අප‍්‍රිකාව පරදමින් ලංකාවට දැවැන්ත ජයක්.. තරගාවලිය වේලාසනම දිනයි.. 12 වසරක වාර්තාවත් බිදී..

July 23, 2018 at 2:10 pm | lanka C news
අප‍්‍රිකාව පරදමින් ලංකාවට දැවැන්ත ජයක්.. තරගාවලිය වේලාසනම දිනයි.. 12 වසරක වාර්තාවත් බිදී..

සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ‍්‍රී ලංකාව ලකුණු 199ක දැවැන්ත ජයග‍්‍රහණයක් අත්කර ගත්තේය.

සිය දෙවැනි ඉනිමේදී ලකුණු 490ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප‍්‍රිකානු පිල පන්දුවාර 86.5කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 290ක් පමණි.

ඒ අනුව තරගාවලි 2-0ක් ලෙස ශ‍්‍රී ලංකාව විසින් ජයගෙන තිබේ.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව ශ‍්‍රී ලංකාව විසින් ටෙස්ට් තරගාවලියක් ජයගනු ලැබුවේ වසර 12කට පසුය.

තරගයේ ලකුණු පුවරුව මෙතනින්

28 views