අප‍්‍රකට ගල් ලෙනක් සිරිපා අඩවියෙන් හමුවේ.. 250කට රැස්විය හැකියි..

March 5, 2017 at 5:30 pm | lanka C news
අප‍්‍රකට ගල් ලෙනක් සිරිපා අඩවියෙන් හමුවේ.. 250කට රැස්විය හැකියි..

රත්නපුර ශ‍්‍රීපාද අඩවියේ පිහිටි අප‍්‍රසිද්ද ගල් ලෙනක් සොයා ගත්තේ යයි රත්නපුර විදුලි කාර්මික සංගමය කියයි.

එම ගල් ලෙන තුල අවම වශයෙන් පුද්ගලයන් 250කට එකවර රැස්වීමට හැකි බවත් දැනට භාවනායෝගීව සිටින භික්ෂූන් වහන්සේලා කීප නමක් එහි වැඩ වෙසෙන බවත් ඔවුහු කියති.

ලෙන තුළින් වසර ගණනකට පෙර දොළ මාර්ගයක් කළු ගග තෙක් ගලා ගොස් ඇති බවට සළකුණු අදටත් දැකගත හැකි බවත් සංගමය කියයි.

255 views
Main News