අපේ සමුපකාර ඡන්දය වගේ 2016 බිහිකළ අලුත් පක්ෂය ප්‍රංශ පාර්ලිමේන්තුවේ අති බහුතර බලය දිනයි.. පැරණි පක්ෂ හාන්සියි.. ආසන 577 න් 430 ක් දිනයි..
June 12, 2017 at 10:09 pm | lanka C news
ප්‍රංශයේ පාර්ලිමේන්තුව මහා මැතිවරණය ඊයේ අවසන් වු අතර අලුතින් බිහිවූ නව පක්ෂයක් සියලු පැරණි පක්ෂ පරදවා අති මහත් බහුතරයක් සමගින් ජයග්‍රහණය කොට ඇත. මෙය ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඇති පහළ ආසන සංඛ්‍යාව 577 න් 430ක් එම නව පක්ෂය දිනා ගැනිමෙනි.
ප්‍රංශයේ හිටපු ජනාධිපති ෆැන්කොවොයිස් ඔලොන්ඩෝ ගේ රජයේ සිටි ආර්ථික හා මුදල් අමාත්‍යව සිටි එමැනුවේල් මාර්කොන් එරට සමාජවාදි පක්ෂයෙන් 2016 වසරේ දි ඉවත්ව නව ස්වාධීන පක්ෂයක් 2016 වසරේ දිම ගොඩනගා ගත්හ. ඒ අනුව ඔහුට පසුගිය ද ප්‍රංශයේ ජනාධිපති වීමට හැකිවූයේ පැරණි පක්ෂවලින් ඉදිරිපත් කල සියලුම පක්ෂ නායකයින් පරාජය කරමිනි.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් ප්‍රංශයේ තිබු සියලුම පැරැණි පක්ෂ පරදවා පාර්ලිමේන්තුවේ අති බහුතර බලයක් ලබා ගැනීමට පසුගිය සතියේදී පැවති ප්‍රංශ පාර්ලිමේන්තුව මැතිවරණයේ දි අවුරුද්දකටත් වඩා අඩු වයසැති නව පක්ෂය හැකිවීය. මේ තුලින් නව දේශපාලන ප්රවනතාවයක් ලෝකයේ බිහිවීමට පටන්ගෙන ඇත.