අපේ යහපාලන ආණ්ඩුව ඕනෑවට වැඩිය ණය ගත්තා..- හිටපු යහපාලන ඇමති එරාන්

October 24, 2021 at 1:20 pm | lanka C news
අපේ යහපාලන ආණ්ඩුව ඕනෑවට වැඩිය ණය ගත්තා..- හිටපු යහපාලන ඇමති එරාන්

“අපේ කාලයෙත් ණය ගත්තා. අපි ඕනෑවට වැඩිය ණය ගත්තා. ඒකට හේතුව තමයි අපි දන්නවා මැතිවරණ දෙකක් එනවා කියලා. ඒ කාලය තුළ වෙළෙඳපොලට යන්න බැරි වෙනවා. එහෙම හිතලා ගත්ත ණය නිසා තමයි අද මේ තියෙන ණය ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ,” පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති ඉරාන් වික්‍රමරත්න, යහපාලන රජයේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයාය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු ශ්‍රී ලංකාවේ බැංකු කීපයක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද තවත් ආයතන කීපයක සභාපතිවරයා ලෙස ද ක්‍රියා කර ඇත.

2019 වසරේ දී කෙටි කලක් ඔහු ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ද ක්‍රියා කර තිබේ.

– සම්පූර්ණ සාකච්චාව මෙතනින්

 

22,035 views

6 Comments to “අපේ යහපාලන ආණ්ඩුව ඕනෑවට වැඩිය ණය ගත්තා..- හිටපු යහපාලන ඇමති එරාන්”

  1. Red Line says:

    රටේ ඩොලර් නැත්තේ ඇයි? 225ට නොතේරෙන,ඔවුන් නොදකින ඇත්ත කතාව මෙන්න.
    ඩොලර් ඉතිරිකර ගැනීමට බටහිර IMF, World Bank අණ ඉදිරියේ වාහන ආනයනය,පොහොර ආනයනය ඇතුළු ආනයනයන් නතර කිරීමට රටට හා ජනතාවට නියෝග නිකුත් කරන අතරම.. IMF WB අණ ඉදිරියේ දණින් වැටී කොන්ද බිඳගෙන ණය වාරික හා පොලී වශයෙන් එම ඉතිරි කරගන්නා ඩොලර් රටින් පිටකරමින් සිටින ආකාරය ත්‍රාසජනක හා ඛේදජනක විහිළුවකි. බටහිර විසින් අප මත පැටවූ අසාධාරණ හා වංචනික ණය ගිවිසුම් හරහා,ජාතියේ ඇට මිදුළු වල උපදින රුධිරය ණය වාරික හා පොලී වශයෙන් උරා බොමින් ඇත.මෙහී ප්‍රථිපලයක් ලෙස ජාතියම ‘ඩොලර් නිරක්තියෙන්’ සුදුමැලිව හිටගන්නටවත් පණ නැති තැනට පත්ව ඇත. ඩ්‍රැකියුලාවන්ගේ මෙම ණය වාරික හා පොලී වශයෙන් ජනතාවගේ රුධිරය කොල්ලකන අපරාධය අද ‌වන තෙක් රටට එලිදරව් කල හෝ ඊට එරෙහිවූ අයෙක් පැවති එකදු විපක්ෂයකවත් හෝ බොරු වාමාංශිකයන් අතරවත් හෝ බොරු දේශමාමකයන් අතරවත් නොවීය.ටයි කෝට්,ජාතික ඇඳුම,සාටක, සුදු හා රතු ඇදගත් මේ මහත්වරුන්ගේ හා නෝනාවරුන්ගේ සරල තර්කය “ගත් ණයක් ගෙවිය යුතුයි” යන්නය.
    මේ අපරාධයට විරුද්ධ වී ඊට එරෙහිව සටන් කර ජාතිය නිරක්තියට පත්කරන “මහා රුධිර මංකොල්ලය” නවතා දමමු

  2. Sinhalaya says:

    Meya iganagena wediya meyawa ape ratata nusudusuya munta pissu damapiya angodata kalakanni hora heththa

  3. Saradiel says:

    මුන්ට තමයි කියන්නේ හොරුන්ගේ හොරු කම්බා හොරු කියා රට කාපු කාලකන්නි තුක් නොදකින්.

  4. Anuradha says:

    ඇත්තටම ඇයි හෝරා කෑවේ නැද්ද? මහා බැංකුවෙන්??

  5. D.Nimal says:

    He has to learn lot more to change in line of thinking of that Development of Economies in locally and globally. They are still advocated by old Liberslaim of which an initial stage of crony Capitalism ..?
    We have to liberated ours People from hegemony of monopoly imperialism system of Old World Order. But we are moving ahead by sustainability Path of Development methodology.

  6. බයියා says:

    ෂා මරු … ණය අරං ණය ගෙව්වා.. ඕන්න යහපාලන ටොයි තියරිය. බීබීසී ඇහුවම මුගේ කටින් බළලා පැනලා. ඇයි ණය අරං ඉන්ධන මිල වැඩි නොකර ණය වලින් බැලන්ස් කිරීම? ටොයියො අදටත් කියන එකම සෙතේ යහපාලනේ ඉන්ඩන වැඩි නොකර එක. උන් දන්නෙ නෑ මුන් පරම්පරා ගානක් ණය වෙන්න ණය අරං ඉන්ධන වලට ගෙව්ව බව. ඉතුරුවායින් භාගයක් හොරා කෑවා. දැන් එකත් ඊළඟ ආණ්ඩුවෙන් ජනතා මුදල්වලින් ගෙවන්න ඕනෙ. මුන් තමා ඒ දවස්වල ඉන්දියන් කාරයොන්ට මෙහේ රස්සා කරන්න දෙන්න දැඟලුවෙත්. දැන් ටොයියන්ට මතක නෑ. මුන්ට තමා තුප්පහි කියන්නෙ. කෝ අර ගවුමා නැද්ද කඩේ යන්න?

Main News