අප ඔබ සමගයි.. කොරෝනාවෙන් පසු ආර්ථික පුනරුදයට අත දෙන්න අප සූදානම්..- චීන ජනපතිගේ නියෝජිතයා ජනපති හමු වී කියයි..

April 30, 2020 at 6:26 am | lanka C news
අප ඔබ සමගයි.. කොරෝනාවෙන් පසු ආර්ථික පුනරුදයට  අත දෙන්න අප සූදානම්..- චීන ජනපතිගේ නියෝජිතයා ජනපති හමු වී කියයි..

“ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”, ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා 29 සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ පැවසීය.

ජනාධිපතිතුමා සමග සුහද සාකච්ඡාවක නිරත වූ වැඩබලන තානාපතිවරයා චීන කියමනක් උපුටා දක්වමින් “සැබෑ මිත්‍රත්වය සැපතේදීත්, විපතේදීත් එකට සිටීමයි” සඳහන් කළේය. ශ්‍රී ලංකාව තම රට අරබයා අනුගමනය කළ එකී පිළිවෙත ගැන තම රජයත්, ජනතාවත් කෘතඥවන බව ඔහු පැවසීය. එබැවින් ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග ජය ගැනීම සඳහා උපකාර කිරීම චීනයේ අපේක්ෂාව බව වෙයි මහතා අවධාරණය කළේය.

පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමට චීන මධ්‍යම ආණ්ඩුවේ සහයෝගය මෙන්ම එරට ප්‍රධාන පෙළේ සමාගම් සහ බැංකුවල ද සහභාගීත්වය ලැබෙනු ඇතැයි හූ වෙයි මහතා සඳහන් කළේය.

රබර් – සහල් ගිවිසුම සමයේ සිට චීනය ශ්‍රී ලංකාවට දුන් සහයෝගය සිහිපත් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගැටුම පැවති අවධියේත්, ගැටුම නිමාවී ආර්ථික සංවර්ධනය ආරම්භ කළ විටත් චිනයෙන් ඉමහත් සහයෝගයක් ලැබිණැයි කීය.

කොවිඩ්-19 වසංගතය ගෝලීය ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බෙහෙවින් හානිකර ප්‍රතිඵල උදාකර ඇතැයි පැවසූ ජනාධිපතිතුමා විදේශ විනිමය ආදායම් විශාල ලෙස පහත වැටීම ප්‍රධාන ගැටලුවක් බව පැවසීය.

ලෝක ආර්ථිකය අඩාලවීම නිසා ඇගළුම් කර්මාන්තයෙන් සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම අහිමි වී ගොසිනි. ආර්ථික පසුබැසීම යථා තත්ත්වයට පත්වීමට තව කල් ගතවිය හැකිය. ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් මත පදනම් වූ නව සංවර්ධන මාදිලියක් අනුගමනය කිරීමට සැලසුම් කර ඇතැයි කී ජනාධිපතිතුමා එය සාර්ථක කර ගැනීමට මිතුරු රටවල උදව් අපේක්ෂා කරන බව පැවසීය.

“අපේ එකම අපේක්ෂාව ණය හෝ මූල්‍යාධාර ලබා ගැනීම නොවේ. නිෂ්පාදන වර්ධනයට දායක වන අයුරින් ආයෝජන ගෙන්වා ගැනීම ප්‍රධාන ඉලක්කයක්. කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය වැනි අංශ ගණනාවක විදේශ ආයෝජනයට හිතකර ඉඩ ප්‍රස්ථා බහුලයි. ඉන් ප්‍රයෝජන ගන්නා ලෙස චීනය ඇතුළු රටවලට ආරාධනා කරනවා”, ජනාධිපතිතුමා සඳහන් කළේය.

කොවිඩ් 19 ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන වැඩබලන චීන තානාපතිවරයා කළ විමසුමට පිළිතුරු දුන් ජනාධිපතිතුමා සමස්තයක් ලෙස ගත් කළ රෝග ව්‍යාප්තිය පාලනය වී ඇතැයි පැවසීය. ගත වූ දෙතුන් දින තුළ රෝගීන් සංඛ්‍යාවේ හදිසි වැඩිවීමට හේතු පැහැදිළි කළ එතුමා ඉන් පාඩම් උගෙන නිසි පිළියම් යෙදීමට පියවර ගත් බව සඳහන් කළේය.

“ජනාධිපතිතුමනි අප ඔබ සමගයි” වැඩබලන චීන තානාපතිවරයා සුහද කථා බහ අවසානයේ දී පැවසීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානි ලූඕ මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

124 views

50 Comments to “අප ඔබ සමගයි.. කොරෝනාවෙන් පසු ආර්ථික පුනරුදයට අත දෙන්න අප සූදානම්..- චීන ජනපතිගේ නියෝජිතයා ජනපති හමු වී කියයි..”

  1. GU-VP GNIKAWO says:

    GU-VP API me adara denawata wiruddai, GU-VP API kamati
    Rarata Kela-wenawanam.

    Etakota APITA uda pana-pana kari talk danna puluwan – API POLITICAL PROSTITUTE la nisa gewanne $$$$ walin………….. Punchi ammapa!

  2. Sun says:

    Those who are in politics change from human to animal nature after seen the power and money . It is happening especially in poor countries thinking that money can solve all the problems without understanding the meaning of life. Those who cannot understand it continue their life in the world matching their greediness.

  3. Niru says:

    Even though there are many Chinese people working here and also many Chinese tourists they did not bring the virus to spread the disease to us. It came from the west first through western tourists and those who returned from trips to west.
    This perhaps show the virus strain is more virulent than that in China. In other words western behavior led to mutations of the virus that are more lethal. Trump and company should have looked at why this is so rather than blaming China.
    Together we can build a better world and hence Chinese friends are more important to us than any.

  4. වෙබ් බුවා says:

    බටහිර රටවල් මෙන් නොව චීනය අපේ උදව් අවශ්‍යම අවස්ථාවෙ අත හිත දුන් මිතුරු රටක්

    • nimal says:

      polee mudalalith udaw karanne nedda?

    • nimalsiri says:

      eththada debbuwa,ehenam pokuru pitin sinhala politicianslata kiyaapanko cheeneta gihilla unge onvata wediye
      thiyena corona,covid 19,david 20,aadee vyrus tikakuth aran ennai kiyala.umbalaata salli vitharakda cheenen one
      ehema cheene denne neheban.onenam ona deyak hebei 50%vyrusuth ekkai kiyala kiyaapiya.

  5. Sun says:

    We can some how control corona as doctors are involved in the program. The worst is the Drug business as the government is keeping closed eye policy on that. We can see the number of drug addicts in the young community. This is a big problem but all are keeping eyes shut and talking other things. Now the situation is terrible and we have to pay attention and introduce tough laws to control that . As the big business fellows are in the drug business and the government is keeping closed eye policy on that it is hard to control. Very soon this is going to be a Phillipine where the drug loads were controlling the system at one stage my dear friends.

  6. Maha Kalu Sinhalaya says:

    It is generating some collective protest all around the world against China according to their non responsible behaviour in this pandemic. In the vicinity of such situation these kinds of things are how fruitful for the future of Sri Lanka. We embrace them in a situation like the entire world reject them. We allow them to come in our premises entire world block Chinese to enter their borders.
    As far as concerned this is not fruitful to Sri Lanka as China being the Shilock every times…
    So better not get anything from China…

  7. Lankan says:

    yes we can build this country,because we have talented bunch of people in Sri Lanka. So do it now or never. No need to go begging to any other countries. So PRESIDENT u are the man who can take this plan forward.

  8. Denis Beeson says:

    They are the real friends of Sri Lanka. Instead of insisting and forcing to get it done what they want they scratch their hand to help us to stand. Even we are small country China never turn their back on us.
    China we are with you and love you.

  9. Denis Beeson says:

    They are the real friends of Sri Lanka. Instead of insisting and forcing to get it done what they want they scratch their hand to help us to stand. Even we are small country China never turn their back on us.
    China we are with you and love you. Our president is one of a great Hero. We love our President too

  10. Sinhalayek says:

    Apima weeriyen apeama gamanak giyanam thamai Honda mea udaunea eyata awasthawakmai apita China badu neathiwa apeama nishpadana geana Dean nositha aaa ayage aawata Ida dunnoth…..

    • nimalsiri says:

      ado sinhalayek(suruttuwek)umba hithana deval umbata heenenwath koraganna beriwei.mokada sinhalaya heen
      enuth hithanne,sulu jaathikayaage vasthuwai,sallee,aadiya hoorakaal,puluwannam ema minihawath marala ham
      bavuna dewalin hondata kasippu beela innatai.ithin yako mona own production ekakda?

Main News