අප්‍රිකානු දැවැන්ත පරාජයෙන් පසු ක්‍රිඩකයින් කිහිපදෙනක් අතුරුදහන්.. නායකත්වයෙන් මැතිව්ස් ඉවතට.. ක්‍රිකට් පෙරලියක්..
January 17, 2017 at 10:40 am | lanka C news
දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරඟාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල තවත් විස්සයි 20 තරග 3 කට සහ එක්දින තරඟ 5 කට මුහුණ දීමට නියමිතය.
ඉන් අනතුරුව විස්සයි 20 තරඟ 3 ක් සඳහා ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.
පවතින තත්ත්වය අනුව ඉදිරි තරඟවල දී පවා ශ්‍රී ලංකා පිලේ දස්කම් ගැන විශ්වාසයක් තැබීම අපහසු වී තිබෙන පසුබිමක මෙම සංචාරයෙන් අනතුරුව පැවැත්වෙන ශ්‍රී ලංකා පිළේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වේ.
මේ අනුව සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපති ධූරයෙන් සහ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර කණ්ඩායමේ පුහුණුකරුවන් වන ග්රැහැම් ෆෝඩ් හා නික් පොතාස්ගේ ප්‍රතිඵල පිළිබඳව ද මේ වන විට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. විශාල මුදලක් ගෙවා මොවුන් තබා ගැනීමෙන් ලැබූ ප්‍රතිඵල මොනවාදැයි යන ප්රශ්නය මේ වන විට පැන නැඟී ඇත.
තවද කණ්ඩායම තේරීමේ දී මැතිව්ස් විසින් කරන ඇතැම් කටයුතු හේතුවෙන් ක්‍රීඩකයින් ගණනාවකගේම අනාගතය තර්ජනයකට මුහුණ දී ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි .
පළමු ටෙස්ට් තරඟයේ අංක 3 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ කුසල් ජනිත් ගේ අසාර්ථකත්වයෙන් පසු ඔහු වෙනුවට ආදේශ කළ උපුල් තරංග අංක 3 පිතිකරුවා ලෙස නොයොදවා අංක 7 පිතිකරු ලෙස යොදා ගැනීම ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බව විචාරකයින්ගේ අදහස වී තිබේ.
එහිදී කුසල් මෙන්ඩිස් අංක 3 හා ධනංජය සිල්වා අංක 4 ස්ථානවල ක්‍රීඩා කරවීමෙන් මෙම ක්‍රීඩකයින් තිදෙනාගේම ක්‍රිකට් අනාගතය අනතුරේ හෙළීමට මැතිව්ස් පියවර ගෙන ඇත. ඒ කිසිවකුත් අදාළ ස්ථානවල සාර්ථක නොවූ බැවිනි.
එමෙන්ම විස්සයි 20 තරඟ සඳහා ප්‍රහාරාත්මක පිතිකරුවන් වන කුසල් ජනිත් හෝ චාමර කපුගෙදර නම් නොකිරීම ද මේ වන විට මතභේදයට තුඩු දී තිබේ. තවද තුන් ඉරියව්වේ දක්ෂයෙකු වන දසුන් ශානකද මේ වන විට ආගිය අතක් නොමැති අතර පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේ දී, එම සමයේ දකුණු අප්‍රිකානු සංවර්ධන පිලක් සමග දකුණු අප්‍රිකාවේ දී සාර්ථක ලෙස ක්‍රීඩා කරමින් සිටිය දී ශ්‍රී ලංකාවට ගෙන් වූ අමිල අපෝන්සු ද අතුරුදහන් වී ඇත.
එමෙන්ම ඕස්ට්‍රේලියානු එක්දින සංචාරයේ දී කණ්ඩායමට හදිසියේ කැඳවූ අවිශ්ක ප්‍රනාන්දුට යළිත් වරක් 19 න් පහළ කණ්ඩායම දක්වා පසුබසින්නට සිදුව තිබේ.
– Adaderana
මැතිව්ස් NAM ELAWANNAMAI THIYENNE
This fellow is a selfish idiot. He is neither a good bowler nor a stroke maker. He is a “waladda”. Crab ministers made him captain to chase our darling Dil Scoop. Its high time to give him works. Chase that bloody basted. Till then this Josapian will not watch cricket.
Mathews ,,pls go home…..you destroyed sri lanka cricket..
Please arrange additional 20M Per Cricketer Because not enough to live they family
Mendis and Dhananjaya should have played with more patience as they did during the Australia tour. Promoting them up the batting line is better for them. The fault lies with the useless openers we seem to have.
I can’t understand why we do not build a stadium in Nuwara Eliya and practice before going on tours to England, SA and NZ.
I have being thinking on the same line for a long time. The middle of the race course is ideal. Wonder why they do not construct grass pitches in cold climate and then send the team for matches after practicing in that climate.
There is Avery good ground at Radella.it can be developed very easily.
We can use Radella cricket ground…its very close to nuwara eliya.
Yes Mathews is very adamant fellow. So he should be expelled from the leadership.TM Dilshan also had bad remarks on him.
Yako e dewiyan wahansege kamaththa. thopi balan hitu…
මැතිව්ස් අසාර්ථ නායකයා එයා නුදුටු දෙවියන් වහාන්සේට බාරදෙනවා සෙල්ලම් කරන්න
sack the mathews as a captain and give it to chandi or fair and aggresive player immediately
MAthiws සල්ලි වලට මයිලෝ පානය කිරීමට ළමයින් පොළඹවනවා
මුන් දන්නේ පපුවට කුරුස කතිරය ගහන්න විතරයි, ,යක්කුනෙ අත් දෙක ඉඹලා බෝලයට වැදපිය, සමහර විට උඩබලයි. ඇයි බොල කිරිකෙට් ගහන්න උඩ දෙයියො ඇවිල්ල, බෝලෙ ලඟට දානවද බොල , බොරු සෝබනේ තමයි, දෙයියෙක් ඕනද බොල කිරිකෙට් ගහන්න,
මාලින්ග නුඹ හරි, බෝලයට වැඳ තමයි ඔබගෙ ක්‍රියාව පටන් ගන්නෙ.