද්ද වෙනවා යයි අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

අමාතයවරයා මෙම අදහස් පල කර සිටියේ ගොඩකවෙල පැවැති උත්සවයකින් අනතුරුවය. ධර්ම විජය පදනම මගින් දූදරුවන් සදහා පරිගණක බෙදාදීමක්ද සිදුවිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වරයා කියා සිටියේ,

‘රනිල් වික්‍රමසිංහ මහත්තයට රටක් හසුරුවා ගන්න බැරි උනාට පක්සය හොදට කලමනාකරනය කරල හසුරුවාගෙන තියෙනව.ඒ පැත්තෙන් සජිත් පේමදාස මහත්තයට හැරෙන්නවත් බැහැ. එතුමාට කිසිම විදියකට රනිල් වක්‍රමසිංහ මහත්තයගේ පැත්තේ කට්ටිය නම්මගන්න හැකියාවක් ලැබෙන්නේත් නැහැ.

හදවත කිව්වා දැන් හදවත පලුදු වෙලා තියෙනව.හංසයෙක් ගෙනාවා.හංසයා කුඩුවෙලා ගියා පසුගිය ජනාධිපතිවරනය වෙලාවේ. දැන් අලියෙක් ගේනවා.මේ තුනම එකුතු කරල මොකක් හරි එකක් හදාගෙන එන්න කියන්න මේ එක්කොම අය එකතුවෙලාවෙන රටවල බලපෑමත් රඅරගෙන ජනාධිපත් මැතිවරනය ජයග්‍රහණය කරන්න හැදුවා ඒක බැරි උනා. අපිට එදා මරණාදාර සමිතියකවත් බලය නැතිව අපි ප්‍රාදේහීය සභාව ජයග්‍රහනය කරල පෙන්නුව.අපි 69 ලක්ෂයක් ඡන්දය දුන්නා ජනාධිපතිවරයෙක් පත්කර ගන්න.

දැන් සජිත් පාර්හවයයි රනිල් පාර්ශවයයි කියල දෙගොල්ලක් යනවා ඒ නිසා. සජිත් පේමදාස මහත්තයට විපක්ෂ නායක කම පුලුවන්නම් ආරක්සා කරගන්න කියනවා.

අපේ තියෙන ජාතයන්තර සම්බන්ධකම් නැතිවෙලා නැහැ.ඇමරිකාව ඒ ගත්ත තීන්දුවට අපි විරෝධය පාල තියෙනවා.අපි කියල තියෙනව මේ ඒකපාර්හවීය තීන්දු ග්නනේ නැතිව හොයල බලල කටයුතු කරන්න කියල. අවුරුදු 10 කට පෙර වුන සිද්දියක් සම්බන්දයෙන් කිසිම වග විබාගයකින් තොරව  අපේ රටේ හමුදාපති තුමාට ඒ රටේ සංචාරය කරන්න බැහැ කියල තහනමක් පනවලා තියෙනව.මේ අවුරුදු 10ක් තුල කිසිම දෙයක් සම්බන්දයෙන් හොයල බලල නැහැ.

ඇමරිකාව මේ කිසිම දෙයක් පිලිබදව සොයල බලන්නේ නැතිව එක එක්කෙනා කියන දෙයක් ගැන බලල තමයි මේ කටයුතු කරල තියෙන්නේ. රජයක් හැටියට අපි එය හෙලා දැකල තියනව.අපි ඇමරිකාවේ තානාපති තුමියට කරුනු කියල තියනව මේක නිවැරදි කරන්න කියල. මොකද අපේ රටේ හහෙම දෙයක් වෙලා නැහැ කියල අපි සහතික වෙලා කියල තියනව.

ඇමරිකාව මේ අප්‍රසාදය පල කලේ මෛත්‍රීපාල ජනාදිපතිතුමා මෙතුමා පත්කල දවසෙමයි.ඒ අය එදත් කිව්වා අපි මේ ගැන සතුටු නැහැ කියල. ඇමරිකාව පසුගිය කාලයේ අපේ රටේ හමුදාව කෙරෙහි විශ්වාසයක් තියන්නේ නැතිව කටයුතු කලා. අපි රජයක් හැටියට කවුරු තරහ වුනත් අපේ රටේ මේ කරන ලද මානුසශික මෙහෙයුම පළිබදව අපි සෑහීමකට පත්වෙලා තියනව.ඒක කලේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මානව හිමිකම් කඩ කරල නැහැ කියල අපි අදත් හමුදා පතිතුමා වෙනුවෙන් පෙනී සිටින.

අපේ රටේ ජනතාව පැත්තේ ඉදගෙන තමයි අපි මේ ආන්ඩුවක් හදල තියෙන්නේ.කිසිම රටකට දනින් නැවෙන්නේ නැතිව කටයුතු කරනව කියල අපේ ජනාිපත්තුමා ප්‍රකාශ කරල තියනව.අපිට පසුගිය දවස්වල ඉන්දියාව. චීනය හා ලෝකයේ අනෙකුත් රටවල් අපිට සහයෝගය ලබල දෙනව කිව්වා. හැබැයි කාටවත් දනින් නැමිල කාගෙවත් සහයෝගය ගන්න අපේ රට නැමෙන්නේ නැහැ.

අපි අතර කිසිදු ගැටුමක් නැහැ අපි බලාපොරොත්තු වෙනවා අපේ පාර්ලිමේන්තුව තුල 150ක් හදාගන්න පුලුවන් ලේසි ක්‍රමය.එකට තරග කරල ගන්න පුලුවන් ගානයි ඒ දෙගොල්ලක් එක්ක තරග කරල ගන්න පුලුවන් ගානයි එහෙම තරග කරල හොදද කියල. අපි තනියම තරග කරලත් ශ්‍රී ලංකා නිදහස් පක්සය තනියම තරග කරලත්  දැන් අපි ගිහින් ගන්නවාට වඩා වැඩි ආසන සංඛයාවක් ගන්න පුලුවන්නම් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා එහෙ පුලුවන් ප්‍රදේහවල  උපරිම ජයග්‍රහනයක් කරන්න. එහෙම නැත්නම් අපි දෙගොල්ලන් එකට තරග කරනවා.අපි දෙගොල්ලන් අතර කිසිම විරසක බාවයක් නැහැ. වර්තමාන අගමැති තුමත්. හිටපු ජනාදිපති තුමත් මේ සාකච්ඡා කරන්නේ කොහොමද මේ වැඩපිලිවෙල කරගෙන යන්නේ කියල.

– ප්‍රගීත් ජනක

25,612 Viewers

3 Comments to “අපේ ප‍්‍රතිපත්තියට විරුද්ද අය ශ‍්‍රීලනිපයෙන් ඉදිරිපත් කලොත් අපි විරුද්ද වෙනවා..”

  1. MAP Hemachandra says:

    අනාථ වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ‌ෙබෙීරා ගැනීමට ‌වෙන ‌මොනවා කරන්නද? ‌මෙය තමා සුදුසුම තීරණය රාජපක්ෂ වරැන් අරගෙන තිබෙන්නේ.

  2. සාධාරණ මිනිසා says:

    මේ එකතුවීම ජනතාව වෙනුවෙන්ද ?
    තම තමන්ගේ පැවැත්ම ට ද ?
    වහලුන්ට මෙය නොතේරේ ! බලාගෙන ඉඳිමු

Main News