අපේ සහාය ඔ්නෑ නම් අපේ ලගට එනු.. ඉල්ලීම් 13 පිලිගනු..- දෙමල සන්ධානය ජනාධිපති අපේක්ෂකයන්ට කියයි..
October 25, 2019 at 4:40 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම සහාය අවශ්‍යදැයි අපේක්ෂකයන් සමග බලහත්කාරයෙන් සාකච්ඡා පවත්වන්නේ නැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
අපේක්ෂකයෙකුට තම සහාය අවශ්‍ය නම් තමනට සාකච්ඡා සඳහා ආරාධනා කළ යුතු යැයි ද එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා සඳහන් කරයි.
දැනට තම සන්ධානය විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 13 ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙකුට ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් මේ මස 31 වෙනිදාට පෙර තම ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවද ඔහු සඳහන් කළේය.
13 role karala ..ke gaha ganna kiyanna Wimalta wath berida?