අපේ සහාය දෙන්නේ වතුකරයට විශ්ව විද්‍යාලයක්.. දෙමල ජන අනුපාතයට ග‍්‍රාම සේවා වසම්.. දෙන පක්‍ෂයකටයි..- CWC

July 5, 2019 at 8:02 am | lanka C news
අපේ සහාය දෙන්නේ වතුකරයට විශ්ව විද්‍යාලයක්.. දෙමල ජන අනුපාතයට ග‍්‍රාම සේවා වසම්.. දෙන පක්‍ෂයකටයි..- CWC

ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ වලදි ඉන්දිය සම්භවයක් ඇති ජනතාවගේ ඉල්ලිම් ලබා දිමට එකග වන ඕනැම ප්‍රධාන  දේශාපන පක්ෂයකට හෝ සන්ධානයකට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද (03) කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි  මාධ්‍යය හමුවක් පවත්වමින් පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් මධ්‍යම පලාත් සභාවේ හිටපු පලාත් සභා මන්ත්‍රිනි අනුෂා සිවරාජා මහත්මිය , ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති මධ්‍යම පලාත් සභා හිටපු පලාත් සභා  මන්ත්‍රි කනපති කනගරාජ් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ උපදෙස් මත මෙම මාධ්‍යය හමුව පැවැත්විය.

මෙම මාධ්‍යය හමුවේදි කරුණු ඉදිරිපත් කල එම පක්ෂයේ මහ ලේකම් අනුෂා සිවරාජ් මහත්මිය කියා සිටියේ තම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ (02)  හැටන් කොටගලදි එක්රැස් වි ඉන්දිය සම්භවයක් ඇති ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කරුණු 30 ක් ඉදිරිපත් කර  අනුමත කරගත් බවයි.

වතුකරයට විශ්ව විද්‍යාලයක් , රාජ්‍යය සේවය පවතින පුරප්පාඩුවලට වතුකරයේ සුදුසුකම් සපුරා තිබෙන තරුණ තරුණියන් බදවා ගැනිම , වතු රෝහල් රජයට පවරා ගැනිම , දික්ඔය මුලික රෝහල රේකිය අමාත්‍යංශයට පවරාගෙන එම රෝහල තුල සෞඛ්‍යය පුහුණු පාසලක් ආරම්භ කිරිම , නුවරඑලිය දිස්ත්‍රික්කය තුල  ප්‍රාදේශිය ලේකම් කාර්යයාල 12 දක්වා වැඩි කිරිම , ඉන්දිය සම්භවයක් ඇති ජනතාවගේ ජනගහනය අනුපාතය අනුව ග්‍රාමසේවා වසම් වැඩි කිරිම විම ,වතු කම්කරුවන් දැනට වගා කටයුතු වල නියැලි සිටින ඉඩම් වලට හිමිකම් ඔප්පු එම වතු කම්කරුවන්ටම ලබාදිම ඇතුළු කරුණු 30 කින් සමන්විත ලිපියක් මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම කරුණු 30 එකගතාවය පල කරන ඕනැම ප්‍රධාන දේශපාලන පක්ෂයක් සමග ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණයකට තම පක්ෂයේ පුර්ණ සහයෝගය ලබා දිමට එකගතාවය පල කරන බවයි එම පක්ෂයේ උප සභාපති කනපති කනගරාජ් මහතා කියා සිටියි.

මෙම මාධ්‍ය හමුවේදි මේරට තුල  මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට වාම පිලිබදව මාධ්‍යය වේදින් කරුණු විමසිමේදි ලංකා කම්කරු කොන්ග්‍රසය කියා සිටියේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් තම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාකච්ඡා කල බවත්, මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සුදුසුද සුදුසු නැද්ද යන්න පිලිබදව ඉදිරියේදි තම පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට කරන බවද කනපති කනගරාජ් මහාත පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

48 views

11 Comments to “අපේ සහාය දෙන්නේ වතුකරයට විශ්ව විද්‍යාලයක්.. දෙමල ජන අනුපාතයට ග‍්‍රාම සේවා වසම්.. දෙන පක්‍ෂයකටයි..- CWC”

  1. Gayantha says:

    අවුරුදු ගනන් ඇමතිකම් කරලා දැන් තමයි මතක් වෙන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න. මේ වගේ ජාතීන් ආගම් පදනම් කරගත්ත පක්ශ අතුගාලා දාන්න ඔන. රට වනසන්නේ මේ පක්ශ තමයි එක එක කොටස් ඉල්ලලා. ඉස්සර ඔය තම්ම්බි පක්ශ ආපු ගමන් ඉල්ලන්නේ වරාය මොකද ඒක සල්ලි ආකරයක් නිසා. ඒ රැල්ල නැවත්තුවේ මහින්ද මහත්තයාගේ ප්‍රභල ආන්ඩුව.අයෙත් මේ රටට ඕන සුලු පක්ශ නැති එවෙනි ආන්ඩු. හැබයි කිසිම වෙලාවක සුලු පක්ශ ලන් කරගන්න නරකයි

Main News