අපේ වැරදි ප්‍රතිපත්ති නිසා සිංගප්පූරුව රජවුණා. නැගෙනහිර පර්යන්තය විදෙස් ආයෝජකයෙකුට දිය යුතුමයි…

January 21, 2021 at 3:50 pm | lanka C news
අපේ වැරදි ප්‍රතිපත්ති නිසා සිංගප්පූරුව රජවුණා. නැගෙනහිර පර්යන්තය විදෙස් ආයෝජකයෙකුට දිය යුතුමයි…

ශ්‍රී ලංකාවේ වැරදි ප්‍රතිපත්ති නිසා සිංගප්පූරුව රජවූ බවත් ඉදිරියේදී ඉන්දියානු සාගර කළාපයේ ඇතිවන දැඩි නාවික තරගයට මුහුණදීම සඳහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් ආයෝජකයෙකුට ලබාදිය යුතු බවත් නාවික ක්ෂේත්‍රයේ වසර 30 කට අධික කාලයක අත්දැකීම් ඇති එම ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන රොහාන් මාසකෝරාළ මහතා අවධාරණය කරයි.

අතීතයේ සිටම දේශපාලකයින් මෙරට ජනතාව රවටා ඡන්ද ගොඩ වැඩිකර ගැනීම ගැන හිතුවා මිසක රටේ ඉදිරිගමන ගැන නොසිතූ බවත් ඒ තුළින් වර්ග කිලෝමීටර් 600 ක් තරම් කුඩා සිංගප්පූරුව ලෝකයේ නාවික කේන්ද්‍රස්ථානයක් දක්වා සංවර්ධනය වූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

Sri Lanka business tv YouTube නාලිකාව සමග පැවැත්වූ එම සම්පූර්ණ සාකච්ඡාව මෙන්න.

83,829 views

32 Comments to “අපේ වැරදි ප්‍රතිපත්ති නිසා සිංගප්පූරුව රජවුණා. නැගෙනහිර පර්යන්තය විදෙස් ආයෝජකයෙකුට දිය යුතුමයි…”

  1. chamee says:

    This is totally true, for example our government has only terminal is JAYA Terminal, and we have sold other terminals in Colombo port such as CICT and SAGT, you can see how many staffs working in JCT when compare to other terminals but most of the containers are handling by other terminals because of their good management. Since our terminals are handling by political parties and over staff no any profits come to sri lanka.

  2. දම් රැජින ස් ලයින් says:

    ලොක්කා ඔයා වැඩකරන ආයතනය ටත් ලැජ්ජයි ඔයා ඔය කියන කතාවට යකො මුන් ඔක්කොම විකුනන් කන නියායේ හාල් පාරැවොනේ,

  3. Elakiri says:

    Your scenario doesn’t work here in Sri Lanka because here all corrupted from down to up…Sri Lanka never going to be like Singapore or better.. sad to say but thats the truth.

  4. Nirosha says:

    ethakota singapore port eka manage karanne private company ekakkda? natthan anduwenda?

  5. Love nature says:

    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    අගනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
    පවරා සිංහ රාජය ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දේමු හොටලයකට

  6. Heman. says:

    Methana thiyenne profit gana prshnayak noweraye arakshawa gana.rata ithiri unoth passe hari diunu wenna puluwan.

    • රටෙ එකා says:

      මොකක්ද බං ඒ හරුපේ? වරායක ජැටියක් පෞද්ගලික ආය්තනයකට දුන්නට ආරක්ශාව ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? ආරක්ශාව හැම විටම තියෙන්නේ රාජ්ය සතුව. මේ වගේ හිතුමනාපෙට ඔලුවට එන දේ නැතුව හරි තර්ක එක්ක කතා කරානම් වැඩේ ලේසියි. නැත්නම් මේ ජැටිය හදන්න වෙන්නේ තව අවුරුදු 20ක් ගිහින්.

  7. Love nature says:

    සිංගප්පුරුව කියන්නේ කිසිම ස්වාභාවික සම්පතක් නැති පුංචි රටක්.

  8. රටෙ එකා says:

    පර්යන්තයේ අයිතිය 100%ක් වරාය අධිකාරියට තිබිය යුතුයි කියන එක අන්තවාදී කතාවක්. උදාහරනෙකට ටෙලිකොම් එකේ ආණ්ඩුවට තියෙන්නේ 51%යි. නරකක් වෙලා නෑනේ. ඕක 100%ක් ආණ්ඩුවට තිබුන කාලේ ගෙදරට ටෙලිෆෝන් එකක් ගන්න අවුරුදු ගානක් පෝලිමේ ඉන්න ඕනෙ.

    එකම ප්‍රශ්නේ චීනෙට හම්බන්තොට දුන්නනම් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඕනෙ කියන තර්කය පිලිගන්න බෑ. අපි කරන්න ඕනෙ විවුර්ථ ටෙන්ඩර් එකකට යන එක. ඉන්දියාවට අව්ශ්යනම් අනිත් ආයතන පරද්දලා ටෙන්ඩර් එක ගන්න කියන්න.

  9. වයි දිස් කොලවෙරි says:

    ඉතින් මචන්ලා දැනටමත් ලන්කාවෙ වරායවල් වලින් වැඩි කොටසක් අයිති ලන්කාවේ ආන්ඩුවට නොවේ, ආයෝජකයින් ට. ඉතින් ඒ ආයෝජකයින් ඔය කියන ලාබ ගෙනල්ල තියෙනවද?

    ඔවුන් දැනටමත් විශාල ලාබ ගේනවා නම්, කොලබ වරායේ නැගෙනහිර ජැටිය විතරක් ආන්ඩුව තියා ගත්තා කියලා ලොකු අවුලක් වෙන්නෙ නෑනේ.

    ඔවුන් විශාල ලාබ ගේන්නේ නැත්නම්, ජැගෙනහිර ජැටිය දුන්න කියලත් හම්බ වෙන ලාබයක් නෑ.

    • abc says:

      පර්යන්ත 3න් 2ක් පුද්ගලික අයෝජකයෝ සතුව තියෙනවා. ඒ දෙක නිසා නෙවේද කොලබ වරාය ලෝකෙ හොදම වරායන් 25 අතර තියෙන්නේ? අපි හොදම වරායන් 10 අතරට එන්නනම් පුද්ගලික අයෝජකයෝ අවශ්ය නැද්ද? මම කියන්නෙ අඩානි අවශ්ය නෑ. ඒ උනාට අඩානි නැතුව වෙන සමාගමක් ආවොත් ඒකටත් අපේ එවුන් විරුද්ද වෙනවා නේද?

  10. GAMINI SENANAYAKE says:

    A dollar crow.

Main News