අපේ මන්ත‍්‍රීවරුන් බිලිබා ගන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා.. දැන් ගණුදෙනු කතා කරනවා..

October 3, 2020 at 3:50 pm | lanka C news
අපේ මන්ත‍්‍රීවරුන් බිලිබා ගන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා.. දැන් ගණුදෙනු කතා කරනවා..

විසි වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය දීම සඳහා මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මේ වන විට ඒ සඳහා ගනුදෙනු පවා සාකච්ඡා කරමින් ඇති බවයි.

මෙම සංශෝධනයට විරුද්ධ අධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනු කර ඇති බවත් ඒ ඉතිහාසයේ කෙටුම්පතට විරුද්ධව ගොනු කරන ලද වැඩිම පෙත්සම් ප්‍රමාණය බවත් ඔහු පැවසීය.

දැනටමත් ආණ්ඩුවේ මන්ත‍්‍රිවරුන් 30කට වැඩි ප්‍රමාණයක් මෙම සංශෝධනයට විරුද්දව කටයුතු කරමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

13,189 views

15 Comments to “අපේ මන්ත‍්‍රීවරුන් බිලිබා ගන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා.. දැන් ගණුදෙනු කතා කරනවා..”

  1. RED BULL says:

    රෑට,රෑට ගෙවල්වලට එබිල උන්ව නවත්තගන්න බැරිවෙයිද මද්දුමේ.ඒත් අර පිස්සු අත්තනායක පට්ට පිස්සුවක්නෙ කෙලින්නෙ,අපරාජිත පරාජිත මූණක්.

  2. MD says:

    රනිල් මාසෙට ලක්ෂ 2 දීලා තියාගත්ත කට්ටිය තමයි ඔය ඉන්නේ.ඉතින් මුදල් අඩුපාඩු වෙනකොට ඵවා ඩීල් වෙන ඵකට මොකද කරන්නෙ?

  3. Kandy Whip says:

    According to him Ranil failed to keep his flock together. So he must now say Sajith too is not able to keep his flock together.
    These are Ditta dhmma vediniya karma

  4. 77 UNP says:

    දැන් මෝඩ පුතානන්ගෙ මෝඩ විපක්ෂෙන් ගැලවෙන්න බලන් ඉන්න උන්ට මඩ ගහලා සජබ අමුඩෙ බේරාගන්න බැහැ.

Main News