‘අපේ රටට අපේ බෙහෙත්’ බෙහෙත් ඇමැති වැඩ අරඹයි.. අපේ රටේ නිපදවූ ඖෂධ වෙලදපලට.. GMOA රට පුරා නොමිලේ ප‍්‍රවර්ධනයේ..

September 17, 2020 at 8:40 am | lanka C news
‘අපේ රටට අපේ බෙහෙත්’ බෙහෙත් ඇමැති වැඩ අරඹයි.. අපේ රටේ නිපදවූ ඖෂධ වෙලදපලට.. GMOA රට පුරා නොමිලේ ප‍්‍රවර්ධනයේ..

ලංකාව තුළ බටහිර ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩසටහන යටතේ පළමු ඖෂධය රත්මලාන පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනාගාරයේ දී එළි දැක්විණි.

‘ගැබාපෙන්ටින්’ නමින් හඳුන්වන ස්නායු රෝග සඳහා ලබාදෙන වසරකට රුපියල් මිලියන 65 ක් වියදම් කොට ලංකාවට ආනයනය කරන ඖෂධය මෙහි පළමු ඖෂධය ලෙස එළි දැක්විණි .

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඖෂධය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මහතාට භාර දුන් අතර එය අමාත්‍යවරයා විසින් ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ට පිළිගන්වනු ලැබිණි.

අලුත් රටට අලුත් බෙහෙත් වැඩපිළිවෙළ යටතේ මෙම වසර තුළ මසකට එක ඖෂධය බැගින් ද ලබන වසරේ සිට සති දෙකකට වරක් නව ඖෂධයක් බැගින් ද වෙළෙඳ පොළට මුදා හරින බව මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැවසීය.

මෙම වැඩපිළිවෙල සඳහා රට පුරා සිටින තම සියලු සාමාජිකත්වයේ සහයෝගය ලබාදෙන බවත් දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ ප්‍රචලිත කිරීම සඳහා සියළු වෛද්‍යවරු එක්ව සහාය ලබාදෙන බව ද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

– repoter

37,722 views

8 Comments to “‘අපේ රටට අපේ බෙහෙත්’ බෙහෙත් ඇමැති වැඩ අරඹයි.. අපේ රටේ නිපදවූ ඖෂධ වෙලදපලට.. GMOA රට පුරා නොමිලේ ප‍්‍රවර්ධනයේ..”

  1. ගෝමරයා says:

    ඉතාම හොඳ සුසංයෝගයක් . මෙය ඉදිරියට යනු දැකීම අපේ බලාපොරොත්තුවයි. රාජිතගේ ගෝලයෝ ටිකට *** කටු අනිනවා වගේ, කටු අනිනවා වගේ ඇති.

  2. siri says:

    Suwapathige thol sudumali wela, minisunge sapaya suluwen thakanna baha, ledugen gasakapuwata padisandenawa.

  3. Don sarath rupasiri says:

    ඉතා වැදගත් වැඩක්. රාජිත සේනාරත්න පිස්සු කෙලියි දැන්.

    • Susantha says:

      Ane gono, Rajitha thamai oka patan gaththe nathiwa mun awilla maasa dekai oya tharam ikmanata beheth hadanna, eka aappa puchchanawaa wage wadak kiyalaa hithuwada

  4. RED BULL says:

    දැන් කෝ බෙල්ලන බෙල්ලෙ වැල දාගත්තද​?කිඹුල් වලේ වෙදාගෙ ගෝලයො තාමත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙ ඉන්නව නම් පරිස්සම් වෙන්න ඕන​.උන් වයිරස් වපුරන්න පුලුවන්.

  5. R premadasa says:

    Get our pharma importing guys to start manufacturing here.
    Dilith jayaweera can do a good job since he owns George Steuarts Company

  6. අපේ රට says:

    වියතුන්ගේ එක්විමක්,එකකට දෙකකට නොව ජාතියටම පනදෙන්න ඉදිරියට කරගෙන යන්න. GMOA වෛද්‍යවරැන් හරහා මෙම දේශිය බෙහෙත් ප්‍රචලිත කරන්න

Leave a Comment

Main News