අපේ වැඩ අගය කරන්න.. බොරු කියන්න එපා..- තිස්ස විතාරනට ඇමති රාජිත දන්වයි..

March 23, 2017 at 8:02 am | lanka C news
අපේ වැඩ අගය කරන්න.. බොරු කියන්න එපා..- තිස්ස විතාරනට ඇමති රාජිත දන්වයි..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඩෙංගු මදුරු කීට පරීක්ෂණ සදහා පුහුණුව ලැබූ කීට විද්‍යාඥයින් අනුයුක්ත කර නොමැති බවට ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කර ඇති ප්‍රකාශය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රතික්ෂේප කරයි.

ත්‍රිකුණාමලය සහ කින්නියා ප්‍රදේශවලට පුහුණුව ලැබූ කීට විද්‍යාඥයින් දෙදෙනෙකු අනුයුක්ත කර ඇති අතර, සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන් 10 ක් අනුයුක්ත කර තිබෙි. කොළඹ කීටවිද්‍යා පුහුණු පාසලේ පුහුණුව ලබන සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන් ද අවශ්‍යතාවය මත කින්නියා ප්‍රදේශයට යොමු කරනු ලබයි. කීටවිද්‍යා පරීක්ෂණවලට අනුව නිවාස 100 ක් පරීක්ෂා කිරීමෙි දී (බිටෝ දර්ශකයට අනුව) ඩෙංගු මදුරු කීටයින් හමුවන නිවාස සංඛ්‍යාව අද (22) වනවිට සියයට 30 සිට සියයට 10 දක්වා අඩු වී ඇති බව කීටවිද්‍යා පාසලේ විදුහල්පති නජිත් සුමනසේන මහතා ප්‍රකාශ කරයි. ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සෘඡු අධික්ෂණය යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ආරම්භ කළ මදුරු මර්දන වැඩසටහන් හේතුවෙනි. තවද අතිරේක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 40 ක් ද කින්නියා ප්‍රදේශයට ගොස් නිවාස, පාසල් සහ අනෙකුත් පරිශ්‍ර පරීක්ෂා කිරීමෙි කටයුතුවල නිරතව සිටිති.

එවැනි තත්ත්වයක් යටතේ කීට විද්‍යාඥයින් කින්නියා ප්‍රදේශයට ගොස් නැති බවට මහාචාර්ය තිස්ස විතාරණ මහතා කරනු ලබන ප්‍රකාශය අසත්‍ය ජනතාව නොමග යවන ප්‍රකාශයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම නිසා අසත්‍ය ප්‍රකාශ නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සේවා වැඩසටහන් අගය කරන ලෙසත් මෙහි දී දේශපාලන වාසි ලබා නොගන්නා ලෙසත් ලංකා සමසමාජ පක්ෂ නායකයාගෙන් තමන් ඉල්ලා සිටින බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views

2 Comments to “අපේ වැඩ අගය කරන්න.. බොරු කියන්න එපා..- තිස්ස විතාරනට ඇමති රාජිත දන්වයි..”

  1. YAMA DUTHA says:

    KALA PAU PTISANDENAWA NIYATHI. KIYAPU BORU VACHALA BAS VALATA DEVASAPA VADILA EVARY

  2. Ranil says:

    I simply cannot understand why Lanka c news is always publishing the media releases of the Health ministry. This is not a lake house publication so why do you always give room to what this ship thief has to say. I know this comment may not published but it is saddening to see this website is also becoming a mouthpiece of traitors like hora datha.

Main News