අප‍්‍රිකාව පැරදු සතුටට සුරංග ලක්මාල් අමු කුණුහරුපෙන් ක‍්‍රිකට් පරිපාලනය අමතයි.. සමාජ ජාලාවලින් කුණු බැණුම්.. රූපවාහිනී ‘බීප්’ යොදා රටටම පෙන්වයි..[Video]

February 17, 2019 at 10:44 pm | lanka C news
අප‍්‍රිකාව පැරදු සතුටට සුරංග ලක්මාල් අමු කුණුහරුපෙන් ක‍්‍රිකට් පරිපාලනය අමතයි.. සමාජ ජාලාවලින් කුණු බැණුම්.. රූපවාහිනී ‘බීප්’ යොදා රටටම පෙන්වයි..[Video]

දකුණු අප‍්‍රිකාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සිය විවේකාගාරයේ සිට බියර් හෝ ඒ වැනි යමක් පානය කරන අතරතුරදී නිකුත් කරන ලද වීඩියෝවකට සමාජ ජාලාවන්හි විරෝධය එල් වෙයි.

තරග කිහිපයකට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වයද දෙන ලද සුරංග ලක්මාල් එම වීඩියෝවේදී අසභ්‍ය වචන කියමින් ක‍්‍රිකට් පරිපාලනයට චෝදනා කරනු දක්නට ලැබින.

දේශීය රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා එය විකාශණය කරන ලද්දේ ලක්මාල් කුණුහරුප කියන අවස්ථාව ‘බීප්-බීප්’ නාදයක් යොදා කපා දමමිනි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ අදාල වීඩියෝව මුදා හැරීම හා එහි ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කරනු ඇති බවයි.

257 views
Main News