අපේ රෙදි ගැලවීම සක්කරයාගේ පුතා වයිමාටවත් නවත්වන්න බෑ.. යහපාලන කදවුර කුඩු පට්ටම් වී විනාශ විය යුතුයි.. එය ඓතිහාසික උවමනාවක්.. – නිර්මාල්
December 12, 2017 at 10:46 pm | lanka C news
ජෝන් අමරතුංගලා නිසා ද අපේ රෙදි ගැලවීම වැලැක්වීමට සක්කරයාගේ පුතා වයිමාටවත් නොහැකි බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
මේ බව සදහන් කරමින් ඔහු සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.
රාජපක්ෂ ආණ්ඩුව විනිෂ්චය කළ යුත්තේ මර්වින් සිල්වලාගෙන් නොවූවද මේ ආණ්ඩුව ජෝන් අමරතුංගලාගෙන් විනිෂ්චය කළ යුතුයි.
මර්වින් සිල්වලා නිසා නාමල් උඩලමත්තලාගේ රෙදි ගැලවෙන්නට හේතුවක් නැතත්, (රනිල් වික්‍රමසිංහලා නිසා පමණක් නොව) ජෝන් අමරතුංගලා නිසා ද අපේ රෙදි ගැලවීම වැලැක්වීමට සක්කරයාගේ පුතා වයිමාටවත් නොහැක.
මේ දවස්වල මම කැමතිම දේ තමයි ජනවාරි 8 ට පෙර මා ද අයත් වූ ගොත්‍රයේ සාමාජිකයින් තොග ගණනින් මට ප්‍රහාර එල්ල කිරීම.
එහි තීව්‍රතාවය තව තවත් වැඩි විය යුතුය. ජනවාරි 8 කදුවුර යලි ගොඩනැගිය නොහැකි ආකාරයෙන් විනාශ වී යා යුතුය.
එය ඓතිහාසික අවශ්‍යතාවයකි.
දේශපාලන කදවුරු හැදීම වගේ ම සමහර විට ඊටත් වඩා ඒවා විනාශ කිරීම දේශපාලන වශයෙන් වැදගත්
– Nirmal Dewasiri FB
මේ මහතා ගේ ෆේස්බුක් වෙබ් පිටුවට ගොස් බැලූ විට මට පෙනුනේ, ඒ මහතා තම ෆේස්බුක් පිටුවේ ඉහලින්ම “ජවිපෙ ට කඩේ යමු!” යනුවෙන් විශාල බැනරයක් ප්‍රදර්ශනය කර ඇති බවයි. එය මේ පලාත් පාලන ඡන්දය වෙනු වෙන් විය හැක. ජවිපෙ ට දෙන දෙයක් අන්තිමේ දී ලැබෙන්නේ රනිල් ට බව මේ මහතා දන්නේ නැති ද? යම් දෙයක් රනිල් ට දීමට අවශ්‍ය නම්, ඒ දේ කෙලින් ම රනිල් ට නොදී, ජවිපෙ හරහා රනිල් ට දීම, තම වාමාංශික පිරුවට ය බේරා ගැනීමේ මගක් යැයි, ඒ මහතා කල්පනා කරනවා ද? මේ මහතා වැනි, වම දකුණ මාරු වූ වම්මුන් කීප දෙනෙකු ගේ සහයෝගය ආණ්ඩුවට එකතු කර දීම හැර, මේ මොහොතේ ජවිපෙ විසින් කරනු ලබන අන් කාර්යභාරයක් නොමැති බව, මේ මහතා නොදන්නේ ද? මේ මහතාට මේ කිසිවන් වැටහෙන්නේ නැතිනම්, එවැනි කෙනෙකු විසින් පළ කරනු ලබන අදහස්, අන් අය විසින් බැරෑරුම් ව බාර ගත යුත්තේ ඇයි?
මම හිතන්නේ ඉහත මතු කරන කාරණාව වැදගත්. මේ මහත්තයා එක පැත්තකින් කියනවා ජනවාරි 8 ට විරුද්ධ වෙමු කියලා. අනෙක් පැත්තෙන් කියනවා ජවිපෙ ට කඩේ යමු කියලා.
ජවිපෙ කියන්නේ, ජනවාරි අටේ හවුල් කාර පාර්ශවයක් ය, අදට ත්, ජනවාරි 8 ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වුනු පක්ෂයක් ය, ඒ වෙනු වෙන් තම ඇඳිවත උනා දැමීමට උනත් සූදානම් කට්ටියක් ය (උදා:- ඡන්ද කල් දැමීමේ පණතට තුනෙන් දෙකක් උවමනා වූ විට ආණ්ඩුව සමග ඡන්දය දීම) කියන එක මේ මහත්තයා ඇත්තටම දන්නේ නැති ද? තම ජනවාරි 8 විරෝධය සහ තම ජවිපෙ හිතවාදී ස්ථාවරය අතර පරස්පරය පැහැදිලි කිරීමට මේ මහත්තයා කටයුතු නොකරන්නේ නම්, මේ මහත්තයා ගේ දේශපාලනයේ අරමුණ ජවිපෙ ව්‍යාජ ආණ්ඩුවිරෝධී වෙස්මුහුණ රැක ගැනීම සඳහා ජවිපෙ ට උදව් කිරීම ය කියලා ජනතාවට නිගමනය කරන්න සිදු වෙනවා.
JVP ekata kade yama ada dawasata niyamitha wedak. oyala kade yanne Mahindata hitagenada ?
මේ මෝඩයා සිතා ඉන්නේ යහපාලනය විනාශ වී ගෝඨා යටතේ 2020 දී “එ්කාධිපති” රාජ්‍යයක් බිහිවූ විට උගේ මොංගල් සමාජවාදී දේශපාලන දර්ශනය ජයග්‍රහණය කිරීම සඳහා වටපිටාවක් රටේ ගොඩනැගෙන බවත් ඒ නිසා ජනතාව ඒකාධිපති පාලනයට විරුද්ධවී නිර්මාල්ගේ හිතේ ඇති සමාජවාදී රාජ්‍යය විප්ලවකාරී ලෙස බිහිවන බවත්.
මෙයාගේ ගොබ්බ කම ගැන ඊට වඩා අටුවා ටීකා අවශ්‍ය නැත. ෆේස්බුක් එක මහපොලොව යැයි සිතා සිටින නිවට අඥාන ගොබ්බයෙකුගෙන් තවත් ඵලක් තිබේද ? නලින් ද සිල්වා දැන් මානසික රෝගයකින් පෙලෙන්නාක් මෙන් හැසිරුනත් මේ නිර්මාල්ට වඩා කොන්දක් ඇති නියම දේශපාලන ක්රියාකාරිකයෙකි
නිර්මාල් රංජිත් දේවසිරි විසින් මේ මෑතකදී ජනතාවට යෝජනා කර තිබුනේ අපට අවශ්‍ය ලිබරල්වාදීත් නොවන, ජාතිකවාදීත් නොවන, මාක්ස්වාදීත් නොවන විකල්ප දේශපාලන මාවතක් බවයි. එමගින් ඔහු (නොකියා) කියන්නේ අප ලිබරල් වාදය, ජාතික වාදය සහ මාර්ක්ස්වාදය අතහැර නිර්මාල්වාදය තෝරාගත යුතු බවයි. එහෙත් ජනතාව තේරුම් ගත යුත්තේ නිර්මාල්වාදයේ සිට මුල්ලේරියාවට ඇත්තේ ඉතා කෙටි දුරක් බවයි.
ඇත්තටම දැන් අපි මේ වගේ මිනිසුන්ව හොද තැනක් හදලා කන්න, බොන්න හැම දේම දීල රැක බලා ගන්න ඕන.